විදුලිය ඉතිරි කරන අබාන්ස් GreenPro සුපිරි ශීතකරණය | සිළුමිණ

විදුලිය ඉතිරි කරන අබාන්ස් GreenPro සුපිරි ශීතකරණය

පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීමේ පුරෝගාමියකු වන අබාන්ස් සමාගම අබාන්ස් GreenPro සුපිරි ඉතිරුම් ශීතකරණය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ලබා දෙන බලශක්ති ශ්‍රේණියේ 4.1ක අගයක් (Energy Rating Label) වාර්තා කරමින් දිවයිනේ ඇති ලීටර් ධාරිතාව 200ට අඩු ඩිරෙක්ට් කූල් ශීතකරණ කාණ්ඩයේ ඉහළම කාර්යක්‍ෂමතාවයකින් යුත් ශීතකරණය ලෙස පිළිගැනීමට ලක් විය. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ඒකාබද්ධව ඉකුත් පෙබරවාරි 17 වැනිදා Energy Rating Label සහතිකය අබාන්ස් වෙත පිරිනැමීය.

අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සහිත අබාන්ස් සුපිරි ඉතිරුම් ශීතකරණය අබාන්ස් ප්‍රදර්ශනාගාර සහ BuyAbans.com වෙතින් පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගත හැකිය.

 

Comments