ජනා­ධි­ප­ති­තුමා ඉදි­රි­පත් කළ සෞභා­ග්‍යයේ දැක්ම ක්‍රියා­ත්මක කරන්න රටම සූදා­න­මින් ඉන්නවා | සිළුමිණ

ජනා­ධි­ප­ති­තුමා ඉදි­රි­පත් කළ සෞභා­ග්‍යයේ දැක්ම ක්‍රියා­ත්මක කරන්න රටම සූදා­න­මින් ඉන්නවා

ඔබ ජනා­ධි­පති සමයේ ඔබේ ආර­ක්ෂක ලේකම්ව සිටි ගෝඨා­භය රාජ­පක්ෂ අද ජනා­ධි­පති. ඔබ අග­මැති තන­තුරේ. මේ ගැන මොන­වද හිතෙන්නෙ?

දේශ­පා­ල­නය කියන්නේ ක්‍රිඩා­වක් වගේ. වෘත්තීය ක්‍රිඩ­ක­යන් හැම­වි­ටම ක්‍රියා කරන්නේ අව­සාන වශ­යෙන් රටේ ජය­ග්‍ර­හ­ණය අර­මුණු කර ගෙනයි. එහෙම වැඩ කරන කොට කලින් කලට කණ්ඩා­යමේ නාය­කයෝ වෙනස් වෙනවා රට ගැන හිතන දේශ­පා­ලන නාය­ක­ය­නුත් ක්‍රියා කළ යුත්තේ එහෙම කිය­ලයි මම විශ්වාස කරන්නේ. ගෝඨා­භය රාජ­පක්ෂ කියන්නෙ ඉතාම දක්ෂ රාජ්‍ය පාල­ක­යෙක් බව ඔහු මේ වන විටත් ඔප්පු කර තිබෙ­නවා. ඒ ගැන මම පෞද්ග­ලි­කව සතුටු වෙනවා. ඒ වාගේම මේ රටේ ජන­තා­වත් රට අලුත් විදි­ය­කට ගොඩ­න­ඟයි කියල විශාල බලා­පො­රො­ත්තු­වක් තබා ගෙන ඉන්නවා. දැන් අපේ යුතු­කම වෙන්නේ ඒ සඳහා ජනා­ධි­ප­ති­ව­ර­යාට පූර්ණ සහාය දී එතුමා සමඟ එකට කට­යුතු කිරී­මයි.

ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් දක්ෂ රාජ්‍ය පාල­ක­යෙක් කියල ඔබ කියන්නේ කොහො­මද?

ලෝකයේ බොහෝ රට­වල් කොරෝනා වසං­ග­ත­යෙන් පීඩා­වට පත් වෙද්දී අපේ රටේ ජන­තා­වට ඒ පීඩාව නො⁣දැනෙන්න කොරෝනා පාල­නය කරන්න හැකි­යාව ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ රාජ්‍ය නාය­කයා ලෙස අන්‍ය අද­හස් ගරු කරන, දුර­දිග බලා කට­යුතු කරන නාය­ක­යකු වු නිසයි. සම­හරු එයා ඒකා­ධි­ප­ති­යෙක් ලෙස හඳු­න්වන්න උත්සහ කර­නවා. මම හොඳ­ටම දන්නවා එයා තනි­යම තීරණ ගන්නෙ නෑ. හැම දෙයක්ම අපිත් එක්ක සාකච්ඡා කරලා සාමු­හික තීර­ණ­යක් විදි­යට තමයි ක්‍රියා­ත්මක කරන්නෙ. අනෙක අම­තක කරන්න එපා. ඔහුට දේශ­පා­ලන පළ­පු­රු­ද්දක් නැති වුණාට ඔහුට විශාල දේශ­පා­ලන අත්දැ­කීම් තිබෙන බව. මොකද ඔහුත් මමත් සිය­ව­ස­කට ආසන්න දේශ­පා­ලන ඉති­හා­ස­යක් තිබෙන පර­පු­රක සමා­ජි­ක­යන්.

