‘අපේ රටේ ඉන්නේ ටීවී බල බලා ඉන්න ජනතාවක්’
‘අපේ රටේ ඉන්නේ ෆේස්බුක් බල බලා ඉන්න ජනතාවක්’
‘අපේ රටේ ඉන්නේ ගෙවල්වලට මුලු ගැහිලා ඉන්න ජනතාවක්’
‘අපේ රටේ ඉන්නේ කිසිම නිර්මාණ ශක්තියක් නැති ජනතාවක්’
‘මේ වගේ කතා ඔක්කොම බොරු කියන එක වෙසක් කාලේ දී වැටහුණා’
‘මේ වගේ කතාවල කිසිමතේරුමක් නැති බව අවුරුදු කාලේ දී තේරුණා’
‘‘වෙසක් කාලේ කවුරුවත් හැන්ඳෑ වෙන කොට ටීවී බැලූවේ නෑ’
‘වෙසක් කුඩු පත්තු කෙරුවා. පහන් පත්තු කෙරුවා. බකට් පත්තු කෙරුවා. සැරසිලි කළා’
‘තමන්ගේගෙවල් විතරක් නෙමෙයි ගමත් සැරසුවා’
‘පාරවල් සැරසුවා’
‘තමන්ගේ ගෙදර ගම සරසලා ඊටපස්සේ රටේ වෙසක් බලන්න ගියා’
‘වෙච්චර ලස්සන මෙච්චර හොඳ රටක් ලෝකේ කොහේවත් නෑ කියන විශ්වාසෙන් තමයි වෙසක් කාලේ මිනිස්සු හැසිරුණේ. වැඩකළේ’
‘හැමෝම දන්සල් පෝලිම්වල හිටියේ ආඩම්බරෙන්’
‘වැඩියෙන්ම තිබුණේ මඤ්ඤොක්කා දන්සල් ද මන්දා’
‘මං කාපු රසම කොච්චි සම්බෝලේ කෑවෙත් මඤ්ඤොක්කා දන්සලක දී’
‘අයිස්ක්‍රීම් දන්සැල් වැඩි එකනම් ප්‍රශ්නයක්’
‘කිරිපිටි බොන එක සම්පූර්ණයෙන් ම අතෑරලා ඉඳ හිටලා වෙසක් කාලේ දී විතරක් අයිස්ක‍්‍රීම් එකක් කන එකට විතරක් කිරිපිටි භාවිතය සීමා වෙනවා නම් මැතිවරණ පණහකින් විසඳන්න බැරි ප්‍රශ්න එක රැයින් විසඳන්න පුළුවන්’
‘මැතිවරණවලින් රටේ ප්‍රශ්න විසඳා ගන්න හදන එක මේ රටේ එක මෝඩකමක්’
’උදාහරණ විදිහට පෝෂණයක් නැති කිරිපිටි අතාරින්න මැතිවරණ දේශපාලන පක්ෂ ඕනෑ නෑ’
’අපේ රටේ ඉන්නේ කිසිම නිර්මාණශීලීත්වයක් නැති මිනිස්සු’
’ඒ කතාවත් වෙසක් එකේ දි බොරු වුණා’
’වෙසක් කූඩුවල වෙසක් තොරණවල නිවිනිවී දැල්වුණේ අනුපමේය ශ්‍රද්ධාව විතරක් නෙමෙයි නිර්මාණ ශීලීත්වයත්’
’අපේ රටේ ඉන්නේ ආත්මාර්ථකාමී මිනිස්සු’
’ඒ කතාවත් බොරුවක්. එහෙම මිනිස්සුන්ට ඔහොම උනන්දුවෙන් දන්සැල් දෙන්න බෑ’
’ඇත්ත කතාව අපේ රට ලෝකෙන් ම උතුම් රට’
’අපේ රට සුරපුරක්’
’වෙසක් කාලෙට විතරක් එහෙම වෙන්නේ ඇයි?’
’අනෙක් කාලවලට එහෙම වෙන එක වළක්වන්නේ කවුද?’
ඊළඟ වෙසක් දිනය වන විට මේ ප්‍රශ්නයෙන් කොටසකට හෝ පිළිතුරු සොයාගත හැකි වේවායැයි මම සිහිනයෙන් ම කල්පනා කළෙමි.