කවි කල්පනා | Page 64 | සිළුමිණ

කවි කල්පනා

මුහුණු පොතෙන් වැඩ අල්ලයි


වැට මායිම් පාළු­වෙලා
එර­බදු ගස් නැහැ දකින්න
කොහා වුණත් වෙනද වගේ‍
ගී ගය­නව නැහැ ඇහෙන්නෙ
ඒ වුණාට මුහුණු පොතේ
එර­බඳු මල් පොකුරු පිපිල
කොහා හිඳී අපූ­රු­වට
එර­බදු අත්තක වහලා
අවු­රු­ද්දට සුබ පතන්න
නැකැත් සිරිත් පිළි­ප­දින්න
ඉස්සර වගෙ කාට­වත්ම
විවේ­ක­යක් නැති ගානයි
'සෙල්ෆි' ගහලා හැම දෙයක්ම
මුහුණු පොතේ 'කමෙන්ට්' කරයි
මෙදා පාර අවු­රු­ද්දට
මුහුණු පොතෙන් වැඩ අල්ලයි

ආර්.ඒ. තුෂානි ධනුෂා රණ­තුංග


මට ආසයි....

රතු රෙද්දක් ෙපරවා ගත්
එර­බදු ගහ යටට වෙලා
මට ආසයි ඉස්සර වගෙ
කොහාගෙ ගී හඬ අහන්න..

බුලත් හුරුලු දී වැඳලා
අලුත් ඇඳුම් හැඩ බලලා
අලි රූපෙට ඇහැක් තියා
කොට්ට පොරෙන් ජය අර­ගෙන
තෑගි ලබා සතුටු වෙන්න
ආසයි මට ඉස්සර වගෙ...

අහස් කූරු පත්තු කරල
නැක­තට නව සඳ බලන්න
ඉස්කෝ­ලය අම­තක කර
ටික දව­සක් දුව පනින්න
ගමේ ගිහින් නෑයො බලල
වෙල් එළියේ දුව පනින්න...

මට ආසයි ආයෙත් මගෙ
පුංචි ළමා ලොවට යන්න

අමිතා කුමාරි දිවා­රත්න


සිරි ෙදව්දුව

දිලෙන තරු මල් වලින් අහස් කුස බැබ­ළුණා
ගලන දිය වැල් යටින් මුතු මැණික් මතු වුණා
ගයන කොවු­ලගෙ හඬින් දන මනස පිබි­දුණා
දෙරණ මහ සැණ­කෙ­ළිය යළි අපට එළැ­ඹුණා

ගේ දොර පිරි­මැද කළ එළිය ඇති වෙලා
නැවුම් බඩු මුට්ටු ගෙන ගෙදර හැඩ වැඩ කළා
අවු­රුද්දේ සිරි දෙව්දු එන නැකත බල බලා
පිළි­ගන්න සැර­සේය සැවොම එක් රොක් වෙලා

කිරි­බතේ කිරි සුවඳ ගෙයින් ගෙට නැඟ එති
කැවුම් අග්ගල කොකිස් මේස මත හිනැ­හෙති
කහ සිවුරු ෙපර­ව­ගෙන කෙසෙල් කැන් සුව­ඳැති
දෙව් දුවේ පිළි­අ­රන් සෙත සදනු පින් ඇති

සරත් ධර්ම­සේන


සුන්දර මත­කය

සුන්දර මත­ක­යන් යළි යළි සිහි­වේවා
ජාතික උත්ස­වය සතු­ටින් සැම­රේවා
සිංහල අවු­රුද්ද කිරි පැණි ඉති­රේවා
සැම­ටම සුබ අලුත් අවු­රු­ද්දක් වේවා

සීතා ජෝති­රත්න


වසත් කල ඇවිත්...


රුදුරු පාළුවේ තනිවී
ගෙවූ දිවි­ම­ගට කටු­කවු
තබා නැව­තු­මක් ආවේ
වසත් කල අරන්
පිපී මල් සහස් තුරු­ මත
සුග­න්ධය වෙළා දස අත
ගයයි සියො­තු­නුත් පෙම් ගී
උදම් වී තුටින්
පොදි බැඳන් පැතුම් සහ­සක්
ඈත දුර සිටන් මා වෙත
ආව පෙම්බරා සම­ඟින්
අතින් අත් අරින්
ගෙවන දිවි­මගේ සරල වු
නොම­දැනේ විඩා ගිම් මට
ඔහු තැනූ විසල් ලොව තුළ
නිව­සවී තුටින්...

