පොත් කිය­වීමේ අගය | Page 3 | සිළුමිණ

පොත් කිය­වීමේ අගය

චීනයේ නග­ර­යක කුඩා ගෙද­රක අහිං­සක ළම­යෙක් හිටියා. ඔහු ඉතාම දුප්පත්. ඉගෙ­නී­මට ආශා කළත් පොත­පත මිලදී ගැනී­මට ඔහුට මුද­ලක් තිබුණේ නැහැ.

එහෙත් මේ ළමයා පොත පත ඉතා­මත් අමා­රු­වෙන් සොයා­ගෙන දවල් කාලය පුරාම පොත් කියෙව්වා.

ඒත් ඔහුට රාත්‍රියේ පොත් කිය­වන්න බැහැ. දව­සක් ඔහුට කදිම අද­හ­සක් ඇති වුණා. එනම් රාත්‍රියේ පහන් දල්වා තිබුණු අල්ලපු ගෙදර බිත්තියේ කුඩා සිදු­රක් හාරා ඒ බිත්තියේ සිදු­රෙන් තමන්ගේ කාම­ර­යට වැටුණු එළි­යෙන් පොත් කිය­වී­මට පටන් ගත්තා.

ඉන්පසු දව­සක මේ ළම­යාට ආරං­චි­යක් ලැබුණා. මොකක්ද මේ ආරං­චිය? ළඟ ගෙද­රක ඉඩම් හිමි අය­කුගේ ගෙදර පොත්ව­ලින් පිරුණු කාම­ර­යක් තිබෙන බවයි. උග­ත්ක­මක් නොතිබූ මේ මිනි­සාට පොත් කිය­වන්න අකුරු නොදත් බව මේ ළම­යාට දැන ගැනී­මට ලැබුණා. “මට හොඳ අව­ස්ථා­වක්, මේ අව­ස්ථා­වෙන් ප්‍රයෝ­ජ­න­යට ගන්න ඕනෑ කියා ළමයා කල්පනා කළා.

මේ ළමයා ඉතා ඉක්ම­නින් තමන්ට පොර­ව­න්නට තිබූ පුලුන් පිර වූ පොරෝ­නය ද ඔතා ගෙන ඉඩම් හිමියා ළඟට ගියා. ළමයා ඉඩම් හිමි­යා­ගෙන් ඉල්ලී­මක් කළා “ මම මෙහෙ ති‍යෙන වැඩ කර­න්නම්. මට මුදල් එපා. මට පොත් කිය­වන්න දෙන්න” කියලා. ඉතින් මේ ළම­යාගේ ඉල්ලී­මට ඉඩම් හිමියා පුදුම වුණා. පසුව ඉඩම් හිමියා කීවා “ඔයාට ඕන තරම් පොත් කිය­වන්න පුළු­වන්. මම ඒකට අක­මැති නෑ කියලා.

ඉතින් මේ ළමයා ඒ ගෙදර වැඩ­පළ සියල්ල ම ඉවර කරලා රාත්‍රී කාලයේ පොත් කිය­වී­මට පටන් ගත්තා. ටික කාල­ය­කින් මේ ළමයා රටේ ප්‍රසිද්ධ උග­තෙක් වුණා.

උත්සා­හ­යෙන් පොත් කිය­වී­මෙන් ලැබූ උග­ත්කම නිසාම තරුණ වියේ­දීම ඒ රටේ “හන් යූ වැන්” නම් අධි­රා­ජයා ඔහුගේ ඇමැති මණ්ඩ­ල­යට ඇම­ති­ව­ර­යකු වශ­යෙන් මේ තරු­ණයා පත් කර ගත්තා.

මේ තර­ණයා ඇමති මණ්ඩ­ල­යට එක්වී­මට අව­ස්ථාව ලැබුණේ කිය­වීමේ අගය නිසයි. ඉගෙ­නීමේ අගය කියා දීමට චීනයේ දෙමා­පියෝ තමන්ගේ දූ දරු­වන්ට මේ කතාව කියා දෙති.

චීන ජන­ක­ථා­වක් ඇසු­රෙනි.

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යා­ලය,
කොළඹ 8.

 

Comments