ඉන්දීය කැටයම් කපන්නා මන්සූර් අහමඩ් ඩාර් | Page 3 | සිළුමිණ

ඉන්දීය කැටයම් කපන්නා මන්සූර් අහමඩ් ඩාර්

 ලෝක ක්‍රිකට් සංස්කෘතිය උඩු යටිකුරු වූයේ විස්සයි විස්ස ක්‍රිකට් තරගවල ආගමනයත් සමගමය. එය තව දුරටත් පිමි කිහිපයකින් ඉදිරියට රැගෙන යාමට ඉන්දියාව සමත් විය. ඒ අයිපීඑල් තරගාවලිය හඳුන්වාදීමත් සමගමය. වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවට පසුව දැන් ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් තරගාවලිය වී ඇත්තේ අයිපීඑල් තරගාවලියැයි කියන්නේ නම් එය මුසාවක් නොවේ. ඒ ජනප්‍රියත්වයත් සමගම විස්සයි විස්ස ක්‍රිකට් ඉන්දියාව තුළ තවදුරටත් ජනප්‍රසාදය හිමිකරගත හැකි ක්‍රීඩකයන් බිහිවෙමින් සිටී. එහි අලූත්ම සොයා ගැනීම සීතල උණුසුම් කරවන ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයෙනි.

බර ඉසිලීමේ ක්‍රීඩකයෙක්, කබඩි ක්‍රීඩකයෙක්, ලී කැටයම් කරුවෙක් සහ පෞද්ගලික ආරක්ෂක භටය‍ෙක්. ලෙස කටයුතු කළ ඔහු පසුව ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමත් සමඟ ඉන්දියාවේ පමණක් නොව ලෝකයේද අවධානයට නතුවෙමින් සිටී. දැනටමත් අයිපීඑල් කුසලාන තරග කාලයේ දී ඔහු ඉතා වටිනා සම්පතක් වන ලකුණු පහළ වී තිබීමම මෙහි ඇති අපූර්වත්වයය.

24 වියැති ගැමි තරුණයෙකු වන අහමඩ් ඩාර් ට වැරෙන් පන්දුවට පහර දිය හැකි අතර ඔහුගේ පිතිහරඹය ඉතා ආකර්ශණීය ය. ඔහු ගේ පුහුණුකරුවන් සහ තේරීම් කමිටුව දිවුරා පවසන්නේ භද්‍ර යෞවනයේ පසුවන මේ ක්‍රීඩකයාට විශාල ක්‍රීඩාංගන වලින් ඉවතට යන ලෙස පන්දුවට පහර දිය හැකි බවකි.

ජම්මු කාශ්මීර් ක්‍රිකට් කණ්ඩායමේ පුහණුුකරු වන අබ්දුල් ක්වායූම් පවසන ආකාරයට ඩාර් යනු 'මීටර් සියයේ සික්සර් මෑන්' කෙනෙකි. ඔහු ගේ පන්දුවට පහර දීම දැඩි බවත්, පසුගිය වසරේ පන්ජාබ් කණ්ඩායමට එරෙයිව පැවති තරගයේ දී මීටර් සියයකට වඩා දුර යන ලෙස හයේ පහරවල් ගණනාවක්ම එල්ල කළ බවත් ක්වායූම් වැඩිදුරටත් පවසා තිබේ. කපිල් දේව් ගේ සමකාලිනයෙකු වන ක්වායූම් ඉන්දියාව තුළ සිටින අංක එකේ පුහුණුකරුවෙකි.

‘‘මේ කොල්ලා කෙටි තරග සඳහා කුසලතා ඇති ක්‍රීඩකයෙක්. ඔහුට පන්දුවාර 12-15 ලබා දීලා බලන්න. නිසැකවම ඔහු තම කණ්ඩායම ජයග‍්‍රහණය වෙත යොමු කරනවා.’’ ක්වායූම් පවසයි.

පිට පිටම දෙවන වසරටත් ඔහුව ජම්මු කාශ්මීර විස්සයි විස්ස මුෂටාක් අලි අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගෙන ඇත.

මනාව වැඩුණු සිරුරක් ඇති මන්සූර් අඩි 6 අ`ගල් 2 ක උස යෝධයෙකි. ඔහුගේ දේහ බර කිලෝ ග්‍රෑම් 84 කි. මිතුරන් ඔහුගේ බාහුව අල්ලා ගනිමින් අමතන්නෙ ‘පාණ්ඬේ’ කියාය. පාණ්ඬේ යනු මහා භාරත කාව්‍යයෙහි එන පාණ්ඩේ සොහොයුරන් සිහිකිරීමකි. ඔහුට පාණ්ඬේ නම ලැබුණේ කෙසේ ද යන්න තවත් කතාවකි. එය ඔහුට ලැබුණේ ගමේ කබඩි තරගයකදි ප‍්‍රදර්ශනය කළ දක්ෂතා නිසාය. ඩාර් ඒ නමට ප්‍රිය කරයි.

ඉතා මෘදු ලජ්ජාශීලී තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මන්සූර් උතුරු කාශ්මීරයේ දුගී පවුලකින් පැවතෙන්නෙකි. ඔහු ගේ පියා කම්කරුවෙකු වන අතර ජීවන අරගලයේ මිරිකී සිටින්නෙක්ය. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වන මන්සූර් ගේ උරහිස මත පවුලේ බර බැටවී ඇත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඔහු කිසිවිටෙකත් කලකිරීමට පත්වී නොමැත. පෞද්ගලික ආරක්ෂක සේවකයෙකු මෙන්ම ලී කැටයම් ශිල්පියකු ලෙසද රැකියාවක නිරත වන්නේ එහෙයින්ය. ඔහුට ශ්‍රී නගර් අගනුවර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ කෙටි කාලයකි. වසර කිහිපයකට පෙර අදාළ ගාස්තු නොමැති නිසා රැකියා ස්ථානයේ සිට ක්‍රීඩා පිටිය දක්වා පාපැදියෙන් පැමිණීමටද ඔහු කටයුතු කර තිබුණේය. එ් සඳහා කි.මී. 18 ක් දුර ගෙවා පැමිණිය යුතු වුවත් තමා ක්‍රිකට් පුහුණුව මගහැර නොගන්නා බවද හේ පවසයි. එමගින් ඔහු කොතරම් ධෛර්යවන්ත තරුණයකුද යන්න පිළිබඳ අපට ඉඟි කරයි.

‘‘මගේ ඉලක්කය අයිපීඑල් ’’ මන්සූර් දැඩි විශ්වාසයකින් පවසන්නේ බොහෝ බලාපොරොත්තු ඇතිවය. 

Comments