ස්වර්ණා ද සිල්වා


සිරි ෙදව්දුව

දිලෙන තරු මල් වලින් අහස් කුස බැබ­ළුණා
ගලන දිය වැල් යටින් මුතු මැණික් මතු වුණා
ගයන කොවු­ලගෙ හඬින් දන මනස පිබි­දුණා
දෙරණ මහ සැණ­කෙ­ළිය යළි අපට එළැ­ඹුණා

ගේ දොර පිරි­මැද කළ එළිය ඇති වෙලා
නැවුම් බඩු මුට්ටු ගෙන ගෙදර හැඩ වැඩ කළා
අවු­රුද්දේ සිරි දෙව්දු එන නැකත බල බලා
පිළි­ගන්න සැර­සේය සැවොම එක් රොක් වෙලා

කිරි­බතේ කිරි සුවඳ ගෙයින් ගෙට නැඟ එති
කැවුම් අග්ගල කොකිස් මේස මත හිනැ­හෙති
කහ සිවුරු ෙපර­ව­ගෙන කෙසෙල් කැන් සුව­ඳැති
දෙව් දුවේ පිළි­අ­රන් සෙත සදනු පින් ඇති

සරත් ධර්ම­සේන


වස­න්තය

තුරු වදුලේ මල් පිපී
අතු පතර පල පිරී
කුඹුරු සරු සාර වී
අටු කොටු සශ්‍රීක වේ
ගේ දොර විසිතුරු කරන
නැවුම් දේ ගෙට ගෙනෙන
සාමයේ මල් පිපෙන
දොරින් දොර සෙත සදන
වස­න්තය ඇවිත් ඇත
පෙර­ඹ­රින් හිරු නැගී
නැවුම් දව­සක් ඇවිත්
කොහෝ නද කියන්නේ
වස­න්තය ආ වගයි

සුගන්ධි අනු­රු­ද්ධිකා



දිය­ණි­යගේ අවු­රුද්ද

වස­න්තයේ මල් ඉහි­රෙන ඉඩෝරේ
වෙළෙඳ කූජ­නය ඇහිලා හද පෑරේ
දිය­ණිය සරයි කොළ නැති කජු ගස් අතරේ
රතු කජු පුහු­ලන් සිහි­වෙයි ගිය වාරේ

තනි පුහු­ල­මක් අතු අග්ගිස්සේ එල්ලේ
ඇය මානයි ගල් කැට­යක් එක එල්ලේ
බෙහෙත් සුවඳ මුසු වීලා පව­නැල්ලේ
අවු­රුදු කුමාරී පැදුරේ ගෙයි මුල්ලේ

පඩි පත කුඩා වී ණය පොත වැඩි වෙද්දී
විසි­තුරු සිඟිති ගවු­මක සිහි­නය මියැදී
නෑ මිතු­රන් පැමි­ණෙයිදෝ බිය ගෙන දී
මටත් හොරෙන් දිය­ණිය වෙත දෙපා ඇදී

අපි වැලි බත් උයමු සෙල්ලම් ගෙදර තනා
නෑයන් හට තේ දෙමු පොල් කටු වලට අනා
කුරු­ම්බැට්ටි මැසිමේ කොළ ගවුම මනා
අවු­රුදු සුවඳ ඇගෙ මුදු සිරු­රෙන් හමනා

තිඹි­රි­යා­ගම බණ්ඩාර


කොහා නටයි ගී ගයලා

අතු ඉති අග වහන් වෙලා
තුරු­හිස් මුදු­නට වීලා
ගමේ මිහිර රඳ­වාලා
කොහො නටයි අවු­රුදු ගී ගයාලා

වයන රබන් පද ඇහිලා
කිරි­බ­ත්වල රස දැනිලා
ගමේ සම­ගි­කම් දැනිලා
කොහො නටයි අවු­රුදු ගී ගයාලා

වෙන්වුන හද එකතු වෙලා
මිනිස් කමෙන් ගම වෙළිලා
මෙවන් සොඳුරු බව දැකලා
‍කොහා නටයි අවු­රුදු ගී ගයාලා

