![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/01/18/3-1.jpg?itok=Kci6bIwF)
එදිනෙදා කුලී වැඩ කරමින් ජීවිතය ගැට ගසා ගත් අසරණ අහිංසක කාන්තාවකට බීමත්කමට ඇබ්බැහි වුණ කුරිරු තරුණයන් හතර දෙනකු අමානුෂික ලෙස පහරදී මරා දැමූ පුවතක් තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයෙන් පසුගිය 05 වැනිදා වාර්තා විය. මෙම කාන්තාව හැටන් ප්‍රදේශයේ සිට තම පුරුෂයා සහ දූ දරුවන් සමඟ තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයේ දෙවන පටුමග, අංක 74 ලිපිනයේ ජීවත්වී තිබේ. ඇගේ දියණියක් කොළඹ ඇඟලුම් කම්හලක සේවිකාවක් වශයෙන් සේවය සඳහා ගොස් සිට ඇත. මෙම ඇඟලුම් කම්හලේම සේවය සඳහා නල්ලච්චිය ප්‍රදේශයේ තරුණයකු ද ගොස් තිබිණි. ටික කලක් මෙම ඇඟලුම් කම්හලේ මෙම දෙපළ සේවයේ යෙදෙන ගමන් දෙදෙනා අතර ආදර සම්බන්ධතාවක් හටගෙන විවාහ ගිවිසගෙන තිබිණි.
විවාහයෙන් පසුව තරුණ මනාලයා තම ගම් ප්‍රදේශය වන තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයට ද්‍රවිඩ ජාතික තම බිරිය සමඟ පදිංචියට පැමිණියේය. දිගු කලකට පසුව දූ දරුවන්ද ඔවුනට ලැබී මෙම දරුවන් බැලීමට හැටන් ප්‍රදේශයේ පදිංචි ඉන්දීය සම්භවයක් ඇති ද්‍රවිඩ ජාතික මාපියන්ද නල්ලච්චිය ප්‍රදේශයට පදිංචියට පැමිණියෝය. දැනට මෙම පුද්ගලයන්ද ස්ථිර පදිංචිය සඳහා නල්ලච්චිය ප්‍රදේශයේ ලියාපදිංචි වී ඇත. මෙම පවුල එදිනෙදා ජීවත්වුණේ කුලී වැඩ කරමිනි. ඔවුන් අවට ප්‍රදේශවාසින් සමඟ සිත් දිනා ගනිමින් කටයුතු කර තිබිණ.
හැටන් සිට පැමිණි මේ යුවළ දිනපතා කුලී වැඩ කරමින් තම දුව සහ බෑනා පදිංචි නිෙවසේ ජීවත් වූහ. ඉකුත් 31 වනදා සවස් වරුවේ හැටන් සිට පැමිනි මාමා වන රාමචන්ද්‍රනම් දුවගේ සහ බෑනාගේ නිවසේ සිට තම පුතකු සමඟ භාණ්ඩ මිලදී ගැනීමට අසල වෙළෙඳසැලකට ගොස් සිටියහ. ඒ ද්‍රව්‍ය මිලදී ගෙන රෑ බෝවී තිබියදී නිෙවස බලා ආපසු එන ගමන් අතර මාර්ගයේ යෙමකු වැටී සිටිනවා දැක ඔහුට කතාකොට ඔහු අවදි කර ඇත. නැගිට ගත් එම පුද්ගලයා තමන් නැගිට්ටු අයට පහරවල් කීපයක් ගසා ඇත. මේ පහරදීම සිදුවන අවස්ථාවේදී රාමචන්ද්‍රනම් සමඟ ගිය ඔහුගේ පුතා ද පහර දුන් අයට පෙරළා පහර දී තිබේ.
ඉන් පසුව මේ දෙදෙනා තමන් පදිංචි නිෙවසට පැමිණ සිද්ධිය ගැන තම බෑනාට පවසා නින්දට ගොස් තිබිණ. මෙදින රාත්‍රී 10.30ට පමණ මෙම ගමේ පදිංචි බීමතින් පැමින කීප දෙනකු නිෙවසේ දොරට පයින් ගසා දොර කඩා නිවැසියන්ට අතින් සහ පයින් පහරදී ඇත. මෙහිදී බරපතළ තුවාල ලැබූ 53 හැවිරිදි වීරමුත්තු ජයලෙච්චමී බිම ඇද වැටුණාය. මේ නිවෙසේ පදිංචි වී සිටි කේ.ඒ. සජිත් ප්‍රසන්ත කුමාර ජයලෙච්චමිගේ බෑනාය. ඔහුව නිවසේ පහළට යෙමකු විසින් රැගෙන ගොස් සිටියේය. සජිත්ගේ මස්සිනා කෙනෙකු ද මෙම පහර කෑමෙන් තුවාල වී තිබිණ. මෙම මැරයන්ගේ පහර දීම පිළිබඳව රාමචන්ද්‍රනම් පොලිසියට ගොස් පැමිණිලි කර පොලිසිය සමඟ නැවත නිෙවසට පැමිණ තිබිණ. පොලිසිය විමර්ශන අරඹා තුවාල ලබා සිටි වීරමුත්තු ජයලෙච්චමී සමඟ තුවාල ලැබූ තවත් අයකු රෝහල්ගත කර තිබිණ.
