ඩේවිඩ් පීරිස් පර්ල් බේ ජල උද්‍යාන සහ කාර්ටින් ධාවන පථය ඇරඹෙයි | සිළුමිණ

ඩේවිඩ් පීරිස් පර්ල් බේ ජල උද්‍යාන සහ කාර්ටින් ධාවන පථය ඇරඹෙයි

ඩේවිඩ් පීරිස් සමූහයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් අංශය විසින් බණ්ඩාරගම ඉදි කරන ලද පර්ල් බේ සංකීර්ණය නිල වශයෙන් විවෘත කෙරුණු අතර, මේ සුවිශේෂී විනෝදාත්මක ක්‍රියාකාරකම් සංකීර්ණයට යුරෝපියානු සෞඛ්‍ය සහ ආරක්ෂණ තත්ත්වයන්ට අනුකූලව සහතික කළ ජල උද්‍යානයක් සහ කාර්ටින් ක්‍රීඩාව සම්බන්ධ ලෝක නියාමන ආයතනය වන FIA/CIK විසින් සහතික කළ විනෝදාත්මක සහ වෘත්තීයමය කාර්ටින් ධාවන පථයක් ද ඇතුළත් වේ.

පර්ල් බේ උද්‍යානය ජනවාරි 26 වැනිදා මහජනතාවට විවෘත කෙරෙන අතර, www.thepearlbay.com හරහා ටිකට්පත් මිලදී ගත හැකිය.

 

Comments