ශ්‍රීල­නි­පයේ ඔබ සභා­පති කාලයේ ඔබේ ලේකම් ඔබට එරෙ­හිව තරග කරල 2015දී ජනා­ධි­පති වුණා. අද ඔබ අග­මැති වෙලා ඔහු ඔබේ නාය­ක­ත්ව­යෙන් යුත් සන්ධා­නයේ මන්ත්‍රී ධුර අපේ­ක්ෂ­ක­යෙක්. මොකද හිතෙන්නෙ?

මේ යථා­ර්ථය දේශ­පා­ල­න­ඥ­යන් අව­බෝධ කර ගන්නවා නම් කව­දා­වත් වෛරී දේශ­පා­ල­න­යක් කරන්නෙ නෑ. දේශ­පා­න­යේදී සදා­කා­ලික මිතු­රන් හෝ සතු­රන් නෑ. ඒ අව­බෝ­ධ­යෙන් තමයි අපි එකතු වෙලා මේ රට ගොඩ නඟන්න උත්සාහ කරන්නෙ. ඒකේ­දිත් කවුරු හරි කකු­ලෙන් අදි­නවා නම් ඒ අය ජන­තා­ව­ගෙන් ප්‍රති­ක්ෂේප වෙයි. මැති­ව­ර­ණ­ය­කදී තම තමන්ගේ දේශ­පා­ලන ප්‍රති­පත්ති අනුව කට­යුතු කරන්න නිද­හස තිබු­ණත් මැති­ව­ර­ණ­යෙන් පස්සෙත් පක්ෂ දේශ­පා­ල­නය ඉස්මතු කර ගෙන කට­යුතු කර­නවා නම් ඒකෙන් අස­රණ වෙන්නෙ රටේ ජන­තා­වයි. ඒකට ඉඩ දෙන්න බෑ. දැන් අපි හැමෝම එක­තු­වෙලා මේ රට නැවත අලු­තින් ගොඩ­න­ඟන්න කැප වෙන්න ඕන. ඒ සඳහා හොඳ ප්‍රවේ­ශ­යක් හදා ගන්න තමයි මේ මැති­ව­ර­ණ­යේදි තුනෙන් දෙකේ බල­යක් අපි ඉල්ලන්නෙ. ජන­තාව දැන් රටට ආදරේ කරන කණ්ඩා­යම හොඳින් හඳු­නා­ගෙන ඉන්නෙ. ඒ නිසා මම විශ්වාස කර­නවා ජන­තාව පක්ෂ පාට වලට නොබෙදී මෙවර පොහො­ට්ටු­වට විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබා දේවි කියල.

එහෙම දැඩි විශ්වා­ස­යක් තියා ගන්න ඔබට තිබෙන සාධක මොන­වද?

අැත්ත­ටම 2015දී ජන­තා­වට කුමක් හෝ හේතු­වක් නිසා වැර­දුණ බව ජන­තාව අව­බෝධ කර­ගෙන තිබෙ­නවා. ඒ වරද ජන­තාව අවස්ථා දෙක­කදී දැන­ට­මත් නිවැ­රදි කරල තියෙ­නවා. ඒ එක් අව­ස්ථා­වක් තමයි පළාත් පාලන ඡන්දය. අනෙක් අව­ස්ථාව තමයි පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණය. දැන් තුන්වන වතා­ව­ටත් ජන­තාව බලා­ගෙන ඉන්නෙ ශක්ති­මත් පාර්ලි­මේ­න්තු­වක් හදා ගන්න මෙවර මැති­ව­ර­ණ­යේ­දීත් පොහො­ට්ටුව ජය­ග්‍ර­හ­ණය කර­ව­න්නයි.

යහ­පා­ලන රජය රාජ­ප­ක්ෂ­වරු හොරු කියල විවිධ චෝදනා ඉදි­රි­පත් කළත් ඒ චෝදනා ඔප්පු කර ගන්න බැරි වුණා. ඔබ­ලත් ඒකා­බද්ධ විප­ක්ෂය හැටි­යට එදා යහ­පා­ල­නයේ වංචා දූෂණ ඉදිරි පත් කළා. නමුත් මේ දක්වා ඒවා­ටත් විම­ර්ශන නෑ. ඇත්ත­ටම දෙගොල්ල දෙපැ­ත්තට චෝදනා කර ගනි­මින් මෙි කරන්නේ ඩීල් එකක්ද?

