
මුහුණු පොතෙන් වැඩ අල්ලයි
වැට මායිම් පාළුවෙලා
එරබදු ගස් නැහැ දකින්න
කොහා වුණත් වෙනද වගේ
ගී ගයනව නැහැ ඇහෙන්නෙ
ඒ වුණාට මුහුණු පොතේ
එරබඳු මල් පොකුරු පිපිල
කොහා හිඳී අපූරුවට
එරබදු අත්තක වහලා
අවුරුද්දට සුබ පතන්න
නැකැත් සිරිත් පිළිපදින්න
ඉස්සර වගෙ කාටවත්ම
විවේකයක් නැති ගානයි
'සෙල්ෆි' ගහලා හැම දෙයක්ම
මුහුණු පොතේ 'කමෙන්ට්' කරයි
මෙදා පාර අවුරුද්දට
මුහුණු පොතෙන් වැඩ අල්ලයි
ආර්.ඒ. තුෂානි ධනුෂා රණතුංග
මට ආසයි....
රතු රෙද්දක් ෙපරවා ගත්
එරබදු ගහ යටට වෙලා
මට ආසයි ඉස්සර වගෙ
කොහාගෙ ගී හඬ අහන්න..
බුලත් හුරුලු දී වැඳලා
අලුත් ඇඳුම් හැඩ බලලා
අලි රූපෙට ඇහැක් තියා
කොට්ට පොරෙන් ජය අරගෙන
තෑගි ලබා සතුටු වෙන්න
ආසයි මට ඉස්සර වගෙ...
අහස් කූරු පත්තු කරල
නැකතට නව සඳ බලන්න
ඉස්කෝලය අමතක කර
ටික දවසක් දුව පනින්න
ගමේ ගිහින් නෑයො බලල
වෙල් එළියේ දුව පනින්න...
මට ආසයි ආයෙත් මගෙ
පුංචි ළමා ලොවට යන්න
අමිතා කුමාරි දිවාරත්න
සිරි ෙදව්දුව
දිලෙන තරු මල් වලින් අහස් කුස බැබළුණා
ගලන දිය වැල් යටින් මුතු මැණික් මතු වුණා
ගයන කොවුලගෙ හඬින් දන මනස පිබිදුණා
දෙරණ මහ සැණකෙළිය යළි අපට එළැඹුණා
ගේ දොර පිරිමැද කළ එළිය ඇති වෙලා
නැවුම් බඩු මුට්ටු ගෙන ගෙදර හැඩ වැඩ කළා
අවුරුද්දේ සිරි දෙව්දු එන නැකත බල බලා
පිළිගන්න සැරසේය සැවොම එක් රොක් වෙලා
කිරිබතේ කිරි සුවඳ ගෙයින් ගෙට නැඟ එති
කැවුම් අග්ගල කොකිස් මේස මත හිනැහෙති
කහ සිවුරු ෙපරවගෙන කෙසෙල් කැන් සුවඳැති
දෙව් දුවේ පිළිඅරන් සෙත සදනු පින් ඇති
සරත් ධර්මසේන
සුන්දර මතකය
සුන්දර මතකයන් යළි යළි සිහිවේවා
ජාතික උත්සවය සතුටින් සැමරේවා
සිංහල අවුරුද්ද කිරි පැණි ඉතිරේවා
සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා
සීතා ජෝතිරත්න
වසත් කල ඇවිත්...
රුදුරු පාළුවේ තනිවී
ගෙවූ දිවිමගට කටුකවු
තබා නැවතුමක් ආවේ
වසත් කල අරන්
පිපී මල් සහස් තුරු මත
සුගන්ධය වෙළා දස අත
ගයයි සියොතුනුත් පෙම් ගී
උදම් වී තුටින්
පොදි බැඳන් පැතුම් සහසක්
ඈත දුර සිටන් මා වෙත
ආව පෙම්බරා සමඟින්
අතින් අත් අරින්
ගෙවන දිවිමගේ සරල වු
නොමදැනේ විඩා ගිම් මට
ඔහු තැනූ විසල් ලොව තුළ
නිවසවී තුටින්...
