![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/07/30/Untitled-93.jpg?itok=ip8bfus8)
මේවන විට ඔබේ පක්ෂයේ නායකත්වය රටේ නායකත්වය බවට පත් වී තියෙනවා. ව්‍යාවස්ථානුකූලව මේ පත්වීම සිදුවුවත් ජනමතය නියෝජනය වෙන්නේ නැහැ කියලා ඇතැම් පාර්ශ්වයන් කියනවා?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37/ 1, 37/2 සහ 40 ලියලා තියෙන්නේ ඇයි? මේ වගේ කතා කියන අය අය ව්‍යවස්ථාව බලන්න අවශ්‍යයි. ව්‍යවස්ථාව ගැන දැනුමක් නැති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කිසි අවබෝධයක් නැති අය එවැනි ප්‍රකාශ සිදු කරනවා. ඉතිහාසයේ එවැනි අවස්ථා සම්බන්ධයෙන් උදාහරණ තියෙනවා. 1993 මැයි පළවෙනිදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ජිවිතක්ෂයට පත්වුණා. මැයි හත්වෙනිදා පාර්ලිමේන්තුව කැඳෙව්වහම එවකට විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේ; සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මැයි හත් වෙනිදා හැන්සාඩ් වාර්තාවේ එතුමිය කළ කතාව තියෙනවා. එතුමිය විපක්ෂ නායිකාව හැටියට ඉතාම හොඳ වගකීමක් ඇතුව ක්‍රියා කළා. එතුමිය කිව්වා අපි එන්නේ නැහැ. මේ ජනාධිපතිධූරයට අපේ ප්‍රතිපත්ති තුළ අපේ ගමන් මඟ අපි දිගටම ක්‍රියාත්මක කරගෙන යනවා. එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගන්න අපේ ක්‍රියාදාමය තුළ නීතිය හා සාමය ස්ථාවර කරගන්න අපි බලාපොරොත්තු වෙනවා කියන අදහස එතුමිය ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී ඇය වගකිවයුතු විපක්ෂනායකවරියක් හැටියට කටයුතු කළා. ඒ අවස්ථාවේ විපක්ෂයටත් පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙකුත් කණ්ඩායම් වලටත් රටත් බංකොලොත් භාවයට වැටිලා තියෙන අවස්ථාවක හොඳ පාලමක් සකස් වුණා. ඒ පාලම සමහර අය පාවිච්චි කළා. සමහර අය පාවිච්චි කළේ නැහැ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් එම ධූරයට පත් කිරීමේ තිරය පිටුපස සිටි ප්‍රධාන චරිතය මන්ත්‍රී වජිර අබේවර්ධන කිව්වොත් ඔබ පිළිගන්නවා ද?
මම තනිවම එය මෙහෙයුවා කියලා කියන්නත් අමාරුයි. අපි කණ්ඩායමක් හැටියට එකම ඉලක්කයක් සඳහා හඹා ගියා. ;ඒ වගේ අපි එකම අරමුණක් වෙනුවෙන් එකතු වුණා; 2019 අපේ පාලනය අවසන් විටත් අපි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කරගෙන ගිය ගනුදෙනු පසුගිය කාලයේ වෙනස් කිරීම තුළ; අපි දැනගත්තා අනිවාර්යෙන්ම රටත් පාලනයත් කඩා වැටෙන බව. ඒ ගැන විශේෂ දැනුමක් රනිල් වික්‍රමසිංහ එජාප නායකතුමාට තිබුණා. මේ රට පත්වෙමින් පැවැති තත්ත්වය පිළිබඳව එතුමා නිරන්තර කරුණු කාරණා සහ මතවාද ප්‍රකාශ කරනු ලැබුයේ ඒ නිසයි .මේ තත්ත්වය ගැන අපිට අවබෝධයක් තිබුණා නිසා තමයි; එජාප සියලුම දෙනා එකතුවෙලා තිබුණු එකම පුරප්පාඩුවට අනිවාර්යෙන් එතුමා පාර්ලිමේන්තුවට යා යුතු බව අපි ඒකමතිකව තීරණය කළේ. අනිවාර්යෙන්ම රටේ විශාල ආර්ථික අර්බුදයක් මතු වෙමින් තිබෙන බව අපිට පෙණුනා. එතනට මුහුණදිය හැකි නායකයෙක් පාර්ලිමේන්තුව තුළ තිබිය යුතුයි. වසර පනහක පළපුරුද්දක් තියෙන නායකයෙක් හැටියට අපි පාර්ලිමේන්තුවට රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන චරිතය යැව්වා.
එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනා වරින්වර රනිල් වික්‍රමසිංහයන් හැරගියත් වජිර අබේවර්ධන දිගටම ඔහු සමඟ සිටියා. ඔහුත් සමඟ දේශපාලනිකව රැදෙන්න ඔහු තුළ වූ සුවිශේෂී ගුණාංග මොනවාද ?
එතුමා වසර පනහක පළපුරුද්දක් තිබෙන අවුරුදු 45 ක් පමණ පාර්ලිමේන්තුව නියෝජනය කළ, දේශීය හා ජාත්‍යන්තර හැසිරීම් පිළිබඳ අවබෝධයක් ඇති නායකයෙක්; ජාත්‍යන්තරයේ වුවමනාව පරාජය කිරීමට තෝරා ගත හැකි නායකයෙක්. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ වලින් අදක්ෂ පුද්ගලයින් ඒ ස්ථානවලට පත් කරන්නයි ජාත්‍යන්තරය හැම වෙලාවේම බලන්නේ. අපේ රටට ආසියාවේ බලවතෙක් වීමට තිබෙන අවකාශය අහිමි වෙන්නේ එවිටයි. අපි දැනගන්න අවශ්‍යයි ඒ දේවල් වලට ඉඩනොදී ඉන්න. ඒ ආකාරයට ක්‍රියාකළාම ආසියාවේ බලවතෙක් වීමට තිබෙන අවස්ථාව අහිමි වීම වෙන්නේ ශ්‍රී ලංකාවටයි. එතකොට අපි හැමවෙලේම බැලුවේ ලක්ෂයක් ඉන්න තැන 200ක් කියනවා; රනිල් වික්‍රමසිංහ මහතා හරියි කියලා. ඉතුරු ඔක්කොම එකතුවෙලා කියනවා; වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එන්න ඉඩදෙන්න එපා කියලා. අපි 200 පැත්තේ හිටගත්තේ ජාත්‍යන්තරය පරාජය කළ යුතු නිසා. මොකද ජාත්‍යන්තරය සමහර වෙලාවට හිතනවා; ශ්‍රීලංකාවේ පාලකයා අදක්ෂයකු විය යුතුයි කියලා. ඒ නිසා දක්ෂයකු එතනට ගෙන ඒම සඳහා තමයි එතුමා ළග නොනවත්වා අපි එකට වැඩකරන්නේ
ජනාධිපති වික්‍රමසිංහයන් එම ධූරයට පත්වෙමින් බාරගත්තේ බංකොලොත් වූ රටක්. ඔහුට එම තැනින් රට ඉදිරියට ගෙනියන්න පුළුවන්ද?
ඇත්ත වශයෙන්ම 2022 අප්‍රේල් අට වෙනිදා ලංකාව බංකොලොත් රාජ්‍යයක්; බවට ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ.148,149,150 සහ 151 කියන වගන්ති උල්ලංඝනය කිරීමක් සිදුවුණා. රට බංකොලොත් කියා නිවේදනය කරන්න කලින් ගතයුතු පියවරවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සඳහන් කර තිබුණා. එවැනි කිසිදු පියවරකට ඉඩ නොදී රට බංකොලොත් කිරීම තුළ තිබුණේ වෙනත් වුවමනාවන්. එතුමාට පුළුවන් මාස හයක් ගතවෙනකොට සැහෙන වෙනස් කම් කරන්න. දැනටනත් අවුරුදු දෙකක් නොලැබුණු පොහොර ඇවිල්ල තියෙනවා. ගෑස් වර්ග ඇවිල්ල තියෙනවා. එහෙම නම් අපිට තියෙනවා පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් පෝලිම් ටික නැති කරලා රට ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට ගෙනියන්න. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ට ඉටුකරන්න පුළුවන්. එතුමා ආසියාවෙත් අපේ රට ඉහළ තැනකට ඔසවා තබයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා.
පාලකයන් පත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවතින අපේක්ෂාවන් සහ රට අරාජිකත්වයකට පත්කිරීම සහ දේශපාලනික බංකොලොත් භාවයට රට පත් කිරීමේ සැලසුමක් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තියෙනවා කියලා ඔබ හිතනවාද?
ඇත්ත වශයෙන් රටේ දැවෙන ජාතික ප්‍රශ්න තියෙනවා. ජනතාවට ජීවත් විදිහක් නැහැ. ගොවිතැන සම්පූර්ණයෙන් ම විනාශ වුණා. ධීවර ජනතාව සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට මුළු රටක් වැටෙන කොට මහජනයා නැඟිටිනවා. ඒක තමයි අපි සියලුදෙනා කල්පනාවෙන් වැඩ කළ යුත්තේ.