ඒ අය රාජ­ප­ක්ෂ­වරු හොරු කියල කීවේ ඒ අයට රාජ්‍ය බලය ලැබු­ණට පස්සෙයි. අපි ඒ අය ගේ වංචා දුෂණ හෙළි­ද­රව් කළේ එයා­ලව බලයේ සිටිය දීමයි. අපේ කණ්ඩා­යම ඒ චෝදනා වලට අදාළ සිය­ලුම සාක්ෂි පවා ඉදි­රි­පත් කරල තිබෙ­නවා. නමුත් ඒ අය රාජ්‍ය බලය යොද­වලා ඒ චෝදනා වලට අදාළ පරි­ක්ෂණ නතර කරල කියල ඒ ගැන හොයා බල­න­කොට තහ­වුරු වෙලා තියෙ­නවා. අපේ මේ රජ­යට පාර්ලි­මේ­න්තුවේ බහු­තර බල­යක් නෑ. ඒ නිසා තමයි ශක්ති­මත් පාර්ලි­මේ­න්තු­වක් හදා ගන්න ජනා­ධි­පති පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැර මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කළේ. නමුත් අවා­ස­නා­වන්ත ලෙස කොරෝනා වසං­ග­තය රට ගිල ගත්තා. දැන් ඒකත් අපි ජය­ගෙන මැති­ව­ර­ණය පව­ත්වන්න පුළු­වන් පසු­බි­මක් හදලා තියෙ­නවා. මේ මැති­ව­ර­ණ­යෙන් අපි ජය­ග්‍ර­හ­ණය කරලා ශක්ති­මත් ආණ්ඩු­වක් හදා­ගෙන එදා අපි ඉදි­රි­පත් කළ චෝදනා සම්බ­න්ධ­යෙන් පූර්ණ විම­ර්ශන කරන්න අදාළ අංශ­ව­ලට බලය ලබා දෙනවා. ඒ පරි­ක්ෂ­ණ­ව­ලට අපි ඇඟිලි ගහන්නෙ නෑ. අපි කාගෙ­න්වත් දේශ­පා­ලන පලි­ගන්න බොරු චෝදනා ඉදි­රි­පත් කර­න්නෙ­වත් නික­රුනේ අත්අ­ඩං­ගු­වට ගෙන හිර කර­න්නෙ­වත් නෑ. වර­දක් කරල තියෙ­නවා නම් ඒ අයට නීති­යෙන් නියම දඬු­වම් ලබා දෙන්න ඒ ආය­ත­න­ව­ලට ස්වාධී­නව වැඩ කරන්න පහ­සු­කම් ලබා දෙනවා. රටේ මුදල් අව­භා­විත කරපු හෝ රටේ සම්පත් විනාශ කරපු අයත් එක්ක ඩීල් දාන්න අපි කාට­වත් ඉඩ දෙන්නෙත් නෑ; අපි ඩීල් දාන්නෙත් නෑ.

කරුණා අම්මන් දේශ­පා­ල­න­යට අරගෙන ඔහුට තන­තුරු දීල ඔහු යහ­ම­ඟට ගන්න ඔබ උත්සහ කළා. දැන් ඔහු කරන ප්‍රකාශ ගැන ඔබ මොන­වද කියන්නෙ?

