AIA ඉන්ෂුවරන්ස් වායු විමෝචන සහතික ලබයි | සිළුමිණ

AIA ඉන්ෂුවරන්ස් වායු විමෝචන සහතික ලබයි

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිත ගතකිරීමට සහය වීමේ සිය කැපවීම තවදුරටත් විදහාපාමින්, ISO 14034-1:2018 හරිතාගාර වායු විමෝචන සහතික ලබා තිබේ. මෙම ඇගැයීම ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සහතිකයක් වන අතර මෙමඟින් තිරසර පැවැත්මක් සඳහා සමාගමේ කැපවීම සහ කාබන් පියසටහන් සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට සිදු කරන්නා වූ ප්‍රයත්නයන් ඇගැයුමට ලක්කරයි. උසස්ම තත්ත්වයේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දැඩි සුදුසුකම් ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිදුකරන්නා වූ මෙම සහතිකත්ව වැඩසටහන ඔස්සේ හරිතාගාර වායු විමෝචනය මැනීමට සහ අඩු කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරන සහ සමස්ත සමාගම පුරාවට එම කර්තව්‍ය සඳහා සහභාගීත්වයක් ඇතිබව තහවුරු කරන්නා වූ සමාගම් ඇගැයේ.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම මෙම ISO 14034-1:2018 හරිතාගාර වායු විමෝචන සහතිකය අත්කර ගැනීම සඳහා ඉතා දැඩි නිර්ණායකයන්ට යටත් වූ ක්‍රියාවලියක් අනුගමනය කරන ලදී.

Comments