සරත් සහ බරත්ලා | සිළුමිණ

සරත් සහ බරත්ලා

 ‘දේශප්‍රේමය කියන්නේ බොරුවට රට ගැන කතා කරන එකද?’

‘සරත් මහත්තයා කතා කරනකොට දේශපාලන වාසි හරි වෙන වාසි හරි බලන්නේනෑ’

‘වාසි වුණත් අවාසි වුණත් තමන්ට ඇත්තය කියලා හිතෙන දේ කියනවා’

‘ඒක තමයි සරත් මහත්තයාගේ වෙනස’

‘ඒක නිසයි එතුමට යුද්ධයක් දිනන්න නායකත්වය දෙන්න පුලුවන් වුණෙත්’

‘අනිත් අය තමන්ට ඇත්ත කියලා හිතෙන දේ වුණත් කියන්නේ නෑ ඒකෙන් තමන්ට අවාසියක් වෙනවා නම්’

‘අනිත් අය බොරු කියලා හිතුණත් ඒක කියනවා තමන්ට ඒකෙන් වාසි වෙනවා කියලා දැනෙනවා නම්’

‘ගම්මංපිලලා ඒ වගේ’

‘හැබැයි සරත් මහත්තයා ගාව ඒ ගතිය නෑ’

‘වාසි වුණත් පාඩු වුණත් බෙල්ල ගියත් තමන්ට ඇත්ත කියලා හිතෙන දේ කියනවා’

‘එහෙම ඇත්ත කතා කරන අය දේශප්‍රේමියෝ නෙමෙයි. තමන්ගේ වාසියට බොරු කියන අය දේශප්‍රේමියෝ. ගම්මංපිලලා ඒ වගේ දේශප්‍රේමියෝ’

‘ඉතිං තේරුම් ගන්න පුළුවන්නේද යුද්දෙ දිනන්න ඇත්තටම කැප වුණේ කවුද කියලා’

‘තමන්ට පොඩි හරි අවාසියක් වෙයි කියලා බයට තමන්ට හිතෙන ඇත්ත කතා නොකරන අයට ජීවිතය පරදුවට තියලා යුද්ධ කරන්න තරම් ශක්තියක් තියෙනවද?’

‘ගම්මංපිලලා ඒ වගේ කට්ටිය’

‘ඒත් ඒ අය දැන් සරත් මහත්තයටත් හොඳ නරක උගන්නන්න හදනවා.’

‘සරත් මහත්තයාටත් නිර්භීතකම උගන්නන්න හදනවා’

‘පැත්ත ගියත් ඇත්ත කතා කරන කෑල්ලක් ගියත් හිතෙන දේ කියන බය නැති ගුණය නිසාම තමයි යුද්දෙට අව්‍යාජ ශක්තිමත් නායකත්වයක් දෙන්න සරත් මහත්තයාට හැකිවුණේ’

‘ඒ නිසාම බොහෝ බියගුළු අය එතුමා සමඟ තරහයි’

‘ඒ එතුමාගේ නිර්භීතකම ඔවුන්ට දරාගන්න බැරි තරමට ප්‍රබල නිසා’

‘ඒත් රට ත්‍රස්තවාදයෙන් ගලවා දුන්නේ ඒ නිර්භීතකම’

‘එතුමා ලෝකයේ හොඳම හමුදාපති වුණේ ඒ නිසා’

‘එතුමා බොහෝ දේශපාලනඥයෝ වගේ වාසි පැත්තට හෝයියා කියන්නේ නෑ’

‘බොහෝ වීර තරුණ දේශපාලනඥයන්ට හිරේ දවසක් ඉන්න තරම්වත් ආත්ම ශක්තියක් තිබුණේ නෑ’

‘ඒත් සරත් මහත්තයා අවුරුදු දෙකක් හිටියා’

‘වීරයන් සහ වීරයන් නොවන අය අතර වෙනස’

‘වීරත්වය හමුවේ බියසුල්ලෝ කුපිත වෙනවා. ඒකයි කට්ටිය සරත් මහත්තයාට ඔච්චර විරුද්ධ සහ පහර ගහන්නේ’

‘එතකොට ඒකද ඒගොල්ලෝ දන්න එකම දේශප්‍රේමය’

‘ඒකද ඒගොල්ලන්ගේ දේශප්‍රේමය’

‘ඒ වගේ දේශප්‍රේමයක් නොවේ ඇත්තම දේශප්‍රේමයක් සරත් මහත්තයා ගාව තිබුණ නිසා රට ත්‍රස්තවාදයෙන් බේරුණා’

මේ සියල්ල අවසානයේ මට සිතුණේ මා සිහිනයෙන් ද සිතා ඇත්තේ මා හැබැහින් ද හිතනදේ ම බවය. 

Comments