ඇසට සිසිල ගෙනෙන පිපිඤ්ඤා ප්‍රති­කා­රය | Page 2 | සිළුමිණ

ඇසට සිසිල ගෙනෙන පිපිඤ්ඤා ප්‍රති­කා­රය

නිශානි හේරත් බන්නැහැක

කාන්තාවකට ලස්සන දෑසක් අත්‍යවශ්‍යය. දෑසක අලංකාරත්වයෙන් උදෙසා විවිධ ආලේප වර්ග පරිහරණය කළත් ඇතැම් ආලේප පරිහරණය කිරීම අවධානම්ය. මේ නිසා අද බොහෝදෙනා නිවසේදී සාදාගන්නා ස්වාභාවික ආලේප පාවිච්චි කිරීමට හුරුවී සිටිති. මේ පිළිබඳ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ෂෙරීන් ප්‍රනාන්දු මහත්මියගෙන් අදහස් විමසුවෙමි.

අද බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇස් වටේ කළුවීම. ඒ සඳහා නිවසේදී භාවිතා කළහැකි ස්වාභාවික ප්‍රතිකාර මොනවාද?

ස්වාභාවික ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ ප්‍රතිකාරය ඔබ නිස්කලංකව ඉන්න මොහොතක කළ හැකිය. මේ සඳහා ප්‍රථමයෙන්ම කළ යුත්තේ ඇස් පියාගෙන ඒ මත හීනියට කැපූ අල පෙති දෙකක් තබාගෙන සිටීමයි. මේ ආකාරයට විනාඩි දහයත් පහළොවත් අතර කාලයක් තැබීමෙන් පසු සෝදා ඉවත් කරන්න. මේ ආකාරයට පිපිඤ්ඤා පෙති සිහිනිටයට කපා දෙනෙත් මත තබා ඉවත් කර ගත හැකිය. අල පෙති හෝ පිපිඤ්ඤා පෙති ඇස් මත තැබීමට පෙර ශීතකරණයේ තබන්නේ නම් ප්‍රතිඵල සාර්ථක කරගත හැකිය.

දෙනෙත්වලට සිසිල ලැබෙන වෙනත් ප්‍රතිකාර තියෙනවාද?

ඇත්තටම දෙනෙත්වලට සිසිල ගෙන තවත් ප්‍රතිකාර තියෙනවා. ඒ තේ කුඩු සත්කාරය. මෙහිදී පාවිච්චි කළ තේ බෑග් එකක් රැගෙන එය ශීතකරණය තබා හොඳින් සිසිල් වීමට ඉඩ හරින්න. ඉන්පසු ඇස් දෙක වසා ඇස් මත සිසිල් කර ගත් තේ කුඩු තබා විනාඩි දහයකින් පසු සෝදා හරින්න.

ඇස් ඉතාමත් සංවේදි නිසා ඇස් වටා සෑම ආලේපයක්ම ගෑම එතරම් සුදුසු නැහැ. මේ නිසා ඉතාමත් කල්පනාවෙන් ඇස්වලට කරන ප්‍රතිකාරය කළ යුතුයි. මේ පිළිබඳ සුදුසු තවත් ප්‍රතිකාර තියෙනවාද?

පිපිඤ්ඤා පෙති මිරිකා හෝ බ්ලෙන්ඩර් කර පුළුන් කැබැල්ලකින් ඇස් වටේ ගා විනාඩි දහයකින් පසු සෝදා හරින්න. එක එක ජාති අපේ හිතුමතේට ඇස් වටේ ගාන්න හොඳ නැහැ.එසේ ගෑමෙන් ඇස් වටේ ඉදිමෙන්න බලපානවා.

අපේ ගෙවත්තේ ඇති පැළෑටිවලින් ඇස්වලට ප්‍රතිකාර ලබා ගන්න හැකියාවක් නැද්ද?

ඇයි නැත්තේ. ඒත් හැම පැළෑටියක්ම යොදා ගන්න බැහැ. අපට වඩාත් විශ්වාසවන්තම ප්‍රතිකාරයක් තමයි කෝමාරිකා ප්‍රතිකාරය. මේ ප්‍රතිකාරයේ දී අපට කෝමාරිකාවල මැද තියෙන ජෙල් කොටස යොදා ගන්න පුළුවන්. මේ කොටස රැඟෙන ඊට අයිස් වතුර එකතු කර දියාරු මිශ්‍රණයක් සාදා ගන්න. මේ මිශ්‍රණය පුළුන් කැබැල්ලක් ආධාරයෙන් ඇස් වටේ ගාන්න. මේ ආකාරයට විනාඩි දහයක් තැබීමෙන් පසු සෝදා හරින්න.

ඇස් වටේ කළු වීමට හේතුවක් තියෙනවාද?

වැඩිපුර පරිගණක පාවිච්චිය කළහොත්, අව්වේ වැඩි වෙලාවක් සිටියොත්, ඇස් යට කළු වෙන්න පටන් ගන්නවා. මේ තත්ත්වේ වළක්වා ගන්න නම් විශ්වාසවන්ත ප්‍රතිකාර කළ යුතුයි. නැතිනම් තිබුණ තිබෙන තත්ත්වයෙන් තවත් පහළට වැටෙනවා. 

 

Comments