![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/01/27/tl-2.jpg?itok=Fs2zD9VV)
නිමලෙ ජෝතිපාල උන්නැහේගේ සින්දුවක් ගායනා කොරමින් අබිලිංගෙ කඩේට ගොඩ උනා. අබිලිංගෙ මායියා ගස්සගෙන කඩේ ඇතුළට ගියා.
අබිලිං කට ඇරගෙන ටීවී පෙට්ටියේ වාදයක් දිහා බලාගෙන. කඩේට බඩු ගන්ඩ ආපු උදවිය බක්කිඔල මොනවක්කත් ම නැති හින්දා හැරිලා යද්දි නිමලෙගෙ කොලුවා ලූණු සිවිඔලට පිඹිනවා.
“හැබැහැට නිමලෙ මොන හේතුවකට ද නුගේගොඩට එන්ඩ එපා කියන්ඩ ඇත්තෙ?
“එතුම ද?”
“ඔව් ඔව් එතුමා තමයි”
“පහුගිය දවස්ඔල නියඟය දුරුවෙලා වහින්ඩ කියලා ජයපිරිත් එහෙම සජ්ජායනා කොළානෙ. ඉතිං ඒකෙ පොරතිපල විදියට වහියි කියලා හිතලා. මැති ඇමතිවරුන්ට හෙම්බිරිස්සා හැදුණොත් පෙරළිය කොරන්ඩ කෙනෙක් නැතුව යන හින්දා වෙන්ඩැති”
“හද්දෙයියනේ! එතකොට මහජනයා තෙමෙන්නැද්ද”
“ඔව්වට එන්නෙ වැහි පිට වැහි දාහක් වැස්සත් මී හරක් වාගෙ පදං වෙලා ඉන්න දේසප්‍රේමියො නෙවැ. ඒ හින්දා පුරස්නයක් නෑ”
“ඒක නං පිළිගන්ඩ බෑ. ඕකෙ වෙන මොකක් හරි හොරයක් තියෙනවා”
“ජනතා පීඩනේට මැදිවෙලා උන්නැහෙලගෙ වාහන එහාට මෙහාට කර ගන්ඩ බැරිවෙයි කියන බයට වෙන්ඩ බැරි ද?”
“ඒකට ඉතිං පොලිස්සියෙ මහත්තුරු ඉන්නවනෙ. එහාට මෙහාට කරලා දෙයි”
“මැති ඇමතිවරු ඔක්කොම ආවොත් ආණ්ඩුව පෙරළෙයි කියලා බයට අනුකම්පාවට වෙන්ඩ බැරි ද? එතුමා පොරොජාතන්තරේ ගරු කරන උත්තමයෙක් නෙවැ.”
“ඒක නං කොහොමවත් වෙන්ඩ බෑ. පෙරළෙනකං නින්දක් නැතිව නෙ ඉන්නෙ”
“ආණ්ඩුවෙ ඇමතිකං ගත්තා කියලා මහජනතාව පහර දෙයි කියන බයට වෙන්ඩ බැරි ද?”
“මේ සිරිලංකාවෙ කවද්ද ඇමතිවරුන්ට ගැහුවෙ. ඇමතිවරු ගැහුවා මිසක්. ලණුඔලින් බැන්දා මිසක්.”
“මම දන්නවා එපා එන්න කියපු කාරණේ”
අබිලිං මැද්දට පැන්නා.
“කොහොමද දන්නෙ? හැබෑට ම මොකද්ද හේතුව?”
“මේ දවස්සොල උන්නැහේට රටපුරා පංසල්ඔල සංගාවාස විවුර්ත කොරන්න ආරාදනා ලැබෙනවා”
“ඉතිං?”
“බුද්දාගමට යි රට ජාතියට යි තියන ආදරේ හින්දා එව්වට නොයා ඉන්නෙ නෑ”
“ඉතිං?”
“නුගේගොඩ රැස්සීම දවසෙත් සංගාවාස විවුර්ත කෙරිල්ලක්”
“ඉතිං?”
“ඉතිං එතුමා ඒ වැඩේට යනවා. නුගේගොඩට පුතා එවනවා. මැති ඇමතිවරුන්ට එන්ඩ එපා කිව්වෙ ඒකයි. තමුන්නැහෙ නැති රැස්සීමට අපට එන්ඩ කීවෙ මොකද කියලා ප්‍රස්න කරයි කියන බයට”
නිමලෙ ආයෙ වතාවක් එපා එන්න කියලා සින්දුව ගායනා කොළා. ඒක තමුන්ට නෙමේ අනුන්ට කියපු එකක් බව තේරිල ද කොහෙද අබිලිංගෙ මායියා මල් හිනාවක් දාගෙන එළියට ආවා.