ආණ්ඩුව සියලු බර පටවන්නේ ජනතාවටයි | සිළුමිණ

ආණ්ඩුව සියලු බර පටවන්නේ ජනතාවටයි

ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පොඩි මිනිහාට පමණක් බරක් වන බදු ප්‍රතිපත්තියක් බවද සාමාන්‍ය ජනතාවගෙන් වෙලාවට බදු අය කරගන්නා නමුත් දේශපාලඥයන් ඒ අයගේ හිතවතුන්ට බදු සහන ලබා දෙන බවද ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට පැවසීය.

ජවිපෙ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. ‘‘මේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව මේ රටේ රජයේ ආදායම කිසිම විදිහකින් වැඩි කරන්න බැහැ. සමහර මත්පැන් නිෂ්පාදනය කරන ආයතනවලින් අය විය යුතු මුදල රුපියල් කෝටි 623 ක්. එම මුදල් අය කරගන්න රජය උත්සාහ කරන්නේ නැහැ.

මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 5 ක් තිබුණත් බදු ගෙවන්නේ 31,000 ක් පමණයි

හැම ආණ්ඩුවක් කළේ බදු අය කර ගැනීමේ ක්‍රමය පොදු ජනතාව පිට පැටවීමයි. ආණ්ඩුව රුපියල් කෝටි 10000ක අලුත් ආදායම් උපයන බදු ක්‍රමයක් යෝජනාවලියක් තිබුණට එහි අවසානයේ බර පොදු ජනතාව පිට පැටවෙනවා‘‘.

Comments