මවයි දියණියයි පිලිස්සි මිය ගිය රහස හෙළි වෙයි | සිළුමිණ

මවයි දියණියයි පිලිස්සි මිය ගිය රහස හෙළි වෙයි

න් විශ්‍රාමික ගුරුවරියකි. ඕ තම දියණිය වූ 'මේරි' සමඟ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටියහ. මේරි රූමත් යුවතියකි. අගේ පෙම්වතා පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියකු ලෙස රැකියාව කළේය. මේරි රැකියාවක් නොකළ අතර ඇය සෑම සති අන්තයකම පාහේ තම පෙම්වතා සමඟ විනෝද ගමනක් යාමට පුරුදුව සිටියාය.

මේරිගේ පෙම්වතා ඇයට දැඩි ලෙස ආදරය කළේය. ඉඩක් ලැබුණු හැම විටම පාහේ ඇය මුණගැසීම සඳහා පැමිණියේය. මේරි මානසික රෝගී තත්ත්වයකින් ද පෙළුණු අතර ඇය මෙම රෝගිී තත්ත්වයට ලක් වන්නේ ඉඳහිටය. රෝගී තත්ත්වය උත්සන්න වූ විට ඕ උන්මත්තියක ලෙස හැසිරුණාය. මේරිට ඉඳහිට ඇතිවන මෙම රෝගී තත්ත්වය ගැන ඇගේ පෙම්වතාද දැන සිටියේය. මේරි මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමටද ඇගේ පෙම්වතා කටයුතු කරනු ලැබීය.

එක්තරා සති අන්තයක මේ පෙම් යුවළ විනෝද ගමනක් සඳහා පිටත්ව ගියහ. ඔවුන් යළි නිවසට පැමිණියේ දින තුනකට පමණ පසුවය. මේරිගේ පෙම්වතා දින දෙක තුනක් මේරිගේ නිවසේ ගතකොට රැකියාව සඳහා පිටත්ව ගියේය. ඔහු නිවසින් පිටත්ව ගොස් ගත වූයේ දින තුනකි. මෙල්බර්න් නුවර පිහිටි පොලිසිය වෙත හදිසි දුරකතන පණිවුඩයක් ලැබුණේය. එම දුරකතන පණිවුඩය ලබා දී තිබුණේ මේරිගේ නිවස අසල පදිංචිකරුවකු විසිනි.

“නිවසේ දොරවල් සියල්ල වසා දමලා. නිවස ඉදිරිපිට කාර් රථයක්ද තියෙනවා. නිවස තුළින් දැඩි දුර්ගන්දයක්ද වහනය වෙනවා.“ එම දුරකතන පණිවුඩයෙන් කියවිණි. 

වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මේරි පදිංචිව සිටි නිවසට ගියහ. නිවසේ දොරවල් අගුළු දමා වසා තිබුණේය. නිවසේ සීනුව නාද කළද කිසිම ප්‍රතිචාරයක් නොවීය. පසුව පොලිසිය නිවසේ දොරගුළු කඩා දමා නිවසට ඇතුළු විය.

එහිදි පොලිස් නිලධාරින්ට දැකගත හැකි වූයේ සිත් කම්පා කරවන දර්ශනයකි. මේරිගේ හා ඈන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි තරමට පිලිස්සි ගොස් තිබුණි. සිරුරු දෙක මුළුතැන්ගෙයි මැද වැටි තිබුණි. පොලිස් නිලධාරින් විසින් වෝහාරික විද්‍යාඥයකු අධිකරණ වෛද්‍යවරයකු සහ පොලිස් ඡයාරූප ශිල්පියකු අපරාධය වූ ස්ථානයට කැඳවීමට කටයුතු කෙරිණි. වර්තමානයේ රුහුණු වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා එම කාලයේ දී පශ්චාත් උපාධි පුහුණුව සඳහා මෙල්බර්න් නුවරට ගොස් සිටියේය. ඒ නිසා ඔහුද මේ මවගේ සහ දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සම්බන්ධ විය.

