සමෘද්ධි බැංකුවට අලුත් ක්‍රම | Page 862 | සිළුමිණ

සමෘද්ධි බැංකුවට අලුත් ක්‍රම

සාම්ප්‍රදායික බැංකු ක්‍රමය වෙනුවට නවීන බැංකු ක්‍රම සමෘද්ධි බැංකු සංගම් වෙත හඳුන්වා දෙන බව සමාජ සවිබල ගැන්වීම හා සමාජ සුබසාධන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. වර්තමානයේ අඩු ආදායම් ලබන්නන් සහ ගැමියන් ගිනි පොලීකරුවන් වෙත බිලි වී ඇතැයි පෙන්වා දෙන ඇමැතිවරයා මේ තත්ත්වය නිසා අඩු ආදායම් ලාභීන්ගේ සහ ගැමියන්ගේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇති බව පවසයි.

අවුරුදු විස්සකට වැඩි කාලයකදී සමෘද්ධි බැංකු සංගම් විශාල වර්ධනයක් අත් කරගෙන ඇති නිසා බැංකු සංගම්වලට ආර්ථික ප්‍රතිලාභ ගමට ලබාදීමේ වැඩපිළිවෙළක් අමාත්‍යාංශ මට්ටමෙන් ආරම්භ කර තිබේ. 

Comments

පිටු