
නිහාල් පී. අබේසිංහ 
හෝමාගම කහතුඩුවේදී 1962 ඔක්තෝබර් 30 උපන් නිහාල් පින්සිරි අබේසිංහ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි. සිළුමිණ වර්තමාන ජ්‍යෙෂ්ට සම කර්තෘ ය. වසර 39ක් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන හෙතෙම ලේක්හවුස් ආයතනයේ සේවයට එක්වූයේ 1982 ජුනි 18 වැනිදාය.
කර්තෘ සංසදය සංවිධානය කළ 2002/2003/2004 යන වසරයන්හි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළන්හිදී විශේෂාංග ලේඛක, පරිසර වාර්තාකරණය, ජූරියේ විශේෂ යන මාධ්‍ය සම්මාන දිනා ගැනීමට ද සමත් විය. එමෙන්ම පරිසර වාර්තාකරණය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මඟින් 2004 සහ 2016දී සංවිධානය කළ ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී දක්ෂතම පාරිසරික සන්නිවේදකයාට හිමි වූ ජනාධිපති සම්මානය දිනා ගැනීමට ද සමත් විය.
නිහාල්ගේ පියා වන ප්‍රේමසිරි අබේසිංහ බුදුසරණ සහ සිංහල බෞද්ධයා පුවත්පත්වල හිටපු කතුවරයෙකි. නිහාල්ගේ දියණිය රන්දිමා වන අතර බිරිය ස්වර්ණා ය.
තාරක වික්‍රමසේකර
කුරුණෑගලදී 1969 ඔක්තෝබර් 09 වැනිදා උපන් තාරක වික්‍රමසේකර සිළුමිණ පුවත්පතේ වර්තමාන ප්‍රවෘත්ති කර්තෘය. කඩවත මහබෝධි, කොළඹ තර්ස්ටන් සහ නාලන්ද යන විදුහල්හි ආදි සිසුවකු වන ඔහු කොළඹ සරසවියේ පශ්චාත් උපාධිධාරියෙකි. වසර 31ක් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන අතර ලේක්හවුස් ආයතනයේ සේවයට එක්වූයේ 1990 ඔක්තෝබර් 01 වැනිදාය.
ග්‍රන්ථ කිහිපයකම කර්තෘවරයෙකි. කර්තෘ සංසදය සංවිධානය කළ 2016 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී ගවේෂණාත්මක මාධ්‍ය සම්මානය දිනා ගැනීමට ද සමත් විය. තාරකගේ මව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක සහ රාජ්‍ය සම්මානලාභී ග්‍රන්ථ කතුවරියක වූ ජේ. ශීලා වික්‍රමරත්නය. නිළිඳු සහ චමත්, තාරකගේ පුතුන් වන අතර බිරිය දුලනා ද කොස්තාය.
සුභාෂිණී ජයරත්න
රාජගිරියේදී 1972 සැප්තැම්බර් 20 උපන් සුභාෂිණී චන්දිමා ජයරත්න අධ්‍යාපනය ලැබුවේ සුජාතා, ගෝතමී සහ බෞද්ධ කාන්තා විදුහල්වලිනි. කොළඹ සරසවියේ සමාජ විද්‍යා උපාධිධාරිනියකි. වසර 24ක කාලයක් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිරත වන සුභාෂිණී ලේක්හවුස් ආයතනයට එක්වූයේ 1998 ජුනි 06 වෙනිදාය.
දුල්මිණි, නේමිත සහ නෙතුල සුභාෂිණීගේ දරුවන් වන අතර, සැමියා රොෂාන් විජේතුංග ය.
හර්ෂා සුගතදාස
ජාඇල උපන් හර්ෂා සුගතදාස ගම්පහ යසෝදරා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. කොළඹ සරසවියේ උපාධිධාරිනියකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය සඟරාවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිස ඇය දශක තුනකට ආසන්න කාලයක් පුවත්පත් කලාවේ නිරතව සිටී. රැජිණ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ හර්ෂා, දිනපතා ලක්බිම සහ ඉරිදා ලක්බිම පුවත්පත්වල හිටපු කර්තෘ මාණ්ඩලිකයෙකි. සිවුදෙස පුවත්පතේ උපකර්තෘවරියක් සහ සංස්කාරකවරියක් ලෙස ද ඇය සේවය කළාය.
ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතට කර්තෘ මාණ්ඩලිකයකු ලෙස සම්බන්ධ වූයේ 2018 ජුනි 21 වැනිදාය. ඉරිදා ලක්බිම පුවත්පතේ සේවය කරමින් සිටියදී වසර 2012 දී කර්තෘ සංසද විශිෂ්ටතා සම්මාන උලෙළේදී වසරේ ගවේෂණාත්මක මාධ්‍යවේදියාට හිමි සම්මානය ද දිනා ගැනීමට ද ඇය සමත් වූවාය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්
මහනුවර මාරස්සනදී 1978 දෙසැම්බර් 04 වැනිදා උපන් සුරේකා නිල්මිණි ඉලංකෝන් වැලිවේරිය මද්දුම බණ්ඩාර විදුහලේ ආදි ශිෂ්‍යාවකි. රසසරණි පුවත්පතේ සංස්කාරකවරිය ලෙස වසර වසර 15කට පෙර මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇය රිවිර සහ රැස දිනපතා පුවත්පත්හි හිටපු කර්තෘ මාණ්ඩලිකයෙකි. ලේක්හවුස් ආයතනයට එක්වූයේ 2018 ජුනි 18 වැනිදා වන අතර, සිළුමිණ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයෙකු වූයේ 2020 පෙබරවාරි මසය. නවකතා කෘති 14ක කතුවරියකි. සුරේකාගේ පුතු සස්මිත වන අතර සැමියා සුනිත් බණ්ඩාර ය.