වැරදි කළ අයට නීති­යෙන් දඬු­වම් දෙන්නෙ ඔහුව පුන­රු­ත්ථා­ප­නය කර­න්නයි. යුද සම­යේදී ඔහු ප්‍රභා­ක­රන් සමඟ එක­තුව රාජ්‍ය විරෝධි කට­යුතු කළ බව අපිත් දන්නවා. එහෙම දැන­ගෙන තමයි ඔවුන්ට වැරදි අව­බෝධ කරල දීල ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ප්‍රවා­හ­යට එකතු කර ගත්තෙ. රටේ ආණ්ඩු­වක වග­කීම තමයි වර­ද­ක­රු­වන් පුන­රු­ත්ථා­ප­නය කර නැවත යහ­පත් පුර­වැ­සි­යන් ලෙස සමා­ජ­ගත කිරීම. අපි කට­යුතු කරල තියෙන්නෙ ඒ අනු­වයි. නමුත් දැන් ඒ අය තමන් කළ වරද හප­න්ක­මක් විදි­යට පාපො­ච්චා­ර­ණය කර­නවා නම් එතැන වර­දක් තියෙ­නවා. කරුණා අම්මන් නොවෙයි කවුරු වුණත් එවැනි දේවල් ප්‍රකාශ කීරිම වර­දක්. ජවිපෙ නාය­ක­ය­කුත් ඔවුන් දෙමළ මුස්ලිම් අය මැරුවෙ නෑ; සිංහල අය තමයි මැරුවෙ කියල කිව්ව කිය­ලත් කතා­වක් ප්‍රචා­රය වෙනවා. මේ කතා කවුරු කළත් වැර­දියි. රජ­යක් විදි­යට ඒ ප්‍රකාශ ගැන පරී­ක්ෂණ කරන්න අදාළ අංශ­ව­ලට නියම කරල තියෙ­නවා.

MCC ගිවි­සුම පිළි­බඳ අධ්‍ය­ය­නය කළ ජනා­ධි­පති කමි­ටුව සිය අව­සන් වාර්තාව බාර දීල තියෙ­නවා. ඔවුන් ගේ වාර්තාවෙ අඩංගු කරුණු අනුව මේ ගිවි­සුම අත්සන් කරන්න පුළු­වන්ද?

මේ ගිවි­සුමේ රටට නොගැ­ළ­පෙන යම් තත්ත්ව­යක් තිබෙන බව දැන­ගෙන තමයි අපි මුල ඉද­ලම ඊට එරෙ­හිව කට­යුතු කළේ. මේ වාර්තාව අනුව එදා අපි හිටපු ස්ථාව­රය හරි කියල දැන් හැමෝ­ටම තේරෙ­නවා ඇති. යුද්ධ­යෙන් රට බේරා ගත්තු අපි ගිවි­සු­ම­කින් රට පාවා දෙන්නෙ නෑ. මේ MCC ගිසුම සම්බ­න්ධ­යෙන් අධ්‍ය­ය­නය කරලා සකස් කර තිබෙන මේ වාර්තාව රටේ ජන­තාව ගේ අව­ධා­න­යට යොමු කරන්න ඕනෑ. එත­කොට ජන­තා­වත් අව­බෝධ කර ගනීවි මේ අය රටට කරන්න ගියේ මොකක්ද කියලා. දැන­ටමත් මේ ගිවි­සුමේ කොටස් දෙකක් අත්සන් කරලා. අපේ රජ­යක් යටතේ රටට අහි­ත­කර සියලු කාරණා ඉවත් කරල ඇම­රි­කාව සමඟ මිත්‍ර­යෙක් විදි­යට කට­යුතු කළ හැකි අංශ කෙරේ අව­ධා­නය යොමු කරලා තීර­ණ­යක් ගන්න ඕන. ඒ අනුව දැනට තිබෙන මේ ගිවි­සුම අපි මේ විදි­යට අත්සන් කරන්නෙ නෑ.

ඔබේ රජය සම­යේත් අපේ රටේ ඉඩම් විදේ­ශි­ක­යන්ට දුන්නු බවට චෝදනා එල්ල වෙනවා. ෂැංග්‍රිල්ලා හෝට­ලය හද­න්නත් ඔබ ඉඩම් දුන්නු බව පිළි ගන්න­වාද?

