
වට්ස්ඇප් ඔස්සේ එන කෙල්ලන්ගේ පින්තූරවලට රැවටුණු අය ජාවාරමුන්ට සල්ලි පුදලා
පොලිසියට පැමිණිලි නොකරන්නේ ලැජ්ජාව නිසාලු
කන්ද උඩරට සුප්‍රසිද්ධ සංචාරක පුරයකි. කන්ද උඩරට එම සංචාරක පුරවරයට අයත් ප්‍රධානතම නගරයන් වන නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, ඇල්ල, බදුල්ල ප්‍රදේශ ආශ්‍රිතව සංවිධානාත්මක කල්ලියක් මිනිසුන් රවටා සැලසුම් සහගතව මහා පරිමාණයෙන් සිදු කරනු ලබන මුදල් වංචාවක් පිළිබඳ තොරතුරු මේ වන විට හෙළි වෙමින් පවතී.
ජංගම දුරකතනය ඔස්සේ සිදු කරනු ලබන මේ මුදල් වංචාවට පුද්ගලයින් රැසක් මේ වන විට හසුවී ඇතත් බිය සහ ලැජ්ඡාව නිසා ඔවුන් මේ පිළිබඳ පොලිසිය සහ වගකිවයුතු පාර්ශ්වවලට පැමිණිලි කිරීමෙන් වැළකී සිටීම නිසා මෙම සංවිධානාත්මක පිරිසගේ ක්‍රියාවන් වලට එය විශාල රුකුලක් වී ඇත. මෙසේ එම සංවිධානාත්මක පිරිසගේ වංචාවලට හසු වූ පුද්ගලයින් හට ඔවුන් මේ වන විට දිගින් දිගටම තර්ජනය කරමින් සිටීමද සුවිශේෂීය.
මේ සංවිධානාත්මක පිරිස සිදු කරන වංචාවට හසු වී ඇත්තේ සමාජයේ යම් තැනක් ඇති තනතුරු තාන්න මාන්න දරන පුද්ගලයන්ය. ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොකර මේ මහා වංචාව පිළිබඳ සමාජය දැනුවත් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටින්නේ තවත් පුද්ගලයන් මේ වංචාකාරන්ට හසු වීම වළක්වා ගැනීමටය.
එම පුද්ගලයින් ලබා දෙන ලද තොරතුරු ඔස්සේ මෙම ලිපිය ලියන ලියුම්කරු එම වංචනික පුද්ගලයින්ගේ ජංගම දුරකථන මගින් ඔවුන් සමග අදහස් හුවමාරු කරගනිමින් මෙකී සිද්ධිය පිළිබඳ සැබෑ තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකි විමද සුවිශේෂීය.
මෙම වංචනිකයින් ඔවුන්ගේ මෙම කූට ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ මෙලෙසිනි. බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, නුවරඑළිය ප්‍රදේශවල පදිංචි ස්මාට් ජංගම දුරකථන භාවිත කරන්නන්ගේ දුරකථනවලට මෙසේ පණිවිඩයක් ලැබේ.
එනම් “මම ලස්සන කෙල්ලෙක්... ඔයාට මාව ඕනි නම් මේ දුරකථන අංකයට කතා කරන්න...“ ඒ එම පණිවුඩයයි. එම පණිවුඩය ලැබෙන දුරකථන අංකයට ඇමතුමක් ගත් විට එයට පිළිතුරු දෙන්නේ පිරිමි අයකුය. ඔහු එසැණින් මෙසේ ද පවසයි.
“අපි ස්පා (මසාජ්) කරන්නේ නෑ. අපි ඔයාලට අවශ්‍ය දේ දෙනවා. අපි ළඟ අවුරුදු 20 -25 අතර ලස්සන කෙල්ලො පහක් විතර ඉන්නවා. ඕනෑම දවසක ඕනෑම වෙලාවක අපි ඔයාල වෙනුවෙන් සේවය කරන්න සූදානම්. අවශ්‍ය නම් නුවරඑළිය ටවුන් එකට ඇවිත් මේ නම්බර් එකට කෝල් එකක් ගන්න“ යනුවෙන් ඔහු පවසයි.
ඒ අනුව කාන්තාවකගේ පහස අවශ්‍ය පුද්ගලයා නුවරඑළිය නගරයට ගිය පසු "ඔයා නුවරඑළිය බැංකුව ගාවට යන්න... අපි ඔයාට අවශ්‍ය කෙනා එතනට එවනවා“ යැයි පවසන්නේය.
ඒ එක්කම මේ පුද්ගලයා ගනුදෙනු කරුට කියන්නේ “ඔයා දැන් මේ බැංකු එකවුන්ට් එකට රුපියල් 5000/- දාන්න“ යනුවෙනි. අදාළ ගිණුම් අංකයන් ඔහු ඒ මොහොතේම ලබා දෙයි.
