රූ කළු­වර | Page 2 | සිළුමිණ

රූ කළු­වර

හිරු කුමරා මුහුදු කුසේ සැඟවී යනවා
උදේ පිපුණු ලස්සන මල් මුකු­ලිත වෙනවා
අත්තම්මා පහන තියා බුදුන් වඳි­නවා
සැන්දෑවේ මිහි­රි­යාව හිතට දැනෙ­නවා
සඳ කුම­රිය ගුවන් තලය එකලු කර­නවා
පුංචි පුංචි රන්වන් තරු මල් දිලි­සෙ­නවා
කඩු­පුල් මල් වික­සිත වී සුවඳ හම­නවා
රෑ කළු­වර අගෙයි කියලා මටත් හිතෙ­නවා

කේ.එම්. මෙත්මිණි පියුමි කුමා­ර­සිංහ
7 ශ්‍රේණිය ඊ,
මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය,
කුරු­ණෑ­ගල

Comments