
රත්පාටින් දිලිසෙන
ඇයි ඔබ ඔය ගස උඩ
බිමට එන්න හනිකට
රස බලන්න ආසයි මට
ගෙඩිය පුරා කටු කටු
අතට ගන්න බය හිතෙයි
රැගෙන පලා හතර අතට
රස බලනෙමි අපූරුවට
සුවඳ පිරුණ කටු ගෙඩියේ
මදුළු රසයයි පැණි බිඳුසේ
කන්න හිතෙයි සිත රිසි සේ
හරිම රසයි ඖෂධ සේ
මොවිඳු ලෝචන
11 ශ්‍රේණිය,
ක්‍රිස්තු දේව පිරිමි විදුහල,
බද්දේගම.