නෙස්ලේ 2023 වසරේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම 10 අතරට එක්වෙයි. සුප්‍රකට ව්‍යාපාර සන්නාම ඇගයීමේ ආයතනයක් වන Brands Finance ආයතනය, LMD සමඟ එක්ව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන පාරිභෝගික සන්නාම ශ්‍රේණිගත කිරීමෙහි, අඛණ්ඩව දෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ආහාරපාන සන්නාමය ලෙස නෙස්ලේ සම්මානයට පාත්‍ර විය. මේ සමඟ මෙරට වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම අතර 8 වැනි ස්ථානය දිනා ගැනීමට ද නෙස්ලේ සමත් වූ අතර, එම සන්නාම 10 අතරට අයත් එකම ආහාරපාන සන්නාමය නෙස්ලේ වීම ද විශේෂත්වයකි. දේශීය ව්‍යාපාර ප්‍රජාව අතර මහත් ගෞරවයක් දිනා සිටින මෙම ශ්‍රේණිගත කිරීම මගින් සන්නාමවල වටිනාකම සහ ශක්තිය මැනබැලීම සිදුකරයි.
ඊට අමතරව නෙස්ලේ සන්නාම හතරක් මේ වසරේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනතා ආදරය දිනාගත් සන්නාම අතරට එක්වීම ද කැපී පෙනෙයි. 2022 වසර මෙන්ම මෙවරත් කිරි ආහාර- මෝල්ට් පාන අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට නෙස්ටමෝල්ට් සන්නාමයට හැකි විය. එම අංශයේම දෙවැනි ස්ථානය මයිලෝ සන්නාමයට හිමි වූ අතර, ආහාර අමුද්‍රව්‍ය අංශයේ දෙවැනි ස්ථානය මැගී සන්නාමයට ද, ජෑම් සහ සෝස් අංශයේ දෙවැනි ස්ථානය මිල්ක්මේඩ් සන්නාමයට ද හිමිවිය.