විද්‍යාපීඨවලට අලුතින් 4000ක් | සිළුමිණ

විද්‍යාපීඨවලට අලුතින් 4000ක්

 දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පාඨමාලා 27ක් සඳහා මෙවර අයදුම්කරුවන් 4069ක් ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ සිට ආරම්භ කෙරේ. රජයේ පාසල් 10162ක දැනට ගුරුවරු දෙලක්ෂ තිස්දෙදහස් පන්සිය පනස්පහක් දැනට සේවයේ යෙදී සිටිති. එහෙත් ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින බවද අමාත්‍යංශය කියයි.

පාසල්වල ගුරු තුලනයක් ඇති කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන ඇති අතර, පවත්නා පුරප්පාඩු අනුව, දිස්ත්‍රික් මට්ටමේ කුසලතා මත සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා මෙවර ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Comments