
උන්නේ එදා වනයට වී ඇත් රජුනේ
දළ දෙක නිසා වැනසෙන්නට වුණේ අනේ
එදා උන්නු තේජස දැන් කොයිද අනේ
ඇයිදෝ මිය ගියේ වනයේ ඇත් රජුනේ
වන දෙව්ලිය හඬයි පුරවා කඳුළු නෙතේ
මහමේරුව පවා නැතිදෝ සලිත වුණේ
සක් දෙවිඳුනේ ඇයි මැරුමට ඉඩ දුන්නේ
පඬුපුල් ආසනේ නැතිදෝ උණු වන්නේ
තාලෙට පාතබා කරඬුව වඩමන්නේ
කන්දෙක සොලවලා පෙරහර සරසන්නේ
මළකුණු නොකා දලු කොළ කෑ නිරිඳුන්නේ
නිවන් පුරේ යන්නයි මම පින් දෙන්නේ
ආර්. එම්. කවීන් සචින්ත රත්නායක
7ශ්‍රේණිය ‘බී’,
ශාස්ත්‍රාරවින්ද පිරිවෙන් විද්‍යායතනය,
පොල්ගොල්ල.