ඉන්දු ලංකා ගිවි­සු­මට එරෙ­හිව මන්ත්‍රී­කම අත්හළ මහින්ද යාපා | සිළුමිණ

ඉන්දු ලංකා ගිවි­සු­මට එරෙ­හිව මන්ත්‍රී­කම අත්හළ මහින්ද යාපා

ශ්‍රී ලංකාවේ නව වන පාර්ලි­මේ­න්තුවේ නව කථා­නා­ය­ක­ව­රයා ලෙස ඉකුත් බ්‍රහ­ස්ප­තින්දා රාජ­කාරි ආරම්භ කළ මහින්ද යාපා අබේ­ව­ර්ධන 1978 ව්‍යව­ස්ථාව ස්ථාපිත කර ගැනී­මෙන් පසුව මෙරට ක්‍රියා­ත්මක වන පාර්ලි­මේ­න්තුවේ 11 වැනි කථා­නා­ය­ක­ව­ර­යාය. ඉතා නිහ­ත­මානි සහ චාම් ගති­ගුණ ඇති නව කථා­නා­ය­ක­ව­ර­යාගේ පැටි­කි­රිය රටේ ජන­තා­වට කිය­න්නට සිතා­ගෙන අප පෙරේදා කොළ­ඹදී මහින්ද යාපා හමු­වන විට බොහෝ රෑ බෝ වි තිබු­ණද අපේ අව­ශ්‍ය­තා­වට ඇහු­ම්කන් දුන් නව කථා­නා­ය­ක­ව­රයා වෙහෙස මහ­න්සිය නොබ­ලාම පැය දෙක­කට ආසන්න කාල­යක් අප සමඟ සතුටු සාමී­චියේ යෙදු­ණේය. එවෙලේ අප ඔහු සමඟ කතා කළ බොහෝ දේ අතු­රෙන් මහින්ද යාපාගේ අතී­තය‍, වර්ත­මා­නය හා අනා­ගත අපේ­ක්ෂා­වන් පිළි­බ­ඳ­වත් ඔහුගේ පවුලේ තොර­තුරු පිළි­බ­ඳ­වත් මෙලෙස සට­හන් කරන්නේ නව වන පාර්ලි­මේ­න්තුවේ නව කථා­නා­ය­ක­ව­රයා ලෙස මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් පත්කි­රීම කෙත­රම් යුක්ති සහ­ගත දැයි තක්සේරු කර ගැනීම ඔබට ම බාර කර­මිනි.

මාතර මාක­ඳුර මහ විද්‍යා­ල­යෙන් පස් වැනි පන්තිය දක්වා අධ්‍යා­ප­නය හැදෑරු මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් ඉන්පසු ද්විතී­වික අධ්‍යා­පන කට­යුතු සඳහා මාතර රාහුල විද්‍යා­ල­යට ඇතු­ළත් වී ඇත. උසස් පෙළ විභා­ගය සමත්ව කොළඹ විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වූ ඔහු කලා විෂ­ය­න්ගෙන් උපා­ධි­යක් දිනා ගත්තේය. හෙතෙම එකල සිටම දේශ­පා­ල­න­යට වැඩි ඇල්ම­කින් කට­යුතු කළේය. ඉඩ­ම්හිමි වැවි­ලි­ක­රු­වකු වු මහින්ද යාපාගේ පියා එම ප්‍රදේ­ශයේ ගම්ස­භාවේ උප සභා­ප­ති­ව­ර­යකු ලෙසද කට­යුතු කර ඇත. මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන්ගේ බාප්පාද (පියාගේ සොහො­යුරා) එකල එම ප්‍රදේ­ශයේ ගම්ස­භාවේ උප සභා­ප­ති­ව­ර­යකු ලෙස කට­යුතු කර ඇති බවද ඒ කාලය තමන්ට එත­රම් මතක ඇති කාල­යක් නොවන බවද මහින්ද යාපා සඳ­හන් කළේය. ගැහැනු සහෝ­ද­රි­යන් සිවු දෙනෙකු හා පිරිමි සහෝ­ද­ර­යන් සිවු දෙනෙ­කු­ගෙන් යුත් පවුලේ වැඩි­මලා වුයේද මහින්ද යාපාය. මහින්ද යාපාගේ බාල සොහො­යු­රකු වන සරත් යාපා අබේ­ව­ර්ධන දකුණු පළාත් සභාවේ මන්ත්‍රී­ව­ර­යකු ලෙස කට­යුතු කර ඇති ව්‍යාපා­රි­ක­යෙකි. තවත් බාල සහෝ­ද­ර­යකු නීතී­ඥ­යකු ලෙස කට­යුතු කරන අතර අනෙක් සහෝ­ද­රයා ගේදොර වතු­පිටි රැක­බලා ගනි­මින් කට­යුතු කරන බව මහින්ද යාපා සිහි­පත් කළේ සහෝ­දර ප්‍රේම­යෙනි.

