
කතන්දර කවි මට කියලා දුන්නා නිබඳ
හැම දරුවෙකුටම මේ වගෙ සීයලා හිමිද
ඒ ගැන හිතන විට ඔබ කෙතරම් හොඳද
ඔබ ගැන කවි කොපමණ ලිව්වත් මදි නේද
මගෙ සීයාට නිරෝගි සුව අත් වේවා
අපත් එක්ක ඔබ දිගුකල් වැජඹේවා
ඔබෙ හදවත් රෝගය සුවපත් වේවා
තරු බබෝ කියන්නට සැමදා හැකි වේවා
තරුමින්දි සඳනිමා
6 ශ්‍රේණිය ‘බී’,
නාලන්දා බාලිකා ම.ම.වි., මිනුවන්ගොඩ.