ඔව්, අපේ කාලයේ විදේ­ශීය ආයෝ­ජ­ක­යින්ට ඉඩම් බදු දුන්නා මිසක් විකු­ණුවෙ නෑනේ. අපි ෂැංග්‍රිල්ලා හෝට­ලය හදන්න ඉඩම් දුන්නා. ඒක නිසා තමයි අපේ රටට වැඩි­පුර ආයෝ­ජ­ක­යන් ගෙන්වා ගන්න පුළු­වන් වුණේ. විදේ­ශීය ආයෝ­ජ­ක­යන්ට අපේ රටේ පහ­සු­කම් නොදී ඔවුන් ගෙන් ආයෝ­ජන බලා­පො­රොත්තු වෙන්න බෑ. ඉඩම් ගොඩ­නැ­ගිලි මානව සම්පත් මේ ආදි පහ­සු­කමි ඔවුන්ට ලබා දුන්නාම අප කෙරේ විශ්වා­ස­යෙන් ආයෝ­ජ­කයෝ මෙරටේ විවිධ කර්මාන්ත හා සේවා­වන් සඳහා මුදල් ආයෝ­ජ­නය කර­නවා. පහ­සු­කම් ලබා­දී­මේදී අපේ රටට හානි­යක් නොවෙන්න ඒවා කරන්න ඕන. අපි කට­යුතු කරලා තියෙන්නෙ එහෙ­මයි. අනෙක මතක තියා­ගන්න අවු­රුදු තිහක යුද්ධ­ය­කට මුහුණ දීලා විශාල අව­ධා­න­මක් තිබුණු අපේ රටට එන්න ඒ වෙලාවෙ කිසිම ආයෝ­ජ­ක­යෙක් කැමති වුණේ නෑ. අපි ඒ තත්ත්වය වෙනස් කර­න්නයි රජයෙ ඒ වෙලාවෙ තීන්දු ගත්තේ.

එම්. සී. සී. ගිවි­සුම 2005 ඔබේ ඉල්ලී­මක් කිය­ලත් සඳ­හන් වෙනවා. ඒ ගැන මොන­වද කියන්නෙ?

ජාත්‍ය­න්තර සබ­ඳතා හා සහ­යෝ­ගය නොමැ­තිව කිසිම රට­කට ස්වාධී­නව ගොඩ නැගෙන්න බෑ. ඒ නිසා ඒ ඒ කාල­යට ලෝකයේ විවිධ රට­වල ක්‍රියා­ත්මක කරන විවිධ වැඩ­ස­ට­හන් සමඟ අපිත් සම්බන්ධ වෙන්න ඕන. 2005 වසරේ අපේ පූර්ණ අව­ධා­නය තිබුණේ අපේ රටේ පැවැති දරුණු ත්‍රස්ත­වා­දය පරා­ජය කර­න්නයි. ඒ කාලයේ අපි ලෝකයේ නොයෙ­කුත් රට­ව­ලින් සහ­යන් ලබා ගත්තා. නමුත් එම්. සී. සී. ගිවි­සු­මක් ගැන මට මතක නෑ. එහෙම ඒ කාලයේ කළ ඉල්ලි­මක් ක්‍රියා­ත්මක වෙන්න මෙප­මණ කාල­යක් ගත වුණේ ඇයි කිය­ලත් එහෙම නම් හොයා බලන්න ඕන.

රාජ­ප­ක්ෂ­ව­රුන් ගේ පවුල් දේශ­පා­ල­නය පිළි­බ­ඳ­වත් විවේ­චන එල්ල වෙනවා. ඇත්ත­ටම රාජ­ප­ක්ෂ­ව­රුන් ගෙන් තොරව මේ රට බාර ගන්න වෙන අයට ඉඩක් නැද්ද?