මහින්ද යාපා අබේවර්ධනයන් සිය බිරිඳ සහ දූ දරුවන් සමඟ

විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­යකු ලෙස එකල ශිෂ්‍ය සංග­ම්ව­ලට සම්බන්ධ වී දේශ­පා­ල­න­යට අව­තී­ර­ණය වූ මහින්ද යාපාට සිය පියා­ගෙන් ලැබුණ දේශ­පා­ලන ආභා­ස­යද ඔහු වෘත්තීය දේශ­පා­ල­න­ඥ­යකු කර­න්නට ඉව­හල් වී තිබේ. එකල මාතර දිස්ත්‍රි­ක්කයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සිරි­සේන හෙට්ටිගේ මහින්ද යාපාගේ කිට්ටු නෑදෑ­යෙකි. ඔහුගේ දේශ­පා­ලන කට­යු­තු­ව­ලට උදවු කර­න්නට ගොස් ලැබු දේශ­පා­ලන පන්න­ර­යද මහින්ද යාපා සිහි­පත් කරන්නේ අභි­මා­න­යෙනි. මහින්ද යාපාගේ මිතු­රන් අත­රින් වැඩි දෙනෙ­කුද දේශ­පා­ල­න­යට සම්බන්ධ වීම මොහුගේ දේශ­පා­ලන ගමන ශක්ති­මත් කීරී­මට හේතු වී ඇත. එදා තරුණ මහින්ද යාපා ජේ.ආර්.ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දේශ­පා­ලන දර්ශ­නය සමඟ අත්වැල් බැඳ­ගත්තේ සිය මිතුරු සමු­හයේ ඒක­ම­තික තීන්දු­ව­කට අනු­වය. ඒ තීන්දු­වත් සමඟ 1983 වසරේ හක්මන මැති­ව­රණ බල­ප්‍ර­දේ­ශයේ අතුරු මැති­ව­ර­ණ­යට මුහුණ දීමට මහින්ද යාපාට අව­ස්ථාව උදා විය. හා හා පුරා කියම්න් හක්මන අතුරු මැති­ව­ර­ණයේ එජාප අපේ­ක්ෂ­ක­යකු ලෙස ඉදි­රි­පත් වු මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන්ට බහු­ත­ර­යගේ සහාය ලැබීම නිසා හක්මන ආස­නයේ මන්ත්‍රී­ව­රයා වන්නට වාස­නාව ලැබුණි.

පාර්ලි­මේ­න්තු­වේදී මෙන්ම ඉන් පිට­ත­දීද තම ආස­නයේ ජනතා ගැටලු විස­ඳී­මට හඬ නැගූ මහින්ද යාපා චච­නයේ පරි­ස­මා­ප්ති­යෙන් ම දේශ­ප්‍රේ­මී­යකු බව ඔප්පු කර­මින් කට­යුතු කීරීම ඔහුගේ දේශ­පා­ලන හිත­වා­දීන්ට මහත් අභි­මා­න­යක් විය. එය වඩාත් කැපී පෙනුණේ 1987දී ජේ.ආර්.ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­රයා ඉන්දි­යාව සමඟ අත්සන් කළ ඉන්දු ශ්‍රී ලංකා ගිවි­සු­මට අත්සන් ලබා­ගත් අව­ස්ථා­වේ­දීය. ඒ මොහොත මහින්ද යාපා අදත් සිහි­පත් කරන්නේ ඉම­හත් කන­ස්ස­ල්ලෙනි.