රට ගොඩනඟන්න නම් සියලු දේශපාලන පක්ෂවල දායකත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට කෙරෙන යෝජනාව පිළිබඳ ඔබ මොකද හිතන්නේ ?
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති වෙන්න කලින් මේ රටේ ප්‍රශ්න අවසන් කරන්න පාර්ලිමේන්තුවේ එකසිය දහතුනක් තිබිලා වැඩක් නැහැ කියලා ප්‍රකාශ කළා. අඩුම තරමින් 175කවත් සහයෝගය තියෙන්න ඕන; මේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන්න නම් බහුතර සහයෝගය අවශ්‍යයි. එවැනි ක්‍රියාදායමයන් ක්‍රියාත්මක කරන්න එකට එකතුවී වැඩ කළ යුතුයි. ජාතික ප්‍රතිපත්ති මාලාවක් ව්‍යවස්ථාවට සම්බන්ධ කරගෙන ක්‍රියා කරනවා නම් අපි සියලු දෙනාට ආණ්ඩු වෙනස් වුවත් ප්‍රතිපත්ති වෙනස් නොවන වාතාවරණයක් සකස් කළ යුතුයි. ඒ නිසා ජාතික ප්‍රතිපත්ති මාලාවක් ව්‍යවස්ථාවට ඇතුළු කරනවා නම් අපි සියලු දෙනාට වෙනස් කළ නොහැකි ක්‍රමවේදයක් සකස් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිව්වා. ආණ්ඩු වෙනස් වෙයි. හැබැයි ප්‍රතිපත්ති වෙනස් නොවී ඉදිරියට ගමන් කරන වාතාවරණයක් සකස් කළ යුතුයි. විශේෂයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ප්‍රකාශ කළේ එයයි. ඒ වගේම එතුමාට ඕනකම තියෙනවා සියලුම දේශපාලන කොටස් එකතු කරගෙන සාමුහික ප්‍රයත්නයක් ඇතිව මේ ප්‍රශ්නය අවසන් කරන්න.ඒ සඳහා සියලු දේශපාලන පක්‍ෂ වලටත් ආරාධනා කළා.
සාමුහිකව කටයුතු කළ හැකි ක්‍රමවේදයක් දැන් පවතින නව කැබිනට් මණ්ඩලය තුළ නිර්මාණය වෙලා තියෙනවාද?
සාමුහික වගකීම කියන තැනට ඇත්ත වශයෙන්ම අපි ගමන් කළා. එජාපයට තිබුණේ එක ආසනයයි. දැන් විධායකයත් තව ආසනයකුත් තියෙනවා. ඒ කියන්නේ ස්ථාන දෙකක් එජාපය හිමි කරගෙන තියෙනවා. දැන් අපි සියලුම දෙනා එකට එකතුවෙලා වැඩකරන්න ඕන කියන කරණයි, මේ ක්‍රියාවලිය හරහා අපි අවධාරණය කරන්නේ. උදාහරණයක් හැටියට ගත්විට පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්‍ෂ තමන්ට මේ ප්‍රශ්නය සඳහා දිය හැකි ජතික විසඳුම් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳ යෝජනා තියෙනවා නම් ඒවා මේ රට ගොඩනඟන්න ඉදිරිපත් කරන්න පුළුවන්. ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ එයයි. රටේ ස්ථාවර භාවයක් ඇති කරගෙන ඉදිරියට යන්න අවශ්‍යයි.
සමඟි ජන බලවේගය ජවිපෙ දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් පක්ෂ ඉදිරියේදී ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරනවාද? සහයෝගයෙන් සම්මුතියෙන් වැඩ කිරීමට ඇති වැඩපිළිවෙළ කුමක්ද?
සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටිනවා; කරලත් තියෙනවා. අපි උත්සහා කරන්නේ සෑම කොටසක් ම එකතු කරගෙන ක්‍රියා කරන්නයි. මෙරටේ සියලු දෙනා එකට එකතුව වැඩ කළ යුතු බවයි, අපේ විශ්වාසය. මේ රටේ අර්බුද විසදාගෙන රට සංවර්ධනය කිරිමට නම් සියලු පාර්ශ්වයන් එකතු විය යුතුයි.
ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේදී මන්ත්‍රීවරුන් මුදලට අලෙවි වූ බවට ජනතාව ජනතා විමුක්ති පෙරමුණ, සජබය චෝදනා කරනවා. තිරය පිටුපස වූ දේවල් දන්න කෙනෙක් ලෙස එම චෝදනාව ඔබ අනුමත කරනවාද?
