
ඉකුත් නිවාඩුවේ මා හට සොබා දහමේ අපූරු දායාදයක් වන පිටවල පතන නැරැඹීමට අවස්ථාවක් උදාවිය. මෙය මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ. පිටවල පතන දික් පතන ලෙස ද හඳුන්වයි. එහි කඳුලැස්ස, නිල් මොනරැස්ස, වටැස්ස වැනි මාංස භක්ෂක ශාක ඇතුළු ආවේණික ශාක වර්ග රැසක් දක්නට ලැබේ.
පිටවල පතනට ගියවිට මානිගල, තුන්තිස්ගල, ගොම්බානිය, කිරිගල්පොත්ත ආදී අහස සිඹින කඳු වැටි රැසක් දැකගත හැකි ය.
පිටවල පතනට ගිය විට අපට පුංචිලෝකාන්තය ද දැකගත හැකි විය. පිටවල පතන නැරඹීමට දේශීය හා විදේශීය සංචාරකයෝ බහුලව පැමිණෙති. අපි එහි ගොස් ඇඹුල් පේර මිලදී ගත්තෙමු. ඒවා ඉතා රසවත් මෙන් ම ගුණදායක පලතුරකි.
කේ.ඒ. ඉෂිණි උදාරා කණහැරආරච්චි
7 ශ්‍රේණිය ‘ඊ’,
පුෂ්පදාන බාලිකා විද්‍යාලය,
මහනුවර.