නිය සහ දෙපා ලස්සන කරන ගස්ලබු ප්‍රති­කා­රය | Page 2 | සිළුමිණ

නිය සහ දෙපා ලස්සන කරන ගස්ලබු ප්‍රති­කා­රය

නිවසේදීම කාන්තාවක් ලස්සනවීමට බොහෝ කරුණු කාරණා බලපාන බව ඔබ දන්නවා ඇති. එහෙත් කාන්තාවක් ලස්සන වෙන්න මූලිකව බලපාන කරුණ පිරිසුදුකම. අනිත් සෑම අංග ලක්ෂණයක් මෙන්ම ඔබ ඔබේ නියපොතුත් ලස්සන තියාගන්න උත්සාහ දැරිය යුතුයි. නිය අලංකරණය යනු වෙනම කලාවක්. එහෙත් කෘත්‍රිමව කරන අලංකරණයන්ගෙන් කිසිදු වැඩක් වන්නේ නැහැ. ඉන් නියවලට පෝෂ්‍ය ගුණයක් ලැබෙන්නේ නැහැ. අපි මේ පිළිබඳ ප්‍රවීණ රූපලවණ්‍ය උපදේශීකා ෂෙරින් ප්‍රනාන්දු මහත්මියගෙන් අදහස් විමසුවෙමි.

කාන්තාවක් දෑත් දෙපාවල නියපොතු ලස්සනට තබා ගත යුත්තේ කෙසේ ද?

මුලින්ම නියපොතු හඳුගැනීම කළ යුතුයි. නියපොතු සාමාන්‍ය ‍ෙයන් අඟල් අටෙන් එකක ප්‍රමාණයට වඩා දික්වන්න නොදී කොටට කපා පිරිසුදු කරන්න.

නියපොතු ශක්තිමත් වෙන්න කුමක් කළ යුතුද?

නියපොතු ශක්තිමත් වීමට නම් සමබල ආහාර වේලක් ගත යුතුයි. නිපොතුවල කෙරටින් අඩංගුයි. එය කොණඩේ සහ සමේ තියෙන කෙරටින්වලට වඩා ශක්තිමත්.

නියපොතුවල ඌනතාවක් ඇති වුණහම දැන ගන්නේ කොහොමද?

නියපොතුවල බහුලවම ඇති වන්නේ කැල්සියම් ඌනතාව. මෙය හඳුනා ගැනීමට හැකි වන්නේ නියපොතුවල ඇති වන සුදු පැල්ලම් නිසා. ඒ වගේම නියපොතු දෙපස ෂේප කළහොත් නියපොතු ඉක්මනින් කැඩෙනවා.

කාන්තාවන්ගේ නියපොතු පිරිසුදු කර හැඩය තබා ගැනීමේ රූපලාවණ්‍ය විධි මොනවාද?

නියමත හොඳින් සබන් ගා පරණ බුරුසුවකින් මැද පිරිසුදු කරගන්න පුළුවන්. නියපොත්ත යට කොටසේ ඔරේන්ජි ස්ටික් එකකට පුළුන් කැබැල්ලක් තබා ක්‍රිම්වලින් පිරිසුදු කරගන්න.

නිය අලංකාරයට ගෘහාශ්‍රිතව කළ හැකි ප්‍රතිකාර මොනවාද?

මේ සඳහා කළ හැකි විවිධ ප්‍රතිකාර තියෙනවා. ඒත් ඔබට පහසුවෙන්ම සාදා ගත හැකි ප්‍රතිකාරයක් තමයි ගස් ලබු ප්‍රතිකාරය. මේ සඳහා ඉඳුණු ගස් ලබු ගෙඩියක් අවශ්‍යයි. මුලින්ම ගස් ලබු ගෙඩිය හීනියට කපා ගන්න. ඉන්පසු මුදවපු කිරි මේස හැන්දකට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර කවලම් කර දෑත්වල හා දෙපාවල හා නිය මත ගලා හොඳින් පිරිමදින්න. විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.

මේ ප්‍රතිකාරය මඟින් දීප්තිමත් දෑත් දෙපාවලට මෙන්ම නියවලට දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. මේ වගේම දෙපා පිරිසුදු කරගන්න නිවසේදී ස්ක්‍රබ් එකක් සාදාගත හැකියි. කඩල ඇට පෙඟෙන්න හැර අඹරා මුදවපු කිරි හා මී පැණි මිශ්‍ර කරලා දෙපාවල යටි පතුලවල ආලේප කරන්න. ඉන්පසු විනාඩි දහයක් තබා සෝදා ගන්න.

මුං ඇට පිටිවන සේ කොටාගෙන එයට මී පැණි තේ හැන්දක් හා වර්ජින් කොකනට් ඔයිල් තේ හැන්දක් ගෙන එය මිශ්‍ර කරන්න. යටි පතුලේ හා පාදවල ගා පිරිමැද පසුව අතුල්ලා පිරිසුදු කර වියළා ගැනීමෙන් පසු මේ ප්‍රතිකාරය කරන්න.

මේ ප්‍රතිකාර කිරීමට අපහසු නම් කළ හැකි වෙනත් ප්‍රතිකාර තිබේද?

ඔව්. මේ නිය සහ දෑත් දෙපාවලට තවත් හොඳ ප්‍රතිකාරයක් තමයි අලිගැටපේර සත්කාරය.

අලි ගැට පේරගෙඩියකින් බාගයක් ගෙන එය හොඳට පොඩි කර ගන්න. ඊට ලුණු මේස හැන්දක් දමා යටිපතුල හා පාදවල ගා හොඳින් පිරිමදින්න. පසුව සෝදා හරින්න.

ඒ වගේම ඉදුණු ගස් ලබු කැබැල්ලකට රතු සීනි මේස හැන්දක් හා බිත්තර කහමදය දමා හොඳින් කවලම් කර ගන්න.

මේ සත්කාරය ද හොඳින් දෑත් දෙපාවල ගා සෝදා හරින්න. මෙයින් දෑත් දෙපාවලට අලංකාරයක් ලැබේ.

 

නිශානි හේරත් බන්නැහැක

Comments