කරු­ණා­රත්න අත්ත­නා­යක


නොන­ග­තය

පුහු­ලන් ඉදේවී -එර­බ­දුත් පිපේවී
ඒත් අවු­රුදු අපට දුර ඈත තාමත්
‍අති­රස බැඳේවී-මුං ගුලිත් හැදේවී
ඒත් අවු­රුදු සිරිය අපට නැත තාමත්
ළිප ගිනිත් නැඟේවී-කිරි බතත් කැපේවී
ඒත් අවු­රුදු සුවඳ බෝ දුරය තාමත්
අලුත් රෙදි ගෙනේවී-යළිත් හැඩ බැලේවී
ඒත් අවු­රුදු නැකත ලබා නැත තාමත්
ඔංචි­ලිත් පදීවී- ගනු­දෙනුත් යෙදේවී
ඒත් අවු­රුදු කොහිද නොන­ගතය තාමත්

ශ්‍රියා හිඳු­රං­ගල


ගම හැඩවෙලා

රුක් ලිය මඩුලු මත මල් දේදුනු පිපිලා
ගත පිරි­මදී මඳ නල වත්සුනු ඉසලා
කූජන ගඟු­ලැල්ල සව­ණත තුළ ගලලා
රඟ­දෙයි හැඟුම් සිඳු රළ රැළිවල වෙළිලා

හැම අටු­වක්ම බබලා කනක පැහැ­යට
බැත කඳු­ගැසේ ගම්වර අතර කදි­මට
රන් රසු සරින් සිති­විලි ඉපිල පිට-පිට
මුව වෙර­ළතේ සුපි­රෙන මහිම මුතු කැට‍

­ගම් ලල­නියෝ මුළු වස­රක්ම මෙහෙ­දරා
වරකා පුසුඹ උතු­රන සඳෙහි ගම පුරා
පාවී අවුත් අන් මොන­රි­යන් පිරි­වරා
ඔංචිලි පදිති මී පැණි විලස රස පෙරා

ඇම්. අශෝක ද සිල්වා


සතුට - සැන­සුම

තාලෙට නට­මින් ඉඟි බිඟි පාමින්
බාල ළඳුන් මෙන් හැඩ වැඩ දම­මින්
එර­බඳු මල් පෙති පවනේ සැලුණා
වස­න්­ත­යයි මේ නව අවු­රුදු දා

කෝකිල ගීයෙන් සවන් පින­වලා
අවු­රුදු කුම­රුන් රබන් වයන්නා
කැවුම් කෙසෙල් කැන් කද මලු බැඳ­ලා‍
­නෑ­ගම් යන්නට නැකත ඇවිල්ලා

නැවුම් ඇඳුම් ඇද ඔංචිලි පැදලා
සතුට ගඟක් වී දෙගොඩ තළා
අස­ම­ඟි­කම සැම බේද නොමැති දා
හැම­දා­මත් අවු­රුද්ද ලබන්නා

සඳ­රු­වන් කරු­ණා­ති­ලක


 ආසිරි වේවා

කල් යල් බලා බක් මහ වැසි පො‍ළොව තෙමයි
කිරි­වැදි ගොයම සිප­ගෙන මඳ සුළඟ හමයි
ගෙපැ­ලෙන් ගෙපැල කිරි­බත් රස මිහිර බෙදයි
අවු­රුදු වරුණ හිරු දෙවි­ මුළු ගමට කියයි

රත්න­සිරි පති­රණ


දොළො­ස්මහ

කළ­බන් මධූ රසය තුටු පඩු­රක් ආසේ
වෙල අස් වැදු සසය ගෙන වෙහෙ­සක් බෝ සේ
ඵල­යෙන් පිදු තොසය සම­රන ලක් දේසේ
හෙළ අවු­රුදු සිරිය දිලි­හෙන බක් මාසේ

වට කර සරා දිනි­සුරු තරු දොළොස් රැසේ
නව වර අරා මුල පිරු පිපි යසස් වසේ
මධු පෙර පෙරා ඔප කෙරු රස රහද් බසේ
ඵල බර දරා ලිය තුරු වන සිරස් වැසේ

විජිත විජ­ය­ති­ලක


බක්මහ උලෙළ.....!