මොකද නැත්තේ. පහු­ගිය යහ­පා­ලන ආණ්ඩුවෙ රාජ­ප­ක්ෂ­වරු හිටි­යද? එදා 2005 දි මම ජනා­ධි­ප­ති­ව­ර­ණය පරා­ජ­යට පත් වුණාට පස්සේ සියල්ල අත හැරලා මැද­මු­ලන අපේ මහ ගෙද­රට ගියේ දේශ­පා­ල­න­යෙන් සමු ගන්න අපේ­ක්ෂාව ඇති­වයි. නමුත් මට ඒකට ඉඩක් නැති වුණා. දිව­යිනේ දුර බැහැර ඉදලා බස් අර ගෙන ගම්මාන පිටින් මාව සොයා ගෙන ඇවිල්ල ඔවුන් හඬා වැටෙ­මින් කීවේ නැවත මේ රට බාර ගන්න කිය­ලයි. ඒ අතරේ අපිත් එක්ක හැම­දාම අපේ කඳ­වුර නියෝ­ජ­නය කරපු දිනේෂ්, විමල්, වාසු, ගම්ම­න්පිල වැනි අය ඉතාම සක්‍රි­යව එඩි­ත­රව විප­ක්ෂයේ කාර්ය­භා­රය ඉටු කරන්න පිය­වර ගත්තා. ඒ අනු­වයි නැවත මම දේශ­පා­ල­න­යට ආවෙ. රාජ­ප­ක්ෂ­ව­රුන්ට හරි වෙන කාට හරි මේ රට බාර දෙන­වාද නැද්ද කියල තීර­ණය කරන්නෙ රටෙි ජන­තාව මිසක් ඒ අය නොවෙයි. රාජ­ප­ක්ෂ­ලාගේ පවුල් දේශ­පා­ල­නය ගැන කතා කරන්න පෙර මේ රටේ බහු­තර ජන­තාව රාජ­ප­ක්ෂ­ලාට මේ තරම් ආදරේ කරන්නෙ ඇයි කියල හොයල බලන්න ඕන. අපි කිසිම ⁣දව­සක මේ රට පාව දීලා රටත් ජන­තා­වත් කාට­වත් යටත් කර ගන්න ඉඩ තියන්නෙ නෑ. අනෙක අපේ දේවල් ගොඩ­න­ඟලා අපේ­කම කියන ආඩ­ම්බ­රය අභි­මා­නය රැක ගෙන අපි නොබැඳි විදේශ ප්‍රති­ප­ත්ති­ය­කින් කට­යුතු කරන නිසා ජාත්‍ය­න්තර සහ­යෝ­ගි­තාව ද මැනවින් පව­ත්වා ගෙන යන්න පුළු­ව­න්කම ලැබී තිබෙ­නවා.

අන­වශ්‍ය සංව­ර්ධන කාර්ය­යන් සඳහා වැඩි පොලි­යට විදේ­ශීය ණය අර ගෙන ඔබේ රජය අපේ රට ණය උගු­ලක පට­ලවා තිබෙ­නවා කිව්වොත් ඒක වැර­දිද?

ණය ගැනීම හරි­දද වැර­දිද කියල බලන්න පෙර ඔය කියන අන­වශ්‍ය සංව­ර්ධන කාර්ය­යන් මොන­වද කියල හොයා බලන්න ඕන. අධි­වෙිගී මාර්ග, වරාය, ගුවන් තොටු­පළ ආදී මේ ව්‍යාපෘති අන­වශ්‍ය ඒවා කියල මේ රටට ආදරේ නැති අය හැම­දාම කියපු කතා­වක්. මම මුලින් කීව වගේ අපි ලෝකයේ අනෙක් රට­වල් සමඟ ඉදි­රි­යට යන්න නම් අපේ සම්පත් වැඩි දියුණු කරන්න වෙනවා. ආසි­යාවෙි ආර්ථික මර­ම­ස්ථා­න­යක් ලෙස සැල­කෙන අපේ රට ඒ හරහා දියුණු රාජ්‍ය­යක් බවට පත් කර ගන්න ක්‍රියා කරන්න ඕන. ඒ සඳහා අත්‍යා­වශ්‍ය වන්නේ වරා­ය­වල්, ගුවන් තොටු­පොළ අධි­වේගී මාර්ගයි. ආයෝ­ජ­ක­යන්ට අපේ රට ආයෝ­ජ­නය සඳහා ආක­ර්ෂ­ණීය තැනක් බවට පත්වෙන්නේ ඔවුන්ට තිබෙන පහ­සු­කම් අනු­වයි. ඒ අනු­වයි අපි කට­යුතු කරලා තිබෙන්නෙ. අපිට හැම­දාම පිට­ර­ට­ව­ලට අත­පාලා ජීවත් වෙන්න බෑ.

ඔබ­ලාගේ හැම­දාම සටන් පාඨය වුණේ දේශීය ආර්ථි­ක­යක් ගොඩ නඟ­නවා කියන එකයි. නමුත් බලය ලැබු­ණාම ඔබ­ලත් කරන්නෙ පිට­රට දේවල් ගෙනල්ලා ජන­තා­වට කන්න දෙන එක නොවෙ­යිද?