මම හිතන්නේ පාර්ලිමේන්තුවේ එක්පැත්තක එකසිය අනුනව දෙනෙක් එක් පැත්තක යෝජනාවක් ආවා; පොහොට්ටුව දේශපාලන පක්ෂයෙන් 130 ගනනක් සහ විරුද්ධ පක්ෂයෙන් ආසන පනස් ගණනකුත් තිබුණා. පොහොට්ටුව පැත්තෙන් යෝජනා කළා ඩලස් අලහප්පෙරුම මහතාව. එය ස්ථිර කළා විරුද්ධ පක්ෂයෙන්. ඉන් අනතුරුව ඒ ක්‍රියාවලියම තනි ආසනයේ රනිල් වික්‍රමසිංහයන්ටත් සභානායක යෝජනා කළ අතර විරුද්ධ පක්ෂයෙන් යෝජනාව ස්ථිර කළා. නමුත් අවසන් ප්‍රතිඵලය පැහැදිලිවම පේනවා බහුතර කැමැත්ත තිබිලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බව පැහැදිලියි. රනිල් වික්‍රමසිංහයන්ට තමයි ප්‍රසාදය පැවැති නිසා ඡන්ද134 ලබා දීලා විශිෂ්ට ජයග්‍රහණය කළා.
ජනාධිපතිවරයා තේරි පත්වී පැය විසිහරක් ගතවීමට මත්තෙන් ගෝල්ෆේස් සාමකාමි අරගලකරුවන්ට පහර දීමක් සිදුවූ බවට චෝදනා තියෙනවා?
ගෝල්ෆේස් අරගලය ඉතාම සුන්දර අරගලයක්; ඒ අරගලයේ මූලික පරමාර්ථය එක් කොටසකගේ දෙයක් නොවෙයි. එයට විවිධ දේශපාලන පක්ෂ ව්‍යාපාරිකයන් විශ්වවිද්‍යාල සිසුන් සියලුම බලවේග එක අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළා; ඒ අරමුණ සඳහා ක්‍රියා කරපු ජන කොටස් වලට විවිධ නායකත්වයක් තිබුණා. අවසානයේ නරක තැනකට ගමන් කළා . ලෝකයේ පහත් රටක් ලෙස ශ්‍රි ලංකාව පිළිබිඹු වුණා. සුළු පිරිසක් ඒ වෙනුවෙන් ක්‍රියා කළා. ජනාධිපති මන්දිරය කාගෙවත් පුද්ගලික දේපොළක් නොවෙයි. ජනාධිපති මන්දිරය ශ්‍රි ලංකාවේ ජනනතාවගේ සංකේතයක්; ඒ සංකේතය හෑල්ලුවට ලක්වුණා. විඩියෝ ගත කරලා රහසිගත ස්ථාන ලෝකයට ම පෙන්නුම් කළා. රාජ්‍ය නායකයෙක් පැමිණෙන විට මාස කිහිපයකට කලින් ඒ අයගේ ඔත්තු සංවිධාන විසින් බලනවා; ඒ යන රටේ තමන්ගේ නායකයන්ට ආරක්ෂාව තියෙනවා ද කියලා බලනවා. නමුත් ලංකාව ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක් කළා. එය ඉතාම අවාසනාවන්ත තතත්වයක් රට මුදාගන්න අවශ්‍යයි කවදාවත් අපි පුරවැසියන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අපි විරුද්ධ නැහැ; ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට අපි විරුද්ධ නැහැ. එයට මුවා වෙලා රටේ සාමයට බාධාවක් වෙනවා ;නම් ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ධව ෆැසිස්ට් වාදය වපුරවන්න හදන පුද්ගලයන් පුනරුත්ථාපනය කළ යුතුයි.
අරගලකරුවන්ට හමුදාව කළ පහර දීම නිසාත් විවිධ චෝදනා යටතේ ඉදිරියට ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට තිබෙන සැලසුම් නිසා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට ලැබෙන්නේ තියෙන සහාය නොලැබී යා හැකි බවට අනාවැකි පළ වෙනවා; මේ ගැන ඔබ මොකද හිතෙන්නේ?