තුවාලකාරියගේ තත්ත්වය බරපතළ නිසා ඇය තඹුත්තේගම මූලික රෝහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඉකුත් ජනවාරි 01 දා මාරු කෙරිණි. එහිදී ඇය ඉකුත් ජනවාරි 05 දින මියගිය බවට තඹුත්තේගම පොලිසියට දන්වා තිබිණි. ඝාතනය කැරුණු ජයලෙච්චමිගේ බෑනා වන කඩුගොඩ ආරච්චිගේ සජිත් ප්‍රසන්න කුමාර කියන්නේ මෙවැනි කතාවකි.
"මම නල්ලච්චියේ ස්ථිර පදිංචිකරුවෙක්. කොළඹ ඇඟලුම් කම්හලේ වැඩ කරන ගමන් වීරමුත්තු ජයලෙච්චමීගේ දුව වන රවිචන්ද්‍රනම් මහේස්වරී සමඟ මිත්‍ර වී මා ඇය විවාහ කරගෙන තඹුත්තේගමට පැමිණ මගේ නිෙවසේ ජීවත් වුණා. මේ කාලසීමාවලදි මගේ නැන්දා සහ මාමාලා හැටන් සිට මෙහි පැමිණියා. පැමිණ මගේ නිෙවසේ ජීවත් වුණා. පසුගිය 31 වනදා රාත්‍රි මගේ නිවසට මෙම ගමේ මා හඳුනන හතරදෙනකු පැමිණ වසා තිබු දොර කඩා මා හැර නිවසේ සිටිය හැමදෙනමෙ පහර දුන්නා. මා නිෙවස පිටුපසට අරගෙන ගියා. ඔවුන් අන් අයට අතින් පයින් පහර දුන්නා. නැන්දැම්මාට බරපතළ තුවාල වුණා. එදිනම නැන්දා රෝහල් ගත කළා. 05 වැනිදා ඇය මියගිය බවට අපට දැනුම් දුන්නා. පහර දුන් අය මා දන්නවා හඳුනනවා."
ජයලෙච්චමීගේ දුව වන රවිචන්ද්‍රනම් මහේස්වරී මෙසේ කීවාය. "මා පසුගිය 31 වනදා රාත්‍රියේ මගේ නිෙවසේ දෙමවුපියන්, පුරුෂයා සහ සහෝදරයන් සමඟ සිටින වෙලාවේදි බීමත්ව හතර දෙනකු පැමිණ දොරට පයින් ගසා කඩා දමා නිවසට ඇතුළුවී අම්මටත් මල්ලිලාටත් අයියලාටත් පහර දුන්නා. ‘තොපි දෙමළ‘ කියා බණිමින් පහර දෙන්න පටන් ගත්තා. ඔවුන් අම්මටත් අයියලාටත් ගැහුවා. අම්මට පයින්ද ගැහුවා. මේ නිසා අම්මා බිම ඇද වැටුණා. පසුව තාත්තා පොලිසියට ගොස් මේ බව දන්වලා පොලිසිය සමඟ ගෙදර ඇවිල්ලා අම්මා රෝහල් ගත කළා. ගහපු අය දුටුවොත් හඳුනනවා."
පහරකෑමට ලක්වූ පෙරුමාල් ජේසුලිංගම් මෙසේ කීවේය. "මගේ සහෝදරිය සහ මාපියන් සමඟ පසුගිය 2022 දෙසැම්බර් 31 වන දින රාත්‍රී නංගිලාගේ නිෙවසේ සිටියදි බීමත් පිරිසක් පැමිණ දොරට පයින් ගසා දොර කඩා නිෙවසට ඇතුළුවී නිවසේ සිටි අප සියලු දෙනාට අතින් පයින් පහර දුන්නා. අම්මාට පයින් ගැසුවා. අම්මාට තුවාල වීම නිසා පොලිසිය පැමිණි පසුව රෝහල් ගත කළා. අම්මාගේ තත්ත්වය බරපතළ නිසා අනුරාධපුර මහ රෝහලට යවා තිබුණා. පසුව පස්වනදා අම්මා එහිදී ජීවිතක්ෂයට පත්වුණා. පහර දුන් අය දුටුවොත් හැඳිනිය හැකියි."
තඹුත්තේගම පොලිසිය මඟින් පරීක්ෂණ පවත්වා හඳුනා ගැනීමේ පරීක්ෂණය සඳහා සැකකරුවන් හතර දෙනකු 2023 ජනවාරි 06 දින අත්අඩංගුවට ගෙන තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කැරිණි. තඹුත්තේගම මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණයක්ද පැවැත්වීය. තඹුත්තේගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ ද තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරී ජීවහස්ත සිරිසේන සමඟ අපරාධය වූ ස්ථානයට පැමිණ විමර්ශන පැවැත්වීමට උපදෙස් ලබා දී තිබේ. පොලිස් පරීක්ෂක විමලසේන ඇතුළු නිලධාරින් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
සී. එම්. ආරියපාල - තඹුත්තේගම