
පසුගිය දිනෙක වේලාසනින් නින්දට ගිය මම හදිසියේ ම ඇහැරුණි. ඔරලෝසුව දෙස බැලූ මම තවමත් මධ්‍යම රාත්‍රිය පසු වී නැති බව වටහා ගතිමි. මගේ මුළු නිදන කාමරයම ආලෝකවත් වී තිබුණි. මම ජනේලය ඇර බලන විට මගේ නෙත ගැටුණේ රන් තැටියක් ලෙසින් දිලිසෙන වටකුරු සඳයි. සඳ එළියට වැලිතලාවේ නේක හැඩ මවන සෙවණැලි විටෙක මගේ සිතට බියක් ද විටෙක සතුටක් ද ගෙන ආවේ ය. වත්තේ කෙළවරකින් නිශාචර සතුන්ගේ නාදය ඇසෙන්නට විය. ඒ අතර බකමූණාගේ හ්ම්... හ්ම්... නාදය මගේ සිතේ තිබූ බිය දෙගුණ තෙගුණ කළේය. එනමුදු එළියට බැස සෙල්ලම් කරන්නට තරම් ආශාවක් එසැණින් මගේ සිතට නැගුණි.
සනුකි සිතුම්යා හේරත්
8 ශ්‍රේණිය,
ජනාධිපති විද්‍යාලය,
කුරුණෑගල