ඉතිහාසයේ ප්‍රථම වරට හෙලිකොප්ටර් පහසුකම් සහිත තරු 7 සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇතැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
බම්බලපිටියේ ඉදි කෙරෙන මේ නිවාස ව්‍යාපෘතිය මෙරට සුපිරිම පැලැන්තිය ඉලක්ක කරගෙන ඉඳි වන්නකි. ACHILLEION නිවාස ව්‍යාපෘතිය ලෙස නම් කර ඇති මේ ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු සිදු කිරීම සඳහා සිංගප්පූරුවේ සමාගමක් තෝරාගෙන ඇත.
බිලියන 30ක ආයෝජනයකින් ඉඳි කෙරෙන මේ නිවාස ව්‍යාපෘතිය 2020 වසරේදි නිම කිරීමට අපේක්ෂිතය. නිවාස සංකීර්ණයේ ඉහළම හෙලිකොප්ටර් අංගණයක් ඉඳි කෙරෙන අතර පෞද්ගලික හෙලිකොප්ටරයක් නිවැසියන් වෙනුවෙන් වෙන් කෙරෙන අතර සුපිරි මෝටර් රථ 5ක් ද මේ සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇත. කුලුනු දෙකකින් සමන්විත මහල් 54කින් යුක්ත මෙහි නිවාස ඒකක 584ක් අඩංගු වේ. මෙරට ප්‍රථම අහස් පාලම, ප්‍රථම ගුවන් පිහිනුම් තටාකය මෙන්ම අතිවිශාල පුස්තකාලයක්ද පෞද්ගලික සිනමාහලක්ද මේ නිවාස සංකීර්ණයට අයත් වේ.