"ජේ.ආර් අපෙන් අහලා අපිව දැනු­වත් කරල නොවෙයි ඉන්දු ලංකා ගිවි­සුම සුදා­නම් කළේ. ඒ ඔක්කොම ඒ අයට හිත­වත් පිරි­සක් එක්ක කරලා අන්ති­මට අපිට අත්සන් කරන්න කීවා. අපේ අනෙක් මන්ත්‍රී­වරු ඒකට අත්සන් කළා. නමුත් මම ඒ ගිවි­සු­මට එරෙ­හිව ඒක අත්සන් කළේ නෑ. මමත් එක්ක තවත් දෙන්නෙක් ඒකට අත්සන් කිරී­මෙන් වැළකී සිටියා. එදා අපිට හිතුණා මේ ගිවි­සුම රටට අහි­ත­කර, රට පාවා දෙන ගිවි­සු­මක් කියලා. මේ රටේ ඉපිද මේ රටේ හැදුණු වැඩුණු අය විදි­යට මේ රට කාට­වත් පාවා දෙන්න අපි සුදා­නම් නෑ. එහෙම කරන්න කාට­වත් ඉඩ දෙන්නත් බෑ." මහින්ද යාපා ඒ අමි­හිරි අතී­තය ආව­ර්ජ­නය කළේ එසේය. මේ සිදු­වී­මෙන් පසුව මහින්ද යාපා සිය මන්ත්‍රී ධුර­යෙන් ඉල්ලා අස්වන බව ලිපි­යක් මඟින් ජේ.ආර්.ජය­ව­ර්ධන ජනා­ධි­ප­ති­ව­ර­යාට දැන්වීය. ඒ ලිපිය ආපසු හරවා එවූ ජේ.ආර්, මහින්ද යාපා පාර්ලි­මේ­න්තු­වෙන් නෙරපා හැරී­මට කට­යුතු කළේද ඒකා­ධි­පති විය­රු­වෙන්ය."ඒ අව­ධිය රට තුළ ජවිපෙ මීනි මරණ අව­ධි­යක්. රට පුරා තිබුණේ මහ භීෂ­ණ­කාරී තත්ත්ව­යක්. එහෙම වුණත් රට පාවා දෙන්න මගේ අත එස­වුණේ නෑ. බියක් චකි­ත­යක් ඒ වෙලාවේ තිබු­ණත් ඊට වඩා මට මගේ රට ගැන හැඟී­මක් තිබුණා. මගේ ජීවි­ත­යට මොනවා වුණත් කමක් නෑ කියලා තමයි මම ඉන්දු ලංකා ගිවි­සු­මට විරුද්ධ වුණේ"

1983 වසරේ සිට සෑම මැතිවරණයකදීම මහින්ද යාපා අබෙිවර්ධනයන් 
පරිහරණය කරන ජීප් රථය භාවිතා කරන ජීප් රථය

ත්‍රාසය භීතිය පොදි බැද­ගෙන රට වෙනු­වෙන් රට පැත්තේ හිට­ගත් මහින්ද යාපා එදා­යින් පසුව එජා­ප­යට එරෙ­හිව ශ්‍රීල­නි­පය සමඟ දේශ­පා­ල­න­යට අව­තී­ර­ණය වූයේ සිය ආධා­ර­ක­රු­වන් සියලු දෙනා­ගේම ආශි­ර්වා­දය සම­ඟය. ඉන්ප­සුව පැවැති හැම මැති­ව­ර­ණ­ය­ක­දීම ජය­ග්‍ර­හ­ණය කළ මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් 2000 වසරේ පැවැති පළාත් සභා මැති­ව­ර­ණ­යේදී දකුණු පළාත් සභා­වට තරග කර එය ජය ගෙන දකුණු පළාත් ප්‍රධාන අමා­ත්‍ය­ව­රයා ලෙසද කට­යුතු කළේය. මුලදී හක්මන ආස­නය නියෝ­ජ­නය කළ ඔහු පසුව වැලි­ගම ආස­න­යට පැමි­ණි­යද පැවැති කිසිදු මැති­ව­ර­ණ­ය­කදී පරා­ජය වූයේ නැත. වසර තිහ­කට ආසන්න කාල­යක් කිසි­වි­ටෙක ජන­තාව අත් නොහල මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් වරක් කෘෂි­කර්ම අමා­ත්‍ය­ව­රයා ලෙසද කට­යුතු කළේය. එකල කෘෂි­කා­ර්මික දියු­ණුව උදෙසා හොඳ බීජ නිෂ්පා­ද­න­යට මුල් තැන දුන් හෙතෙම ගුණා­ත්මක බීජ ගොවි­යාට ලබා දී වැඩි අස්වැ­න්නක් ලබා ගත හැකි පසු­බි­මක් නිර්මා­ණය කළේය. දකුණු පළාත තුළ වඩාත් ප්‍රච­ලි­තව ඇති කුරුඳු, ගම්මි­රිස්, තේ වැනි බෝග සම්බ­න්ධ­යෙන්ද මහින්ද යාපා පාර්ලි­මේ­න්තුව තුළ මෙන්ම ඉන් පිට­ත­දීද විශාල අර­ගල කර­මින් ඒ නිෂ්පා­දන සඳහා සාධා­රණ මිලක් ගොවි­යාට ලබා දීමට නිර­තුරු වෙහෙස ගත්තේය.

