
සිල් සුවඳයි සිත පුරාම අපගේ අත් තම්මේ
මල් සුවඳයි ගෙය පුරාම ඔබගේ අත් තම්මේ
මා සිත මැවෙනවා ඔබෙ රුව මාගේ අත් තම්මේ
අප හැරදා යන්න ගියේ ඇයිදෝ අත් තම්මේ
ගහේ ඉද්දමල් තනිවම වැලපෙන්නේ
බණ ඇසූ ගුවන් විදුලිය මලකඩ කන්නේ
සිල් රෙදි ටික අල්මාරියෙ ළතැවෙන්නේ
මල් ආසනේ දැන් සුවඳින් නොපිරෙන්නේ
ඔබ හැදු බුදුකුටිය පන්සලේ බැබළෙන්නේ
ඔබේ පිං පොතේ පිටු නම් නෑ පෙරළෙන්නේ
අග හිඟ ඉල්ලමින් ආ අය නෑ එන්නේ
ඔබ කියූ කතා කීමට කවුරුත් නැහැනේ
කවීන් සචින්ත රත්නායක
7 ශ්‍රේණිය B,
ශාස්ත්රාරවින්ද්ර විද්‍යායතන පිරිවෙන,
පොල්ගොල්ල, ගොකරැල්ල.