අපේ මායියා දොහොත් මුදුනෙ තියාගන ටීවී පෙට්ටියට වඳිනවා. මං බැලුව කව්ද ඉන්නෙ කියල. හිටපු ජඩාදිපති සමාවන්න. ජනාදිපති පෙන්නනව වද්ද? එබිල බැලුව ටීවී පෙට්ටියට. දෙයි හාන්දුරුවනේ.!අර අර බළ සේනා උන්නාන්සෙ බන්දනාගාර රතේට වඩම්මනවා. අපේ මායිය ඔය හිටපු එක්කෙනා ඇර වෙන කාව හරි දැක්කම වයිං උනා නම් උන්නාන්සෙ විතරයි ආයිබොවන්ඩ. ඉතින් බන්දනාගාර ගතවෙන එකට සාදු කියන එක අදහන්ඩ බෑ ආයිබොවන්ඩ.
"ඇයි යෝදියෙ සාදු කියන්නෙ?"
"උදේ ඉඳල රෑ වෙනකං හුජ්ජ බොන එවුන්ට අගේ නැති වුණාට අපි සිවුරට ගරු කරනවා"
දැනුයි ආයිබොවන්ඩ තේරුණේ. උන්දැ නමස්කාර කොරනවා.
"යකඩො ඔය වාහනේ මොකද්ද කියල දන්නොවද?"
"උන්නාන්සෙ වැඩම කොරන වාහනේ නේද?
"ඔච්චර දිග එකක්? පොලිස්සියත් එක්ක?"
"උන්නාන්සෙ රට ජාතිය බේරගන්ඩ ආපු උත්තයො හන්ද ඉස්සර ඉඳලම පොලිස් හමුදා මහත්තුරුත් ආරස්සාවට ගියානෙ. දේසද්රෝහීන් ගෙන් බේරෙන්ඩ."
"යකඩො ඇස් ඇරල බලපං. ඕක බන්දනාගාර රතේ"
"සාදු සාදු. ඒ කියන්නෙ හිර කාරයන්ට බණ කියන්ඩ වඩිනව නේද? සාදු සාදු..."
"නෑ යෝදියෙ. හිරේට යන්නෙ. හය මාසෙකට අච්චු කොරලා..උසාවිය ඇතුළෙ පිස්සු නැටුව කියලා."
"හද්දෙයියනේ. මුන්ට හෙණ ගහන්ඩ එපායැ."
මායියා පපුවෙ අද්දෙක ගහගත්තා. කිව්වහම මොකද ආයිබොවන්ඩ මයෙ පපුව හෝස් ගාලා පත්තු.ද හපඩංගුවෙ යන බල්ල කියල බැන්නත් මයෙ එකම එක මායිය නෙවැ.
"උඹ නාඩං ළමයො. උන්නාන්සෙ ටික දොහකින් ආපහු වඩී." මං ඔළුව අතගෑවා.
"ජනාදිපති තුමා නිදහස දෙනවද?"
"අරයා හිටියනං දෙයි. වෙන විදියකිං එළියට වඩින්නේ."
"ඒ කොහොමද?"
"උන්නාන්සෙ දවල්ට ලොකු අයිය වාගෙ හිටියට රෑට බාවනා කොරනවා"
"ඉතින්?"
"ඉතිං දැනටත් මාර්ග පල ලබන්ඩ කිට්ටුව ඉන්නෙ. තව ඕන්නං අඟල් තුන හතරක් ඇති."
"ඉතිං.?"
"හිරේදි දවල්ට බරපතළ වැඩ කොරලා රෑට බාවනා කොරලා මාර්ගපල ලබනවා"
"ඊට පස්සෙ?"
"ඊට පස්සෙ. පුළුවන්නම් අල්ලපියව්. අල්ලයි මගෙ බෙට්ට කියාගන එර්දියෙන් ආපහු වඩිනවා."
"සාදු. සාදු. සාදු."
අපේ මායිය 16 කල්ලිය වාගෙ අන්දමන්ද වෙලා ඉද්දි සාදු කීවෙ කවුදැයි බැලුවා. බැලිඤ්ඤං අර හොර ගෙඩියා .නිමලෙ.
- බණ්ඩා