මින්නේරි හත් රජ්ජු­රුවෝ... | Page 2 | සිළුමිණ

මින්නේරි හත් රජ්ජු­රුවෝ...

ශ්‍රී ලංකා­ද්වී­පයේ රජ කළ ගෝඨා­භය රජුගේ පුත්රු­වන වන මහ­සෙන් රජ­තුමා ක්‍රි.ව. 236 දී ජෙට්ඨ­තිස්ස රජු­ගෙන් පසු රජ විය. පසුව සංඝ­මිත්‍ර භික්ෂු­වගේ උප­දෙස් මත මහා විහා­රය විනාශ කළ බව මහා­වං­ශයේ කියැවේ. එතු­මාගේ ක්‍රියා කලා­පය වැරදි යැයි වැටහී පසුව ථේර­වා­දය පිළි­බ­ඳව පැහැදී ජේත­වන විහා­රය ආදී විහාර රැසක් කර­විය ඇත. තවද රට සහ­ලින් ස්වයං­පෝ­ෂණ කිරීම සඳහා “මින්නේරි, මාගල්ල, කවු­ඩුළු, මාමි­ණි­යාව, මහ­ගල් කඩ­වල, හුළු­ගල්ල, කාල­පා­සාන, නීරා­මුල්ල (කිඹු­ල්වාන වැව)” ආදී වැව් දහ­සක් ඉදි කළ අතර පබ්බ­තන්ත ඇළ ඇතුළු ඇළ මාර්ග රැසක් ඉදි කර පැවති ඇළ මාර්ග දිගු කළේය. මෙතුමා රටට ජන­තා­වට කළ අප­රි­මිත මෙහෙය නිසා­වෙන් “මින්නේරි දෙවි­යන්, මහ­සෙන් දෙවි­යන්, හත් රජ්ජුරු බණ්ඩාර” දෙවි­යන් යනාදී ගෞරව නාම­ය­න්ගෙන් ලාංකික ගැමි ජන­තාව අතින් පිදුම් ලබයි.

මා ජීව­ත්වන දිද්දෙ­ණිය නම් සොඳුරු ග්‍රාමයේ ද හත් රජ්ජුරු බණ්ඩාර හෙවත් මහ­සෙන් දෙවි­යන් වෙනු­වෙන් පුද පුජා පැවැ­ත් වේ.

මගේ මේ ගම් පියස ද අනු­ර­පුර යුගය දක්වා ඉති­හා­ස­යක් ඇති ඉපැ­රණි ගමකි. මගේ ගම් ප්‍රදේ­ශය ඓති­හා­සික වශ­යෙන් සුවි­ශේෂී වැද­ග­ත්ක­මක් උසු­ලයි. ගමට නිරත දෙසින් මහ­සෙන් ර‍ජු විසින් ඉදි කරන ලද සාගයෙ පරයා යන කිඹු­ල්වානා වැව පිහිටා ඇත. ගම මධ්‍ය­ය­යෙහි රජ සමයේ ඉදි කරන ලද කඳ දොවො­ලකි. පුරා­ණයේ මෙහි ශිව දෙවි­යන් අදහා ඇති බවට සාක්ෂි හමු වී තිබේ.

වර්ත­මා­නයේ කඳ සුරි­ඳුන් පිදීම මෙන් ම බණ්ඩාර දෙවි­වරු හත්ක­ට්ටු­වක් උදෙසා ද වාර්ෂි­කව දේවා­ලයේ මංග­ල්‍යය පහක් පැවැත්වේ. එහි සුවි­ශේෂී මංග­ල්‍ය­යක් වන නානු­මුර මංග­ල්‍යය, කිරි ඉසීමේ මංග­ල්‍යය, ගල් මංග­ල්‍යය යනු­වෙන් හඳු­න්වන එකම දිනයේ පව­ත්වන මංග­ල්‍යය ත්‍රිත්ව­යකි.

කිරි ඉසීමේ මංග­ල්‍යය හත් රජ්ජු­රු­වන් හෙවත් මින්නේරි දෙවි­යන් හා ගලේ දෙවි­යන් අර­මුණු කර­ගෙන පැවැත් වෙන්නකි. මංග­ල්‍යය දිනයේ සියලු දේවා­භ­රණ නානු­මුර කිරී­මෙන් පිරි­සිදු කළ (ඖෂ­ධීය නානු­ව­ලින් පිරි­සිදු කිරීම) පසුව මින්නේරි හත් රජ්ජු­රු­වන් ආරූඪ කරවා දේවාල මළු­වෙහි ළිප් සතක් බැඳ කිරි උතු­ර­වයි. මෙම කිරි මුට්ටි­ව­ලට පොල් කිරි­ව­ලට අම­ත­රව එළ­කිරි ද දමනු ලැබේ. කිරි මුට්ටි­ව­ලට පොල් කිරි­ව­ලට අම­ත­රව එළ­කිරි ද දමනු ලැබේ. කිරි මුට්ටි සතෙන් මැද මුට්ටිය මින්නේරි හත් රජ්ජු­රු­වන්ට අයත් වන අතර සෙසු මුට්ටි සය සෙසු බණ්ඩාර දෙවි­ව­රුන් සය දෙනා වෙනු­වෙනි.

හත් රජ්ජු­රු­වන් මුල් කර­ග­නි­මින් ගැමි­යන් විසින් සිදු කරන මෙම මංග­ල්‍ය­යෙන් ගම බත බුල­තින් සරු වී සශ්‍රී­ක­ත්වය උදා වන බව ගැමි විශ්වා­සය යි. දරුණු ලෙඩක් සෑදුණු අව­ස්ථා­ව­ලදී මින්නේරි හත් රජ්ජු­රු­වන් ආරූඪ කරවා අතින් පිස ලෙඩ සුව කර ඇත. අදත් ඇතැම් අව­ස්ථා­ව­ලදී එසේ සිදු කෙරේ.

ඩබ්ලිව්. කේ. එම්. ප්‍රසාදී සන්දීපා
වර්ණ­කු­ල­සූ­රිය.
12 ශ්‍රේණිය ‘ඒ’,
මලි­ය­දේව බාලිකා විද්‍යා­ලය,
කුරු­ණැ­ගල.

Comments