පිට­ර­ට­ව­ලින් ගෙන්වන සියල්ල එක­වර නව­ත්වන්න බෑ. අපි ඉකුත් අපේ රජය කාලේ රටේ පැවැති දරුණු යුද්ධ­ය­කට මුහුණ දෙන ගමන් රට තුළ නිප­ද­විය හැකි හැම දෙයක්ම නිප­ද­වන්න පිය­වර ගත්තා. 1977න් පස්සේ ඇති වූ විවෘත ආර්ථි­කය නිසා අපේ ව්‍යාපා­රි­කයෝ ඉදි කට්ටේ පටන් හැම­දේම පිටින් ගෙනත් අඩු මිලට දෙන්න පටන් ගත්තු නිසා අපේ දේශීය කර්මාන්ත බොහෝ­ම­යක් වසා දමන්න වුණා. ගොවියෝ ගොවි­තැන අත­හැ­රල කඩෙන් හාල් ගෙනත් කන්න පටන් ගත්තා. දේශීය හැම නිෂ්පා­ද­න­යක්ම එහෙම පිටින්ම නැව­තුණා. මේ තත්ත්වය එක­පා­රට වෙනස් කරන එක පහසු නෑ. නමුත් අපි යුද්ධය කරන ගමන් ඒකත් කළා. ඒ නිසා තමයි 2015 වී අස්වැන්න දාන්න තැනක් හොයා ගන්න බැරුව මත්තල ගුවන් තොටු­පො­ළට ගෙනත් ගොඩ ගැහුවෙ. දැන් අපි නැවත මේ රටේ නිප­ද­විය හැකි දේවල් පිටින් ගෙන්වන එක ක්‍රමා­නු­කූ­ලව නතර කර ගෙන යනවා. දැන­මත් කහ ඉඟුරු වැනි කෘෂි බෝග ආන­ය­නය කීරිම නවතා තිබෙ­නවා. මේ නිසා අපේ රටේ ගොවි­යන්ට ඔවුන්ගේ නිෂ්පා­දන සඳහා හොඳ මිලක් ලැබෙ­නවා. දැන් නැව­තත් කුරුඳු ගම්මි­රිස් කරාබු ආදි බෝග සඳහා ඉහළ මිලක් ලැබෙන්න පටන් ගෙන තිබෙ­නවා. මේ නිෂ්පා­දන ආශ්‍රි­තව කර්මාන්ත බිහි කරන්න අපේ රජය දැන් අව­ධා­නය යොමු කර ගෙන යනවා. වී ගොවියා ගේ අති­රි­ක්තය සාධා­රණ මිල­කට රජය මිලදී ගන්නවා වගේම එළ­වළු හා අප­න­යන කෘෂි බෝග වගා කරන ගොවීන් ගේ අති­රි­ක්ත­යත් සාධා­රණ මිල­කට රජ­යෙන් මිලදී ගන්න අපි සැල­සුම් සකස් කර ගෙන යනවා.

ඔබ ඔය කියන බොහෝ දේවල් කරන්න අපේ රටේ ජාතික ප්‍රති­ප­ත්ති­යක් නැ නේද?

ඔව් ඔබ කියන කාර­ණය හරි. විටින් විට බල­යට පත්වන ආණ්ඩු ඔවුන්ට ඕනෑ ඕනෑ විදි­යට මෙරටේ ආර්ථික, සමා­යීය, දේශ­පා­ලන කාරණා වෙනස් කර­නවා. එසේ නොව­න්නට නම් අපි ජාතික ප්‍රති­ප­ත්ති­යක් සම්පා­ද­නය කරන්න ඕන. ඒ වාගේම අපේ ආණ්ඩු ක්‍රම ව්‍යව­ස්ථා­වත් වෙනස් කරල අදට ගැළ­පෙන අපේ අන­න්‍ය­තාව සුර­කෙන ව්‍යව­ස්ථා­වක් සම්පා­ද­නය කර ගන්න ඕන.දැන් අපේ තිබෙන මෙි ව්‍යව­ස්ථාව දහ­නව වාර­යක් සංශෝ­ධ­නය වෙලා. මේ නිසා බොහෝ අව­ස්ථා­වල යම් යම් තිරණ ගන්න ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට ගිහිල්ල ව්‍යව­ස්ථාවෙ අර්ථ­ක­ත­න­යන් ඉල්ලන්න වෙලා තියෙ­නවා. මේ කට­යුතු පිළි­වෙ­ළ­කට රටට ගැළ­පෙන විදි­යට ජන­තා­වට පිළි­ගත හැකි ආකා­ර­යට සිදු කරන්න තමයි අපි මෙවර බලය ඉල්ලන්නෙ. මේ මැති­ව­ර­ණ­යෙන් ජන­තාව අපිට තුනෙන් දෙකේ බල­යක් දුන්නොත් අපේ රට අතී­තයේ තිබුණ අභි­මා­න­වත් ස්වයං­පෝ­ෂිත රටක් බවට පත් කර­නවා.

