
රාජ්‍ය විශ්වවිද්‍යාල හතකට අලුතින් තාක්ෂණික පීඨ 7 ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. මේ සඳහා රජය මෙවර අයවැයෙන් රුපියල් මිලියන 5000 ක් වෙන් කර ඇත. රජරට, රුහුණ, සබරගමුව, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඔ හා නිරිත දිග විශ්වවිද්‍යාලවල මේ අනුව ලබන වසරේදී අලුතින් තාක්ෂණ පීඨ ආරම්භ කෙරේ.
මෙම පීඨ මඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණ හා පද්ධති තාක්ෂණය වැනි විෂයන් කිහිපයක් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් අලුතින් හඳුන්වාදීමට නියමිතය.