ඉකුත් යහ­පා­ලන ආණ්ඩු­වට එරෙ­හිව මහින්ද රාජ­ප­ක්ෂ­යන් සමඟ එක්ව ඒකා­බද්ධ විප­ක්ෂය ලෙස කට­යුතු කර­මින් මහින්ද යාපා ගම්මි­රිස් ප්‍රති­අ­ප­න­යන ක්‍රියා­ව­ලි­ය­කට යොමුව දේශීය ගම්මි­රිස් හා අනෙ­කුත් කුළු­බඩු වර්ග­වල ප්‍රමි­තිය හෑල්ලු කර ඇති ආකා­රය විටින් විට පෙන්වා දෙමින් දේශීය කුළු­බ­ඩු­වල ගුණා­ත්මක බව රැක­ගැ­නීමේ වැය­මක නිරත වූ ආකා­ර­යද කිසි­ව­කු­ටත් අම­තක කළ නොහැ­කිය.

මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් දරු­වන් පස් දෙනෙ­කුගේ පියෙකි. එක් දිය­ණි­යක් හා පුත­ණු­වන් සිවු දෙනෙකු සිටින ඔහුගේ බිරි­ඳද නීති­ඥ­ව­රි­යකි. දිය­ණිය පෞද්ග­ලික ආය­ත­න­යක ගණ­කා­ධි­කා­රි­ණි­යකි. පුත­ණු­වන් දෙදෙ­නකු වෛද්‍ය­ව­රුන්ය. එක් පුතකු බැංකු නිල­ධා­රි­යකු වන අතර අනෙක් පුතා ඉංජි­නේ­රු­ව­ර­යෙකි. මේ අනුව මහින්ද යාපාට දේශ­පා­ල­න­යෙන් හරි­හම්බ කර ගන්නට දෙයක් නැත. ඒ නිසාම ඔහුගේ දේශ­පා­ලන භූමි­කාව අවං­කය; පරා­ර්ථ­කා­මීය.

ඔහු කතානායක ධුරය ගැන මෙසේ කියන්නේය.

ලෝකයේ කිසිම රටක කථා­නා­යක ධුරය කවු­රුත් කැමැ­ත්තෙන් බාර­ගෙන තිබෙන අවස්ථා ඉතාම විර­ලයි. නමුත් මම කථා­නා­යක ධුරය බාර ගන්න කැමති වුණා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ශක්ති­මත් කරන්න මේ තන­තු­රෙන් ලොකු සේව­යක් කරන්න පුළු­වන්." මහින්ද යාපා සඳ­හන් කළේ අධි­ෂ්ඨා­න­ශී­ලි­වය. මන්ත්‍රී­ව­ර­යකු, ප්‍රධාන අමා­ත්‍ය­ව­ර­යකු, ඇම­ති­ව­ර­යකු, නියෝජ්‍ය ඇම­ති­ව­ර­යකු, කාරක සභා සභා­ප­ති­ව­ර­යකු ලෙස තන­තුරු දරා ඇති මහින්ද යාපාට කථා­නා­යක ධුරය අභි­යෝ­ග­යක් විය නොහැ­කිය. එංග­ලන්ත පාර්ලි­මේ­න්තුවේ ප්‍රථම කථා­නා­ය­ක­ව­ර­යාද පත්කර ඇත්තේ බල­හ­ත්කා­ර­යෙන් බව සිහි­පත් කරන මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් තමන් කැම­ත්තෙන් බාර­ගත් මෙම තන­තුර සමඟ තමන්ගේ දිස්ත්‍රි­ක්කයේ ජන­තා­වට සේවය කිරී­මට අනෙ­කුත් අමා­ත්‍ය­ව­රුද තමන්ට සහාය ලබා දෙන බවට එක­ඟ­ත්වය පළ කර ඇති බවද සිහි­පත් කළේය.

