
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුකි හෙසන්යා රාජපක්ෂ වන්නිආරච්චි සිසුවිය ‘පුංචි කුරුලු පවුල’ නමින් ළමා කතා පොතක් රචනා කර තිබේ. නියඟය නිසා කුරුලු පවුලක් මුහුණ දෙන ඉරණම හා නියඟය නිසා විඳින දුක් පීඩා සෙනුකි අනුකම්පාව හා කරුණාව මුසුකර ගනිමින් ළමා සිත් ඇද ගන්නා අන්දමේ ලස්සන කතාවක් ලෙසින් මේ කෘතියෙන් ඉදිරිපත් කරයි.
පරිසරය හා පරිසරයේ සිදුවන ක්‍රියාකාරකම් සෙනුකි මේ කෘතියෙන් විස්තර කරන්නේ කුඩා සිත්වලට සමීපවන අන්දමිනි.