ස්වර්ණා ද සිල්වා
සිරි ෙදව්දුව
දිලෙන තරු මල් වලින් අහස් කුස බැබළුණා
ගලන දිය වැල් යටින් මුතු මැණික් මතු වුණා
ගයන කොවුලගෙ හඬින් දන මනස පිබිදුණා
දෙරණ මහ සැණකෙළිය යළි අපට එළැඹුණා
ගේ දොර පිරිමැද කළ එළිය ඇති වෙලා
නැවුම් බඩු මුට්ටු ගෙන ගෙදර හැඩ වැඩ කළා
අවුරුද්දේ සිරි දෙව්දු එන නැකත බල බලා
පිළිගන්න සැරසේය සැවොම එක් රොක් වෙලා
කිරිබතේ කිරි සුවඳ ගෙයින් ගෙට නැඟ එති
කැවුම් අග්ගල කොකිස් මේස මත හිනැහෙති
කහ සිවුරු ෙපරවගෙන කෙසෙල් කැන් සුවඳැති
දෙව් දුවේ පිළිඅරන් සෙත සදනු පින් ඇති
සරත් ධර්මසේන
වසන්තය
තුරු වදුලේ මල් පිපී
අතු පතර පල පිරී
කුඹුරු සරු සාර වී
අටු කොටු සශ්‍රීක වේ
ගේ දොර විසිතුරු කරන
නැවුම් දේ ගෙට ගෙනෙන
සාමයේ මල් පිපෙන
දොරින් දොර සෙත සදන
වසන්තය ඇවිත් ඇත
පෙරඹරින් හිරු නැගී
නැවුම් දවසක් ඇවිත්
කොහෝ නද කියන්නේ
වසන්තය ආ වගයි
සුගන්ධි අනුරුද්ධිකා
දියණියගේ අවුරුද්ද
වසන්තයේ මල් ඉහිරෙන ඉඩෝරේ
වෙළෙඳ කූජනය ඇහිලා හද පෑරේ
දියණිය සරයි කොළ නැති කජු ගස් අතරේ
රතු කජු පුහුලන් සිහිවෙයි ගිය වාරේ
තනි පුහුලමක් අතු අග්ගිස්සේ එල්ලේ
ඇය මානයි ගල් කැටයක් එක එල්ලේ
බෙහෙත් සුවඳ මුසු වීලා පවනැල්ලේ
අවුරුදු කුමාරී පැදුරේ ගෙයි මුල්ලේ
පඩි පත කුඩා වී ණය පොත වැඩි වෙද්දී
විසිතුරු සිඟිති ගවුමක සිහිනය මියැදී
නෑ මිතුරන් පැමිණෙයිදෝ බිය ගෙන දී
මටත් හොරෙන් දියණිය වෙත දෙපා ඇදී
අපි වැලි බත් උයමු සෙල්ලම් ගෙදර තනා
නෑයන් හට තේ දෙමු පොල් කටු වලට අනා
කුරුම්බැට්ටි මැසිමේ කොළ ගවුම මනා
අවුරුදු සුවඳ ඇගෙ මුදු සිරුරෙන් හමනා
තිඹිරියාගම බණ්ඩාර
කොහා නටයි ගී ගයලා
අතු ඉති අග වහන් වෙලා
තුරුහිස් මුදුනට වීලා
ගමේ මිහිර රඳවාලා
කොහො නටයි අවුරුදු ගී ගයාලා
වයන රබන් පද ඇහිලා
කිරිබත්වල රස දැනිලා
ගමේ සමගිකම් දැනිලා
කොහො නටයි අවුරුදු ගී ගයාලා
වෙන්වුන හද එකතු වෙලා
මිනිස් කමෙන් ගම වෙළිලා
මෙවන් සොඳුරු බව දැකලා
කොහා නටයි අවුරුදු ගී ගයාලා
කරුණාරත්න අත්තනායක
නොනගතය
පුහුලන් ඉදේවී -එරබදුත් පිපේවී
ඒත් අවුරුදු අපට දුර ඈත තාමත්
අතිරස බැඳේවී-මුං ගුලිත් හැදේවී
ඒත් අවුරුදු සිරිය අපට නැත තාමත්
ළිප ගිනිත් නැඟේවී-කිරි බතත් කැපේවී
ඒත් අවුරුදු සුවඳ බෝ දුරය තාමත්
අලුත් රෙදි ගෙනේවී-යළිත් හැඩ බැලේවී
ඒත් අවුරුදු නැකත ලබා නැත තාමත්
ඔංචිලිත් පදීවී- ගනුදෙනුත් යෙදේවී
ඒත් අවුරුදු කොහිද නොනගතය තාමත්
ශ්‍රියා හිඳුරංගල
ගම හැඩවෙලා