ඉහත ගිණුමට මුදල් යැවු පසු ‘අදාළ කුවිතාන්සිය වට්ස්ඇප් කරන්න‘ යැයි කියන ජාවාරම්කරු ඒ සඳහාද අංකයක් ලබා දෙයි. එසේ තොරතුරු යැවු පසූ ජාවාරම්කරු ගනුදෙනු කරුට කියන්නේ තරුණිය පැය භාගයකින් එවන බවය. මේ පැය එකහමාරක් ගෙවී ගිය පසු ඔහු කියන්නේ ගනුදෙනුකරු සඳහා වෙන් කළ හෝටලයේ කාමර එකක් වත් නිදහස්ව නැති බවකි. ඒ.සී. රූම් එකක් ගැනීම සඳහා තව රුපියල් 2500/- ක මුදලක් අමතරව කලින් රුපියල් 5000/- ක් දැමු ගිණුම් අංකයටම එවන්න යැයි ජාවාරම්කරු කියන්නේය. බැංකු ගත කළාට පසුව ඔහු පවසන්නේ ‘හරි වැඩේ අර... රූම් එක ගාවට පොලිසිය ඇවිල්ලා... කොයි වේලේ යයිද දන්නේ නෑ. මොකද කරන්නේ ඔයා කැමතිනම් හොරෙන් එතනට යන්ඩ... හැබැයි පොලිසියට මාට්ටු වුණොත් අපි ඕවට නෑ. තමන්ම ඒවා බලා ගන්ඩ ඕනි. ඔයාල වගේ ලොකු මහත්තුරුන්ගේ ආත්මයම ඉවරයි නේද. කැමති තීරණයක් ගන්න...“ යනුවෙන් එසේ කියන ජාවාරම්කරු දුරකතනය විසන්ධි කර ගනී.
ඒ අංකයට පසුව ඇමතුම් ගත්තද දුරකථනය විසන්ධිය. රූමතිය වෙනුවෙන් මුලින් මුදල රුපියල් 5000/- හෝ 7500/- ගෙවු පුද්ගලයාට අන්තිමට හිස් අතින් යාමට සිදුවෙයි.
බණ්ඩාරවෙල, වැලිමඩ, බදුල්ල වැනි ප්‍රදේශවල මෙවැනි ජාවාරම් බහුලව ක්‍රියාත්මක වෙයි. මෙම සිද්ධියට අදාළ පුද්ගලයා තමාට ‘බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් කාන්තාව අවශ්‍ය බව‘ පවසා ඇත. ඉන් පැයකට පමණ පසු අදාළ පුද්ගලයාගේ දුරකතනයට එක්තරා දුරකතන අංකයක් ලැබී ඇත. එම දුරකතන අංකය ඇමතු පසු මම සෙව්වන්දි නැමැති කාන්තාවක් කතා කළාය. මාව හමුවෙන්ඩ අවශ්‍ය නම් රුපියල් 5000/- ඊසි කෑෂ් එවන්ඩ යනුවෙන් පැවැසුවාය. මට සල්ලි එව්වට පස්සේ බණ්ඩාරවෙල ටවුමට එන්ඩ මම ඊට පස්සේ මම ඉන්න තැන ලොකේෂන් එක ඔයාට ෆෝන් එකින් දෙන්නම්. ඊට පස්සේ ඔයා මාව හමුවෙන්ඩ යනුවෙන් ඇය පැවසුවාය. ඒ අනුව ඉහත අංකයට රුපියල් 5000/- ඊසි කෑෂ් යවා බණ්ඩාරවෙල නගරයට ගිය ගනුදෙනුකරු මෙම කාන්තාවට දුරකතන පණිවිඩ 15 - 20 විතර ගත්තද එම ඇමැතුම් කිසිවකටත් ඇය පිළිතුරු නොදි පසුව දුරකථනය විසන්ධි කර ඇත. ඊට පස්සේ ගනුදෙනුකරු මුලින්ම මිතුරු හමුව සූදානම් කළ පුද්ගලයාට කතා කළ පසු ඔහු කියා ඇත්තේ "මාත් ඒ ගෑනිට කෝල් ගත්තා. කතා කරන්නේ නෑ.“
මෙවැනි වංචනිකයින් මෙලෙස ඉතා කූට ලෙස මුදල් වංචාව දිගින් දිගටම සිදු කරනු ලබන්නේ මෙම ක්‍රියාවන්ට සම්බන්ධ වන පුද්ගලයන් සමාජ තත්ත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන ඔවුන්ට මොන හානියක් වුණත් තමුන්ගේ තත්ත්වය හා තරාතිරමට හානියක් වන නිස මොවුන් මේ පිළිබඳ පොලිසියට පැමිණිලි නොකරන බැවිනි.