නිවසේ සියල්ල ඡායාරූප හා වීඩියෝ ගත කෙරිණි. මෙකී මවගේ හා දියණියගේ සිරුරු අඟුරු බවට පත්වන තෙක් පිලිස්සී ගොස් තිබුණි. ඈන්ගේ සිරුරේ දකුණු පාදය, පපු ප්‍රදේශය, දෑත්, හිස දැඩි ලෙස පිලිස්සී ගොස් තිබූ අතර භාගයට ගිනි දැල්වී තිබූ පෙට්‍රල් භාජනයක්ද ඒ අසල විය. නිවසේ මුළුතැන්ගෙයි කොටසක් කළු පැහැ ගැන්වී තිබුණේය. එහෙත් නිවසේ තිබූ භාණ්ඩවලට කිසිදු හානියක් වී නොතිබුණි. නිවසේ තිබූ බඩුබාහිරාදිය තිබූ තැන්වලම දක්නට විය. සාලයේ තිබූ රූපවාහිනී යන්ත්‍රය ආවරණය කොට තිබුණේය. මවත් දියණියත් මියගිය ආකාරය පිළිබඳ ගැටලු රැසක් ඇති වී තිබුණි. මවත් දියණියත් කිසිවකු විසින් ඝාතනය කොට නිවස තුළදීම පුලුස්සා දැමුවාද? නැතහොත් මොවුන් දෙදෙනා ගිනි තබාගෙන දිවි හානි කරගෙන ඇත්ද? මවත් දියණියත් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙය සිදු වූයේද යන ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුව තිබුණි.

එපමණක් නොව මේරිගේ පෙම්වතා ගැනද සැක සංකා ඇතිවී තිබුණේය. මළසිරුරු පිලිස්සීමේදී සාමාන්‍යයෙන් ගිනි ජලාවක් ඇතිවන අතර එම ගිනිදැල් නිවස තුළින් එළියට මතුවිය යුතුය. එහෙත් නිවස තුළින් ගිනිදැල් නොව දුමක් පවා මතුවී ඇති බවක් අසල්වැසියන් පවා දැක තිබුණේ නැත. මවත් දියණියගේත් සිරුරු මේ අයුරින් පිලිස්සී තිබුණේ කෙසේද යන්න පිළිබඳ ගැටලුවක් විය. අධිකරණ වෛද්‍යවරයා විසින් මෙකී මළසිරුරු දෙක එක්ස්රේ පරීක්ෂණයට ලක් කළේය. බෝම්බ ප්‍රහාරවලින්, ගෙල මිරිකා මියගියේ යැයි සැක කරන මළසිරුරු සහ දැඩි ලෙස පිලිස්සී ගිය මළසිරුරු විච්චේදනය කිරීමට පෙර එක්ස් කිරණ පරික්ෂාවට භාජනය කළ යුතු වන්නේය. එහෙත් මෙකී මවගේ සහ දියණියගේ සිරුරුවල වෙඩි උණ්ඩ හෝ මුනිස්සම්වල ඡායා හෝ අස්ථින්වල කැපුම් තුවාල හෝ අස්ථින් භග්නය වීම යන මේ කිසිවක් එක්ස් කිරණ සේයා පටවල දක්නට නොවීය.

එමෙන්ම මළසිරුරු දෙකේ පිලිස්සුම් තුවාලවල ප්‍රමාණයද වෙනස් බව පටකවේද පරික්ෂාවේදී අනාවරණය විය. මවගේත් දියණියගේත් සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යොමු කිරීමටද කටයුතු කෙරිණි. වස විෂ හෝ වෙනත් සැක කටයුතු දෙයක් නොතිබු බව එම වාර්තාවේ සඳහන්ව තිබුණි. එහෙත් දියණියගේ සිරුරේ යම්කිසි ඖෂධ ප්‍රමාණයක් තිබෙන බව එම වාර්තාවේ සඳහන් විය.

ඉන්පසු අධිකරණ වෛද්‍යවරයා විසින් පොලිස් පරික්ෂණ වාර්තා, මියගිය අයගේ රෝග ඉතිහාසය පශ්චාත් මරණ පරික්ෂණයේ දී අනාවරණය කරගත් තොරතුරු නිරීක්ෂණය කළේය. ඉන්පසු බැහැර කිරීමේ න්‍යාය යටතේ මෙය මිනීමැරුමක් නොවන බවට අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළේය. එසේ නම් මෙම මවත් දියණියත් මියගියේ කෙසේද යන්න ඊළඟ ගැටලුව විය.

