![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/02/02/sil-06-11-na-01-ndk09062017.jpg?itok=0grSA9Be)
‘අපිට ආපහු රගර් ගහන්න නිදහස ලැබෙයි ද තාත්තේ’පුතා අප්පච්චිගෙන් ඇසුවේය.
‘පුතාගේ අහිංසක ආසාවනේ...පෙබරවාරි 10න් පස්සේ එන විදිහක් බලමු පුතේ’අප්පච්චී ද ඉතා අහිංසක ආකාරයෙන් කීවේය.
‘අපට ආපහු රගර් කෝච්ලාගේ කනවල් පලන්න පුළුවන් වෙයි ද තාත්තේ?’පුතා තවත්අහිංසක ආකාරයෙන් අප්පච්චිගෙන් ඇසුවේය.
‘ඔව් ඔව් පුතේ ඒවා නැතුව ඔය සෙල්ලමෙන් වැඩක් තියෙනවද පුතේ’අප්පච්චි තවත් අහිංසක ලෙසින් උත්තර දුන්නේය.
‘තාත්තේ අපට ආයෙත් ඕනෑ ඕනෑ විදිහට ඕනෑ ඕනෑ කාර් එකක් ගෙන්නන්නයි ඕනෑ ඕනෑ විදිහට ඕනෑ තැනක කාර් රේස් පදින්නයි පුළුවන්වෙයි ද තාත්තේ’පුතා අහිංසක සෙල්ලක්කාර සිනාවක් පාමින් ඇසුවේය.
‘ඇයි මගේ බුදු සන්තෝ බැරි වෙන්නේ...ජනතාව ඒ වෙනුවෙන් අපට පෙබරවාරි 10 වෙනිදා පාරකපලා දෙයි’අප්පච්චි පුතාව තවත් හුරතල් කරමින් කීවේය.
‘තාත්තේ අපට ආපහු රජකඩු කටුගෙයින් වුණත් ගන්න පුළුවන් වෙයිද?’ තාත්තාගෙන් සෑම දෙයකටම යළිත් අනුමැතිය ලැබෙනු දැක සතුටු වී පුතා තව දුරටත් ස්වකීය ආසාවන් හෙළි කළේය.
‘රජකඩු ඉතින් රජ පුත්තුන්ට ඕනැ වෙනවනේ’අප්පච්චි විහිළුවට වගේ ඇත්තටම පුතාගේ ඉල්ලීමට අනුමැතිය දුන්නේය.
‘හාරන්න පටන් අරන් අතරමග නතර කරන්න වුණ නිදන්හෑරිල්ල අපට ආයේ පටන් ගන්න පුළුවන්වෙයි ද තාත්තේ’පුතා ඒකාලයේ කළ තවත් සෙල්ලමක් අප්පච්චිට මතක් කළේය.
‘ඔව් පුතේ අපට බලයක් ආවොත් අපි ඕවා ඔක්කොම ආපහු පටන් ගන්න ඕනැ’අප්පච්චි පුතාගේ තත්වයටම වැටෙමින් කීවේය.
‘මේ සැරේ නම් තාත්තේ අත්තම්මාගේ නමට කොළඹින් ගෙවල් ඉඩම් අරගන්නේ නැතුව මගේ නම් ගම්වලට ඉඩම් ගෙවල් ගන්න ඕනෑ. එහෙම හොඳයි නේද තාත්තේ’පුතා තවත් සිහින සඳහා අප්පච්චිගේ ආශීර්වාදය ඉල්ලා සිටියේය.
‘ඔව් පුතේ මං කොහොම හරි පෝට් සිටියෙනුත් ලොකුම තැනක් පුතාලට අරන් දෙනවා. ආච්චිගේ නෙමේ පුතාලගේ නම්වලටම අරන් දෙනවා’අප්පච්චි ද පුතාගේ සිහින දකින්නට වූවේය.
මේ සිහින සැබෑ කිරීමට මග පෑදීමේ හැකියාව ඇත්තේ ජනතාවටය.