
සතුන්ට හිරිහැර කිසිවිට නොම කරමු
සොරකම හැමවිට නොකර ඉමු
දුසිරිත් දුරුකර හොඳ දිවියක් පතමු
හොඳ සිරිතට අනුව අපි සැම හැඩගැසෙමු
කිසිවකු හටත් වංචා බොරු නොකර ඉමු
මතින් මිදී සතුටින් දිවි රැකගනිමු
නිරතුරු පන්සිල් පද පහ සුරකිමු
බොදු දරුවන් වී රටට වැඩක් වෙමු
ගුරු දෙගුරුන් හට නිති ගරු කරමු
වැඩිහිටියන්ට කීකරු වී ඉමු
අවංකවී නිවැරදි දේ පිළිගනිමු
යහපත් දරුවන් ලෙස අපි ඉඳිමු
කේ.එම්. මෙත්මිණි පියුමි කුමාරසිංහ
7 ශ්‍රේණිය ‘ඊ’,
මලියදේව බාලිකා විද්‍යාලය,
කුරුණෑගල.