රටම ඛේදවාචකයක් වෙලා | සිළුමිණ

රටම ඛේදවාචකයක් වෙලා

මේ ඇතිවී තිබෙන අර්බුදයට මේ ආණ්ඩුව තෝරාගනු ලබන්නේ IMF සමඟ එකඟ වී ඉදිරියට යෑම බවද පසුගිය කාලයේ දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ආකාරයක් ගැන කතා නොකළ බව ද ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සිළුමිණට කීය.

රටේ අනාගතයට මොකද වෙන්නේ කියා හෝ ඉදිරියේදී ආණ්ඩුවක් විදිහට මොනවද කරන්නේ කියලා මේ ආණ්ඩුවට කිසිදු සැලසුමක් නැති බව අවධාරණය කළ ජවිපෙ ලේකම්වරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

 ‘‘ජනතාවගේ තැන්පත්වලට කිසිදු ගැටලුවක් නොවන බව ආණ්ඩුව කිව්වත් වෙන්නේ මොකක්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. බැංකුවත් වත්කම්වලට ගැටලුවක් වෙන්න නැහැ කිව්වට අපි දන්නවා ඉදිරියේදී වෙන්නේ මොනවද කියලා. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලෙනුත් මුදල් අරන් තියෙනවා. ඒවගේම සේවක අර්ථ සාධකවලටත් බද්ධක් අය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ ආණ්ඩුවල වැරදි නිසා ඇතිවූ අර්බුදය විසඳන්න හදන්නේ සේවක අර්ථසාධක අරමුදලෙන් සහ බැංකුවලින්. සජිත් ප්‍රේමදාස මහත්තයාත් මේ ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැති බවත් කියලා තියෙනවා. දෙගොල්ලොම එක පැත්තේ අය, මේ ගමන් කරමින් යන විදිහට රටට අනාගතයක් නැති වෙනවා‘‘.

Comments