රුක් ලිය මඩුලු මත මල් දේදුනු පිපිලා
ගත පිරිමදී මඳ නල වත්සුනු ඉසලා
කූජන ගඟුලැල්ල සවණත තුළ ගලලා
රඟදෙයි හැඟුම් සිඳු රළ රැළිවල වෙළිලා
හැම අටුවක්ම බබලා කනක පැහැයට
බැත කඳුගැසේ ගම්වර අතර කදිමට
රන් රසු සරින් සිතිවිලි ඉපිල පිට-පිට
මුව වෙරළතේ සුපිරෙන මහිම මුතු කැට
ගම් ලලනියෝ මුළු වසරක්ම මෙහෙදරා
වරකා පුසුඹ උතුරන සඳෙහි ගම පුරා
පාවී අවුත් අන් මොනරියන් පිරිවරා
ඔංචිලි පදිති මී පැණි විලස රස පෙරා
ඇම්. අශෝක ද සිල්වා
සතුට - සැනසුම
තාලෙට නටමින් ඉඟි බිඟි පාමින්
බාල ළඳුන් මෙන් හැඩ වැඩ දමමින්
එරබඳු මල් පෙති පවනේ සැලුණා
වසන්තයයි මේ නව අවුරුදු දා
කෝකිල ගීයෙන් සවන් පිනවලා
අවුරුදු කුමරුන් රබන් වයන්නා
කැවුම් කෙසෙල් කැන් කද මලු බැඳලා
නෑගම් යන්නට නැකත ඇවිල්ලා
නැවුම් ඇඳුම් ඇද ඔංචිලි පැදලා
සතුට ගඟක් වී දෙගොඩ තළා
අසමඟිකම සැම බේද නොමැති දා
හැමදාමත් අවුරුද්ද ලබන්නා
සඳරුවන් කරුණාතිලක
ආසිරි වේවා
කල් යල් බලා බක් මහ වැසි පොළොව තෙමයි
කිරිවැදි ගොයම සිපගෙන මඳ සුළඟ හමයි
ගෙපැලෙන් ගෙපැල කිරිබත් රස මිහිර බෙදයි
අවුරුදු වරුණ හිරු දෙවි මුළු ගමට කියයි
රත්නසිරි පතිරණ
දොළොස්මහ
කළබන් මධූ රසය තුටු පඩුරක් ආසේ
වෙල අස් වැදු සසය ගෙන වෙහෙසක් බෝ සේ
ඵලයෙන් පිදු තොසය සමරන ලක් දේසේ
හෙළ අවුරුදු සිරිය දිලිහෙන බක් මාසේ
වට කර සරා දිනිසුරු තරු දොළොස් රැසේ
නව වර අරා මුල පිරු පිපි යසස් වසේ
මධු පෙර පෙරා ඔප කෙරු රස රහද් බසේ
ඵල බර දරා ලිය තුරු වන සිරස් වැසේ
විජිත විජයතිලක
බක්මහ උලෙළ.....!
බක්මහ වැසි පොදින් මිහි ලිය ගිමන නිවී
තුරුලිය සිනාසෙයි! නව ජීවනය පෙවී!
එරබදු කුසුම් කඳවුරු රතු පැහැති වෙවී
මීමැසි සරින් කියවයි! පෙම් රසැ’ති කවී!
යහ සත් සිරිත් නොවැරී හුරු පුරුදු ගමේ
රන් අස්වනු කැපී - ගොඩ වී - ගෙ’දොර බිමේ
තෙරපෙයි! නැවුම් මිහිරක් ඇඹෙණියගෙ ළැමේ
අවුරුදු කුමරි දැන් ගෙදරට වඩින සමේ!
ගේදොර පිරිසිදුය! රන්වන් ළහිරි රැසින්
මල් රෙදි මලින් හිනැහෙයි! දොර - කවුළු තොසින්!
සෙත් පිනි දියර කොතලය ගෙන සෙනෙහෙ රසින්
සිරිලිය දොරකඩය! කිරි උතුරවන රිසින්!
මුදුනේ සැවුළු රුව රැඳි පිත්තල පහනේ
පින් රැස යටය! අවුරුදු මේසය සැදුණේ!
සහජීවනය සෙනෙහස - මැද ගිනි නිවුණේ
දෝතෙහි බුලත් අත්මැද බැතිරස පෙරුණේ!
ගොක්කොළ සුදෙන් සැරසී මල්පැල මිදුලේ
පින්රැස් පෙරයි! සතපා හද බැති ගඟුලේ!
සිංහළ සිරිත් ඔපලන බක්මහ මඟුලේ
සන්සුන් සොඳුරු නව ජීවන රස උකුළේ!