ප්‍රජාතන්ත්‍රවාදි රටවල් ක්‍රියා කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රිය රාමුවේ සිටයි. ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන ජාත්‍යන්තරයත් රටවලත් ප්‍රජාතන්ත්‍රයට හානියක් වන අවස්ථාවලදි ඒ අය ක්‍රියාකරලා තියෙන ආකාරයටයි මෙ රටෙත් ක්‍රියාකරන්නේ. ඒනිසා එය කිසි ම අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට කරන තර්ජනයක් නොවෙයි. නමුත් අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියට මුවාවෙලා රටක් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණවලට පහර දෙනවා ; නම් අදහස් ප්‍රකාශ කරන අයට වෙනත් පාර්ශ්වයන් ඉදිරිපත් වෙලා. ඒ අයට අවශ්‍ය කරන අදහස් ප්‍රකාශයට පත් කරන්න කියලා තර්ජනය කරනවා නම්; එතැන දි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ආණ්ඩුවට ක්‍රියාකරන්න වෙනවා. රටේ ආරක්ෂාව සඳහා ක්‍රියාකිරීම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ කාර්යයක් කියලා මම හිතන්නේ.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා පත්වුවත්; පාර්ලිමේන්තුවේ නියෝජනය අද වනවිට මහපොළවේ මතය නොවෙයි කියලා ඇතැම් පිරිස් චෝදනා කරනවා.?
ඒ මහ පොළවේ ජනමතය නොවෙයි කියන්න බැහැ; අද කැමැත්ත තියෙනවා ද නැද්ද කියන ප්‍රශ්න ය මතු වුණාම තමයි 37/ 1 වගන්තිය භාවිත කරන්නේ; මහජන මතයයි පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37/1 37/2 38 වගන්තිය 40 ලියලා තියෙන්නේ කුමකටද කියලා බැලිය යුතුයි. එය ලියලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වන අවස්ථාවලදි නිතිය සහ සාමය රැකගන්න අපොහොසත් වන අවස්ථාවලදි ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරිමට ගත යුතුය පියවරන් ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තියෙනවා. එ අනුව කටයුතු කරමින් තියෙනවා. ලෝකේ බොහෝ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37/1 වගන්තිය 37/2 වගන්තිය 40 වෙනි වගන්තිය ක්‍රියාත්මක වෙලා තිබෙනවා. එය ක්‍රියාත්මක කරලා තියෙන්නේ ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කර ගැනීම සඳහා. එමෙන්ම ඒ රටවල පාලන තන්ත්‍රය ස්ථාවර කර ගැනීම සඳහායි. ආණ්ඩු ව්‍යවස්ථාවට අනුකුලව දැන් ඒ කටයුත්ත අවසන් වෙලා තියෙනවා. දැන් බංකොලොත් වූ රට ගොඩගැනීමට සියලු පාර්ශ්ව ක්‍රියාත්මක විය යුතුයි.
ඉතිහාසයේ සිට මේ රටේ ප්‍රබල දේශපාලන පක්ෂයක් වූ එජයේ පසුගිය කාලයේ පසුබෑමට ලක්වුණා පක්ෂය නැවත පෙර තත්ත්වයට ගෙන ඒමට ජනතාව ඒකරාශි කිරීමට වැඩපිළිවෙළක් තියෙනවාද?
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා; නමුත් මේ මොහොතේ රටේ දේශපාලන ක්‍රියාකාරීත්වය සහ තත්ත්වය වෙනස්; සියලු දේශපාලන බලවේගයන් එකට එකතුවෙමින් ක්‍රියා කර මේ රටේ තියෙන දැවෙන අර්බුදවලට විසඳුම් සොයාගත යුතුව තියෙන්නේ. එජාප ඉදිරි වැඩ කටයුතු වෙනම ශ්‍රි ලංකාව පුරාම ක්‍රියාත්මක කිරිම සිදුවෙනවා. එය වේගවත් කළ යුතු ව තියෙනවා.
මෙම කැබිනට් මණ්ඩලය ඉදිරියේ දී යම් වෙනසකට ලක් වෙන බව කියනවා. ඇත්තටම මේ කැබිනට් මණ්ඩලය තාවකාලික කැබිනට් මණ්ඩලයක් ද?
මේ මොහොතේ සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා විසින් කතා කරමින් පවතිනවා; ඇතැම් පක්ෂ සමඟ සාකච්ඡා කරලා අවසන් වෙලා තියෙනවා. මෙවැනි ප්‍රශ්න විසඳුමට නම් පාර්ලිමේන්තුවේ සියයට 75වත් අවශ්‍යයි. ඒ සඳහායි මේ කටයුතු කරමින් සිටින්නේ. අනෙක් දේශපාලන පක්ෂ වල අදහස් උදහස් බලලා ජනාධිපතිවරයා යම් වෙනසක් කළ යුතු නම් ඒ සඳහා අවශ්‍ය පියවර ගනියි කියලා අපි විශ්වාස කරනවා