අපේ අවට අපිම රැක ගනිමු | සිළුමිණ

අපේ අවට අපිම රැක ගනිමු

මිනිසාගේ පැවැත්මට, වර්ධනයට, ක්‍රියාකාරිත්වයට බලපාන්නා වු අභ්‍යන්තර හා බාහිර සාධකවල සමස්තය පරිසරයයි. සතා සිවුපා, ගස්ගල් හා ගංගා ඇළ දොළ, දිය ඇලි පරිසරයේ ඇති අංග වේ.

ගස්වැල් විනාශ වීමට හා සතුන් විනාශ වීමට හේතු ඇත. ගස් කපා දැමීම, ගංගාවලින් වැලිගොඩ දැමීම, සතුන් මැරීම එවැනි කටයුතු වේ. මෙවැනි අපරික්ෂාකාරී ලෙස අප කටයුතු කළයුතු නැත. ගස්වැල්, සතුන්, ගංඟා ඇළ දොළ, දියඇලි රැක ගත යුතු වේ. මේවා පමණක් නොව අපගේ අවට වටපිටාවද රැක ගත යුතු වේ.

දෑසමන් කිංකිණි ගුණසේකර
7ශ්‍රේණිය ,
ගුරුගෙදර අධ්‍යපන ආයතනය,
සපුගස්කන්ද.

Comments