
අබිලිංගෙ මායියා පත්තරේට එබීෙගන කඳුළු හලනවා. අබිලිං කඩ බක්කියෙ ලූනු සිවිඔලට පිඹිනවා. බල්ලා කන්පොට ගහනවා...කොල්ලො බෝක්කුවෙ දැන්නීම් ඉරනවා.
"මොකෝ නගේ අඬන්නෙ?"
නිමලෙ ඇහුවා.
"එතුමා සයිටොං ගැන දුක හිතෙන පොරකාසයක් කොරලා. ඒක දැකලා.."
අබිලිං කියපි.
"එතුමා කියන්නෙ?"
"හිටපු එක්කෙනා"
"උන්නැහෙට අයිතියක් නැද්ද සයිටොං ගැන කතා කොරන්ඩ"
"මොකද නැත්තෙ? උන්නැහෙල පටන් ගත්තු එක නෙවැ. ඉතිං ඇඬෙන්නැද්ද?"
"උන්නැහෙල පටන් ගත්ත නම් වහන්ඩ කියල අඬන්නෙ බම්බුවටද?"
"උන්නැහෙලට ආණ්ඩු බලේ නැහ්නං බලේ තිෙයන අයට ඒකෙ අයිතියක් නැති හින්දා."
"හා හා ඒ කියන්නෙ ඒක එයාලගෙ පුද්ගලික දේපළක්ද?"
"ඒක විතරක් නොවෙයි."
"එහෙනම්?"
"රටම"
"එහෙම හිතන එක සාදාරණයි"
"මොනවා?"
"ඒ අය තමයි රට බේරගත්තෙ!". ඒ හින්ද රටේම අයිතිය දෙන එක වරදක්ද?"
"එහෙනම් මෙතනදි මිනිස්සු තමයි වැරැද්ද කෙරුවේ"
"ඒ මොකද්ද?"
"උන්නැහේලා ගෙදර යවපු එක"
"අපි දැං මොකද කරන්නෙ?"
"ආණ්ඩුවට බල කරමු. සයිටොං වහන්ඩ කියමු. ඊට පස්සෙ ඊළඟ චන්දෙං එතුමා නැවත දිනවමු. දිනෝලා සයිටොං අයිතිකාරයො අතිම්ම සයිටොං ඇරගම්මු"
"නියමයි. එතුමාට ජයවේවා.! ඇස්වල කඳුළු නොවැටේවා."
"ජයවේවා!"