ඔබ වගේම මෙරටේ බලය ඉල්ලන අය කිය­න්නෙම ස්වයං­පෝ­ෂිත රටක් බිහි­ක­ර­නවා කිය­ලයි. නිද­හ­සින් පසු වසර 72 ක් ගෙවිල ඔබලා තව­මත් පොරොන්දු දේශ­පා­ල­න­යෙන් ජන­තාව රව­ට­නවා. අපිට පසුව නිද­හස ලැබු රට­වල් දැන් දියුණු වෙලා. කාගෙද කොහෙද වරද?

මේ තත්ත්ව­යට හේතුව අපේ රටේ කලින් කලට වෙනස් වන ආර්ථික ප්‍රති­පත්ති කිය­ලයි මම හිතන්නෙ. නිද­හ­සින් පසු අපේ රටේ හැම දෙයක්ම ජන­තා­වට නිකං දෙන්න පුරුදු කර­ගෙන තිබෙ­නවා. රටේ ජන­තාව නික­මුන් කරලා ඔවුන් කුලී­ක­රු­වන් බවට පත් කරලා පිටින් ගෙනල්ලා ඔවුන්ට කන්න දීලා. මේ නිසා රටේ නිෂ්පා­ද­නය ඇණ හිටියා. සුබ සාධ­නය තියෙන්න ඕන. ඒ මිනි­හෙක් ගොඩ­න­ඟන්න මිසක් නික­මෙක් කරන්න නොවෙයි. ඒ අනුව තමයි අපේ ආණ්ඩුව පසු­ගිය කාලේ පොහොර සහ­නා­ධා­රය ක්‍රියා­ත්මක කළේ. එම­ඟින් ගොවියා ගොවි­තැ­නට යොමු වුණා. නිෂ්පා­දන හා සේවා සඳහා අපි විවිධ සහන ලබා දීල කෘෂි­කර්ම, කාර්මික හා සේවා යන හැම අංශ­ය­කින්ම ජන­තාව නිෂ්පා­දන ක්‍රියා­මාර්ග සඳහා යොමු වුණා. කලින් කලට බලය ලබා ගන්නා අය බලය රඳවා ගන්න නොයෙක් සුබ­සා­ධන වැඩ සට­හන් ක්‍රියා­ත්මක කර­නවා. ඒ නිසා ජන­තාව හැම­දේම රජ­යෙන් ලබා ගන්න බලාන ඉන්නවා.මෙි නිසා තමයි අපිට දියුණු වෙන්න බැරි වුනේ.දැන් කොරෝනා වසං­ග­ත­යෙන් රටේ ජන­තාව ස්වයං නිෂ්පා­දන වලට යොමු වෙන ප්‍රමා­ණය වැඩි වෙලා තිබෙ­නවා. මේක රට දියුණු කරන්න හොඳ ප්‍රවේ­ශ­යක්. ජන­තාව දැන් අලු­තින් හිතන්න හා ක්‍රියා කරන්න පුරුදු වෙලා. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් ඉදිරි පත් කර තිබෙන සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන්න දැන් රටම ස්‍රදා­න­මින් ඉන්නවා. මේ මැති­ව­ර­ණ­යේදී අපිට ශක්ති­මත් පාර්ලි­මේ­න්තු­වක් හදා ගන්න ජන­තාව සහය දුන­නොත් මෙරට ආසි­යාවෙ තිබෙන දියු­ණුම රට බවට පත් කරන්න බැරි වෙන එකක් නෑ.

Comments