‘වැඩියෙන්ම බොරු කියන්නේ අප්‍රේල් පළවෙනිදා ද මැයි පළවෙනිදා ද?’
‘ඒක ඉතින් කියන කට්ටියගෙන් ම තමයි අහන්න ඕනැ’
‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ඉවත්කරන්න යනවා කියලා ඒ කාලේ කියපු කතාව බොරු වෙන්න ඕනැ’
‘ඇයි එහෙම කියන්නේ’
‘ආණ්ඩුව මහා සංඝරත්නයේ ඉල්ලීමට කන් දීලා මැයි දිනයයි වෙසක් උත්සවයයි ගැටෙන එක වැළැක්වෙන විදිහට පියවර අරන් තියෙන්නේ’
‘මං හිතන්නේ ඒක බෞද්ධයා ගැනයි කම්කරුවා ගැනයි දෙන්නම ගැන හිතලා ගත්ත හොඳ පියවරක්’
‘ඒ වගේම මූලික වශයෙන් අපේ රට බෞද්ධ අනන්‍යතාව සහිත රටක් කියන දේ ලෝකයට පැහැදිලි වෙන විදිහට වගේ ම අපේ ඒ අනන්‍යතාව ආරක්ෂා වෙන පරිදි ගත් පියවරක් කියලා කියන්න පුළුවන්’
‘හැබැයි ඕනෑ නං වෙසක් උත්සව සමයට ගැළපෙන විදිහට මැයි දිනයට අලුත් දේ එකතු කරන්නත් තිබුණා’
‘ඒ කිව්වේ?’
‘බකට් අරගෙන මැයි පෙළපාලියක් යන්න තිබුණා’
‘ඔව් ශාන්ත දාන්ත විදිහට භක්ති ගීත වුණත් ගායනා කරන්න පුළුවන්’
‘ඒ කියන්නේ නවීන භාෂාවෙන් කියනවානම් වෙසක් තේමාවට මැයි දිනය සමරන්න තිබුණා’
‘මං හිතන්නේ වෙසක් උත්සවයේ පූජනීයත්වය වගේ ම මැයි දිනයේ කම්කරු අයිතිවාසිකම් ද රැකෙන පරිදි ගත් නැණවත් පියවරක්’
‘කොහොම වුණත් මේකෙන් කම්කරු ජනතාවට ලෝක කම්කරු ජනතාව සමඟ එක්වෙලා කම්කරු දිනය සමරන්න ලැබෙන්නේ නෑ නේද?’
‘වෙසක් උත්සවයත් බෞද්ධයාගේ අන්තර්ජාතිකර උත්සවයක්. ලෝක වාසී බෞද්ධයා සමඟ එක්වෙලා වෙසක් උත්සවය අඩුවක් බාධාවක් නැතිව සැමරීමේ අවස්ථාව බෞද්ධයන්ට ලැබෙනවා’
‘ඇත්තටම වෙසක් උත්සවය අද වෙනකොට අපේ රටේ බෞද්ධයාගේ පමණක් උත්සවයක් නෙමෙයි. අන්‍යආගමිකයනුත් වෙසක් දිනේට දන්සැල් දෙනවා. වෙසක් සැරසිලි බලන්න ලංකාවම එක් වෙනවා’
‘එහෙම ගත්තා ම මැයි එක මැයි 7 වුණ එක කාටත් හොඳ තීරණයක් කියලා පේනවා’
කාලෙකට පසුව පහන් සිතිවිලි අතර ගැටුමකට මැදි වූ සිහිනයක් දුටුවේ යැයි අවදි වූ පසුව මට සිතිණි.