ලැම්බොගිනි පැදපු අය බයිසිකල් පදින්නේ ඇයි? | සිළුමිණ

ලැම්බොගිනි පැදපු අය බයිසිකල් පදින්නේ ඇයි?

 ‘ප්‍රභාකරන් කිව්ව කතාවක් තියෙනවා’

‘ඔව්, ලංකාවේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් සතියකට වඩා මතක නෑ කියලා’

‘දැන් තවත් අය ආපහු බලේට එන්න හදන්නේ මේ අමතකවීම මත පදනම් වෙලා’

‘ලැම්බොගිනි පැදපු අය බයිසිකල්වල යන්නේ ඒ නිසා’

‘හෙලිකොප්ටර්වල ගිය අය ත්‍රීවිලර්වල යන්නේ ඒ නිසා’

‘සිය ගණන් එක්ක ප්ලේන් එකෙන් ගියෙත් ඒ අයම තමයි’

‘ඒ කාලේ රට ණය කර කාර් රේස් පැදපු අය දැන් හම්බන්තොට විකුණනවා කියලා කෑ ගහනවා’

‘මේ සේරම කෑගැහිලිවල පදනම ප්‍රභාකරන් කියපු කතාව’

‘ඔව් ලංකාවේ මිනිස්සුන්ට අමතක වෙනවා කියන එක’

‘මේ අමතක වීමේ ගතිය නැති කරන්න නම් මොකද කරන්න ඕනැ’

‘ටෙලි නාට්‍ය බලන එක නවත්තන්න ඕනැ’

‘ඉර අනික් පැත්තෙන් පෑව්වත් ඒකනං වෙන්නේ නෑ’

‘එහෙනං මිනිස්සු අමතක වෙන දේවල් ටෙලිනාට්‍යවලින් හෙරි පෙන්නලා මතක් කරලා දෙන්න ඕනැ’

‘ඒකනං කරන්න පුළුවන් නං හොඳ වැඩක්’

‘ඔව් මිනිසුන්ගේ අමතකවීම මත පදනම් වෙලා තමයි මේ අය ඔක්කොම දේවල් වීරයෝ වගේ කියන්නේ’

‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ හොඳ අදහසක්’

‘ඔව් ඇත්තටම තරුණයෝ නැගී හිටිනවා කියන්නේ රට නැගී හිටිනවා කියන එක තමයි’

‘ඒකට අතහිත අවස්ථාව දෙන්න ඕනැ’

‘තමන්ගේ හිතින් තමන්ගේ මොලයෙන් හැමෝම නැගී සිටින්නේ නැතිව රටක් නගා සිටුවන්න බෑ’

‘මංගල මහත්තයා මේ අයවැයෙන් කියන්නේ ඒ කතාව’

‘හැබැයි ලැම්බෝගිනි පැදපුවාට ණය ගෙවන්න ඕනැත් මේ ආණ්ඩුව’

‘ඊඩන් ගාඩ්න් ටෙස්ට් මැච් එකේ ටිකට් විකිණිලා නැහැල්ලූ. ලංකාව දිගටම ඉන්දියාවට පැරදිලා කියලා තරගයක් නැති මැච් එකක් බලන්න කට්ටිය ටිකට් ගන්නේ නැහැල්ලූ’

‘ඒත් සුරංග ලක්මාල් හින්ද කට්ටිය දැන් මැච් එක බලන්න ටිකට් ගනියිද දන්නෑ’

‘දුක තියෙන්නේ ජීවිතේ ක්‍රිකට් තරම් සරල නොවීම’

‘රටක් හදන එක ක්‍රිකට් ගැන කතා කරන එක තරම් පහසු නොවීම’

‘ඔව් පැස්බරා වැල්ලේ ඔළුව හංගාගෙන ඉන්නවා වගේ අපේ පිරිමි කට්ටිය ක්‍රිකට්වල ඔළුව ගහගෙන ඉන්නවා. ගෑණු උදවිය ටෙලිනාට්‍යවල ඔළුව ගහගෙන ඉන්නවා’

‘විනෝදෙට පොඩ්ඩක් බජට් එක අහනවා. ඒත් වෙන එකකට නෙමෙයි මොනවහරි අඩුවෙලා ද කියලා බලන්න’

‘බජට් කියන්නේ ඒක නෙමෙයි’

‘ඒකත් අපේ ගොඩක් අයට අමතක වෙලා’

‘මතක් කරලා දෙන්න ක්‍රමයක් නැද්ද?’

‘මංගල මහත්තයා උත්සාහ කරන්නේ ඒකට තමයි’

සිහිනයෙන් මගේ සිත රට පුරාම සැරිසරා ඇති බව සිහිනයෙන් ම මට කල්පනා විය.

Comments