
හිරු කුමරා මුහුදු කුසේ සැඟවී යනවා
උදේ පිපුණු ලස්සන මල් මුකුලිත වෙනවා
අත්තම්මා පහන තියා බුදුන් වඳිනවා
සැන්දෑවේ මිහිරියාව හිතට දැනෙනවා
සඳ කුමරිය ගුවන් තලය එකලු කරනවා
පුංචි පුංචි රන්වන් තරු මල් දිලිසෙනවා
කඩුපුල් මල් විකසිත වී සුවඳ හමනවා
රෑ කළුවර අගෙයි කියලා මටත් හිතෙනවා
කේ.එම්. මෙත්මිණි පියුමි කුමාරසිංහ
7 ශ්‍රේණිය ඊ,
මලියදේව බාලිකා විද්‍යාලය,
කුරුණෑගල