බක්මහ වැසි පොදින් මිහි ලිය ගිමන නිවී
තුරු­ලිය සිනා­සෙයි! නව ජීව­නය පෙවී!
එර­බදු කුසුම් කඳ­වුරු රතු පැහැති වෙවී
මීමැසි සරින් කිය­වයි! පෙම් රසැ’ති කවී!

යහ සත් සිරිත් නොවැරී හුරු පුරුදු ගමේ
රන් අස්වනු කැපී - ගොඩ වී - ගෙ’දොර බිමේ
තෙර­පෙයි! නැවුම් මිහි­රක් ඇඹෙණි­යගෙ ළැමේ
අවු­රුදු කුමරි දැන් ගෙද­රට වඩින සමේ!

ගේදොර පිරි­සි­දුය! රන්වන් ළහිරි රැසින්
මල් රෙදි මලින් හිනැ­හෙයි! දොර - කවුළු තොසින්!
සෙත් පිනි දියර කොත­ලය ගෙන සෙනෙහෙ රසින්
සිරි­ලිය දොර­ක­ඩය! කිරි උතු­ර­වන රිසින්!

මුදුනේ සැවුළු රුව රැඳි පිත්තල පහනේ
පින් රැස යටය! අවු­රුදු මේසය සැදුණේ!
සහ­ජී­ව­නය සෙනෙ­හස - මැද ගිනි නිවුණේ
දෝතෙහි බුලත් අත්මැද බැති­රස පෙරුණේ!

ගොක්කොළ සුදෙන් සැරසී මල්පැල මිදුලේ
පින්රැස් පෙරයි! සතපා හද බැති ගඟුලේ!
සිංහළ සිරිත් ඔප­ලන බක්මහ මඟුලේ
සන්සුන් සොඳුරු නව ජීවන රස උකුළේ!

ඉපැ­රණි රබන් පද ලිය අත්ත­ලෙහි වැදී
උණ­වෙඩි - රතිඤ්ඤා - හඬ සහ තරග වදී!
පිවි­තුරු අතී­තෙන් ගලනා මතක නදී
අවු­රුදු සිරිය ඔප­ලයි! බැති රසය දිදී!

මාදම්පේ ඊබට් ෂෙල්ටන්


බක්මහ කුම­රිය පිළි­ගමු

එර­බදු මල් නැතත් ඉස්සර වගෙ බැද්දේ
ඉඳ­හිට ඇසෙයි. කොවු­ලිඳු ගීයක සද්දේ
මඳ­නල ඇදේ. පණි­විඩ ගෙන අවු රුද්දේ
හෙළ­යම මිහිරි වී නව සතු­ටකි ලද්දේ

කැවුම්, කොකිස්, සිංහල රස කැවිලි තැනේ
මඳ­නල ඒ සුවඳ ගෙන­යයි. හතර කොනින්
බක්මහ අසිරි මැද අවු­රුදු මිහිර දැනේ
හෙළ කුල සිරිත් නිර­තුරු මුල් තැනට ගෙනේ

පොල් අතු පැලඳ, මහ මැඳු­රද වෙනස නැත
අවු­රුදු සුවඳ විහිදී යයි සතර අත
ලොකු, පොඩි බේද නැත මිනි­සත් කමම ඇත
අවු­රුදු කුමරි පිළි­ගමු පා සුහද සිත

මවු පිය, වැඩි­හි­ටියො, නෑසියො දෙපය වැඳ
තිබු­ණත් නෙක­ වැ­රදි මත­කෙන් ඉවත ඇද
නව හැඟු­ම­කින් පුර­වා­ගෙන හැමගෙ හද
අවු­රුදු මිහිර සම­රමු, හැම එක්ව හිඳ

කරු­ණා­රත්න රාජ­පක්ෂ


සුබ වේවා!