මේරි මානසික රෝගි තත්ත්වයකින් පෙළුණු තරුණියක් වූ නිසා ඇයගේ රෝග ඉතිහාසය පිළිබද අධ්‍යයනය කිරීමට අධිකරණ වෛද්‍යවරයා විසින් පියවර ගත්තේය.

එම තොරතුරු මෙන්ම අසල්වාසින්ගෙන් ලද තොරතුරුවලට අනුව මවත් දියණියත් අතර ගැටුම් ඇතිවන බව දැනගන්නට ලැබුණි. දියණියගේ රෝගී තත්ත්වය උත්සන්න වන අවස්ථාවලදී ඇය මවට පහර දෙන බවත් එවැනි අවස්ථාවලදී ඇය වියරුවෙන් මෙන් හැසිරෙන බව පරික්ෂණවලදී අනාවරණය විය. මෙකී සියලු තොරතුරු සැලකිල්ලට ගත් අධිකරණ වෛද්‍යවරයා දියණිය විසින් මවට පහරදී ඇගේ සිරුරට ගිනි තබා ඉන්පසු දියණියද සිරුරට ගිනි තබාගෙන දිවි හානි කරගෙන ඇති බවට උපකල්පනය කළේය. පිටතට ගිනිදැල් මතු නොවන අයුරින් මළසිරුරු පිලිස්සි තිබූ බව මුලදී අපි සඳහන් කළෙමු. සැබවින්ම මෙවැනි පිලිස්සුම් තුවාලවලින් මරණ සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. එබැවින් මෙවැනි පශ්චාත් මරණ පරක්ෂණ අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී හදුන්වන්නේ ‘දර්ශිය නොවන මානව දහනය‘ යනුවෙනි.

මේ සඳහා ඉටුවිය යුතු සාධක කිහිපයකි. බෝහෝ විට මෙවැනි පිලිස්සීම් ඇතිවන්නේ සංවෘත පරිසරයක් තුළදීය. ඉතා කලාතුරකින් විවෘත පරිසරය තුළදී ද මෙවැනි දෙයක් සිදුවිය හැකිය. සංවෘත පරිසරයක් තුළදී මේ සඳහා වාතය ඉතා හොඳින් සංසරණය විය යුතු අතර මේ නිසා පැය ගණනාවක් පුරා සෙමින් සිරුරුවලට ගිනි ඇවිළීම සිදුවි තිබුණි.

අගේ සිරුරේ විශාල ප්‍රමාණයක් මේද අඩංගුය. මේදය දහනයට උපකාරක ද්‍රව්‍යයකි. පුද්ගලයකුගේ සිරුරට සීමිත තත්ත්වයක් යටතේ ගිනි ඇවිළී මේද තට්ටුව නිරාවරණය වුවහොත් මේද තට්ටුව දහනය වී මුළු ශරිරයම අඟුරු බවට පත් වෙනවා. ඉතා සෙමින් තමයි ගිනි ඇවිළීම සිදුවන්නේ. නමුත් අවට පරිසරයට කිසි දෙයක් වෙන්නේ නැහැ. පැය 24ක් 48ක් ඇතුළත මුළු ශරීරයම අඟුරු බවට පත්වෙනවා“ යැයි විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා කීවේය.

“සාමාන්‍යයෙන් ඉටිපන්දමක් දැල්වෙන විටදී ඉටි පහළට වැටේ. ඉටිපන්දම වටේ කිසිම දෙයක් දක්නට නොලැබේ. වටේ කළු වීමක්ද දක්නට නැත. මේ අයුරින් මිනිස් සිරුරේ මේද තට්ටුව දහනයට උපකාරී වන ද්‍රව්‍යයක් නිසා මේද තට්ටුව ගිනිදැල් නොමැතිව ගිනි රශ්මියෙන් පිලිස්සීමට ලක්වේ. මෙකි මවගේත් දියණියගෙත් සිරුරු පිලිස්සිමට ලක්ව තිබුණේ“ මේ අයුරින් බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

Comments