ඉපැරණි රබන් පද ලිය අත්තලෙහි වැදී
උණවෙඩි - රතිඤ්ඤා - හඬ සහ තරග වදී!
පිවිතුරු අතීතෙන් ගලනා මතක නදී
අවුරුදු සිරිය ඔපලයි! බැති රසය දිදී!
මාදම්පේ ඊබට් ෂෙල්ටන්
බක්මහ කුමරිය පිළිගමු
එරබදු මල් නැතත් ඉස්සර වගෙ බැද්දේ
ඉඳහිට ඇසෙයි. කොවුලිඳු ගීයක සද්දේ
මඳනල ඇදේ. පණිවිඩ ගෙන අවු රුද්දේ
හෙළයම මිහිරි වී නව සතුටකි ලද්දේ
කැවුම්, කොකිස්, සිංහල රස කැවිලි තැනේ
මඳනල ඒ සුවඳ ගෙනයයි. හතර කොනින්
බක්මහ අසිරි මැද අවුරුදු මිහිර දැනේ
හෙළ කුල සිරිත් නිරතුරු මුල් තැනට ගෙනේ
පොල් අතු පැලඳ, මහ මැඳුරද වෙනස නැත
අවුරුදු සුවඳ විහිදී යයි සතර අත
ලොකු, පොඩි බේද නැත මිනිසත් කමම ඇත
අවුරුදු කුමරි පිළිගමු පා සුහද සිත
මවු පිය, වැඩිහිටියො, නෑසියො දෙපය වැඳ
තිබුණත් නෙක වැරදි මතකෙන් ඉවත ඇද
නව හැඟුමකින් පුරවාගෙන හැමගෙ හද
අවුරුදු මිහිර සමරමු, හැම එක්ව හිඳ
කරුණාරත්න රාජපක්ෂ
සුබ වේවා!
අලුත් ඉරක් පබාතයෙන්
නැගෙන්නෙ බක් මහේ
කරල් කැපී අටුත් කොටුත්
පිරෙන්නෙ බක් මහේ
නැවුම් හැඟුම් සිතක් පුරා
දැනෙන්නෙ බක් මහේ
නැකැත් අරන් කුමාරියක්
වඩින්නෙ බක් මහේ
බොහෝ කලක් ඉඩෝරයෙන්
දැවී තැවී පෙළී
පොෙළා් ගැබත්, ගසුත් වැලුත්,
සිහිල් දියෙන් තෙමා
සියල් සතුන්ගෙ සිත් සතන්
සහන් දැලින් වෙළා
වැසිත් අරන් කුමාරිකා
වඩින්නෙ බක්මහේ
දනන්ගෙ සිත් පහන් - වෙලා
අවුල් තැවුල් සිඳී
පිරෙන්න යයි කිරිත් පැණිත්
ගෙයක් ගෙයක් පුරා
සෙනේහයේ පැතුම් අරන්
වසන්ත රාජිනී
කොවුල් නලා සරින් වෙළී
වඩින්නෙ බක් මහේ
ප්‍රේමසිරි කාරියවසම්
කෝදුරුවන්නේ
කැවුමට හිත ඇති
කෝඳුරුවන්නේ
කොහිසට කොතැනින්
මෙහි පැමිණෙන්නේ
ආපසු යන්නට පාර සොයන්නේ
අවුරුදු සමයේ කොයි මේ එන්නේ
වී. ජනනි චන්දිමාලි පෙරේරා
කිරි ඉතිරේවා!
උතුරු දකුණු බටහිර මැද නැගෙනහිර
උතුරුවමින් කිරි එක්විට පිස අහර
අතුරුදහන් කර අවගති අඬ දබර
පතුරු වනුයෙ සුබ පැතුමන් නව වසර
ගහත් වැලත් සිනහ නඟයි රිකිලි දලු දැමූ
සියොත් ගී ද අලුත් ය බිඟු නදත් ගුමු ගුමූ
ලොවත් අලුත් වෙමින් අලුත් හිරුට වෙයි හමූ
අපිත් අලුත් අවුරුද්දේ අලුත් වී එමූ
ගාවා සිතෙහි මනසෙහි දෑ බැති කලන
නාවා සැමගෙ හදවත් සෝ යුරු පෙමින
සේවා සක්ත දිරියෙන් ලක් මව පුදන
වේවා අලුත් අවුරුද්දක් සෙත සදන
පයස් ප්‍රනාන්දු