අලුත් ඉරක් පබා­ත­යෙන්
නැගෙන්නෙ බක් මහේ
කරල් කැපී අටුත් කොටුත්
පිරෙන්නෙ බක් මහේ

නැවුම් හැඟුම් සිතක් පුරා
දැනෙන්නෙ බක් මහේ
නැකැත් අරන් කුමා­රියක්
වඩින්නෙ බක් මහේ
බොහෝ කලක් ඉ‍ඩෝර­යෙන්
දැවී තැවී පෙළී
පොෙළා් ගැබත්, ගසුත් වැලුත්,
සිහිල් දියෙන් තෙමා
සියල් සතුන්ගෙ සිත් සතන්
සහන් දැලින් වෙළා
වැසිත් අරන් කුමා­රිකා
වඩින්නෙ බක්මහේ

දනන්ගෙ සිත් පහන් - වෙලා
අවුල් තැවුල් සිඳී
පිරෙන්න යයි කිරිත් පැණිත්
ගෙයක් ගෙයක් පුරා

සෙනේ­හයේ පැතුම් අරන්
වසන්ත රාජිනී
කොවුල් නලා සරින් වෙළී
වඩින්නෙ බක් මහේ

ප්‍රේම­සිරි කාරි­ය­ව­සම්


කෝදු­රු­ව­න්නේ‍

­කැ­වු­මට හිත ඇති
කෝඳු­රු­වන්නේ
කොහි­සට කොතැ­නින්
මෙහි පැමි­ණෙන්නේ
ආපසු යන්නට පාර සොයන්නේ
අවු­රුදු සමයේ කොයි මේ එන්නේ

වී. ජනනි චන්දි­මාලි පෙරේරා


කිරි ඉති­රේවා!

උතුරු දකුණු බට­හිර මැද නැගෙ­න­හිර
උතු­රු­ව­මින් කිරි එක්විට පිස අහර
අතු­රු­ද­හන් කර අව­ගති අඬ දබර
පතුරු වනුයෙ සුබ පැතු­මන් නව වසර

ගහත් වැලත් සිනහ නඟයි රිකිලි දලු දැමූ
සියොත් ගී ද අලුත් ය බිඟු නදත් ගුමු ගුමූ
ලොවත් අලුත් වෙමින් අලුත් හිරුට වෙයි හමූ
අපිත් අලුත් අවු­රුද්දේ අලුත් වී එමූ

ගාවා සිතෙහි මන­සෙහි දෑ බැති කලන
නාවා සැමගෙ හද­වත් සෝ යුරු පෙමින
සේවා සක්ත දිරි­යෙන් ලක් මව පුදන
වේවා අලුත් අවු­රු­ද්දක් සෙත සදන

පයස් ප්‍රනාන්දු 

Comments

විදේශ ගත ශ්‍රී ලාංකිකයෙකුගේ සිංහල අවුරුදු සිතුවිල්ල....... කෑම හදන්නට උවමනා බඩු ටික ගන්න රෙදි කඩවල තෙරපි තෙරපි රෙදි තෝරන්න ගෙදර සුද්ද කරලා ලස්සනට තියන්න මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න කෙස් කනක් දුම් ගහලා ඉදවලා ගන්න ආස්මියට දවුල්කුරුදු හොයලා දෙන්න ලොකු අක්කගේ කොන්ඩ කැවුමේ රසය බලන්න මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න සුදු ඇදගෙන පුණ්‍ය කාලේ පන්සල් යන්න නැකත් වෙලාවට ලිප ගිනි මොලවා ගන්න බුලත් හුරුළු දී වැඩිහිටියෝ නමදින්න මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න කෑම මේසයට පහනෙන් එළියක් දෙන්න කෑම මේසේ කැවිලි වලින් පිරිලා තියන්න ගෙදර හැමෝටම කිරිබත් කෑලි කවන්න මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න පාට පාට සරම් ඇඳලා එහෙ මෙහෙ යන්න අහල පහල ගෙවල් වලට කැවිලි බෙදන්න පහල කොස් ගහේ ඔන්චිල්ලාව පදින්න මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න අහස කූරු පාර දිගේ යවලා දුවන්න නිලා කූරු ළමයි ටිකට ගෙනල්ලා දෙන්න නැකත් වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්න මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න අවුරුදු උත්සවයේ අවුරුදු කුමරා වෙන්න පිල් බෙදිලා හොර කරලා පංච දමන්න වැටි වැටි හරි කඹ ඇදලා පිල දිනවන්න මට ආසයි අවුරුද්දට ලංකාවට යන්න සුගත් අමරසිංහ

පිටු