ශ්‍රී ලංකා ජන සමා­ජයේ තුන්වැනි පුර­වැ­සියා ලෙස සැල­කෙන්නේ කථා­නා­ය­ක­ව­ර­යාය. එමෙන්ම එම තන­තුර දර­න්නාට විශේෂ ගෞර­ව­යක්ද හිමිය. පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය වෙනු­වෙන් සුවි­ශාල වග­කී­මක් පැවැ­රෙන කථා­නා­ය­ක­ව­රයා පාර්ලි­මේ­න්තුවේ මන්ත්‍රී­ව­රුන්ගේ විනය පවත්වා ගෙන යෑම ගැනද වග­කිව යුතුය. පාර්ලි­මේන්තු විවා­ද­ව­ලදී ඒ ඒ දේශ­පා­ලන පක්ෂය සඳහා කාලය බෙදා­දීම වර්ත­මාන සම්ප්‍ර­දාය වුවද ඉදි­රි­යේදී පක්ෂ නාය­ක­යන් සමඟ සාකච්ඡා කර මන්ත්‍රී­ව­රුන් පද­නම් කර­ගෙන කතා කාලය වෙන් කර දීමට තමන් අපේක්ෂා කරන බවද මහින්ද යාපා සඳ­හන් කළේය.

දේශ­පා­ල­නය විනෝ­දාං­ශ­යක් කර­ගත් මහින්ද යාපා ලැබෙන විවේ­ක­යේදී පිහි­නී­මට යොමු වන බවද කැකුළු හාලේ බත් සමඟ කිරි හොද්ද තම ප්‍රිය­තම ආහා­රය බවද අප සමඟ කීවේ සිනා­සෙ­මිනි. මන්ත්‍රී­ව­රුන්ට පාර්ලි­මේ­න්තු­වේදී ලැබෙන රස බොජුන් පිළි­බ­ඳව සමා­ජයේ පව­තින කතා­බහ සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ නව කථා­නා­ය­ක­ව­රයා " ඔය අව­ලාද නඟන අයට මම ගාණේ පාර්ලි­මේ­න්තුවේ කෑම මාස­යක් ලබා දෙන්න මම කැම­තියි. කාලා බලන්න කිය­න්නකෝ ඔය කියන තරම් රස බොජුන්ද කියල" යැයිද කීවේය. විදේශ රට­වල් හැට­කට ආසන්න ප්‍රමා­ණ­යක සංචා­රය කර ඇති බව කියන මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් එම රට­ව­ලදී ලබා­ගත් අත්දැ­කීම් කථා­නා­ය­ක­ව­රයා ලෙස තම කට­යු­තු­ව­ලට වඩාත් ප්‍රයෝ­ජ­න­යට ගත හැකි බවද සිහි­පත් කළේය. මෙවර පාර්ලි­මේ­න්තුවේ බහු­ත­ර­යක් නව­ක­යන් බැවින් ඔවුන්ට පාර්ලි­මේන්තු සම්ප්‍ර­දාය විනය හා පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බ­ඳව විධි­මත් පුහු­ණු­වක් ලබා­දීමේ කට­යුතු ලබන 26 දා සිට ආරම්භ කරන බවද පැව­සීය."පාර්ලි­මේ­න්තුවේ විප­ක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය රටේ ඒකීය භාවය, ස්වෛරී­ත්වය ආරක්ෂා කොට රට සෞභා­ග්‍ය­වත් හා සදා­චාර සම්ප­න්නව ගොඩ නැඟී­මට කැප­වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ආණ්ඩු පක්ෂ­යට පාර්ලි­මේ­න්තුවේ තුනෙන් දෙකේ බහු­තර බල­යක් තිබු­ණත් රටට ජන­තා­වට අහි­ත­කර කිසි­වක් නොක­රනු ඇතැ­යිද එවැ­න්නක් කර­න්නට ඉඩක් නොලැ­බෙනු ඇතැ­යිද නව කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධ­න­යන් පැව­සු­වේය.

Comments