රූපවාහිනිය හා ළමා ‍පරපුර | සිළුමිණ

රූපවාහිනිය හා ළමා ‍පරපුර

න‍ූතන ජන සන්නිවේදන මාධ්‍ය අතර ඇති ප්‍රබලතම වූත් නවීනතම වූත් මාධ්‍යය රූපවාහිනියයි. ළමා පරප‍ුරේ වඩාත් සිත්ගත් ජන මාධ්‍යය ද මෙයම වන්නේ ය. මේ නිසා ම ළමා පරපුරේ සංවර්ධනය උදෙසා රූපවාහිනි මාධ්‍යය මගින් ඉටු කළ හැකි කාර්ය භාරය ඉතා විශාල ය‍.

ළමා පරපුර රටක සංවර්ධනයෙහි, ජීවනාලිය වේ‍. රටේ අනාගතය පිළිබඳ හිමිකරුවෝ ද ඔවුහුමය. හෙට බිහිවන නව ලෝකය ගොඩ නගන්නෝ ද ඔවුහුමය. මේ නිසා රටේ ළමා පරපුර කෙරෙහි අප කාගේත් නොමද සැලකිල්ල යොමු විය යුතු ය. ශ්‍රී ලංකාවෙහි රූපවාහිනී සේවය ආරම්භ වූයේ ලෝකයේ සෙසු රටවල මෙම සේවය ආරම්භකර සෑහෙන කලකට පසුවය. අප රටට නම්, රූපවාහිනිය තවමත් ළදරුවෙකි. නුදුරු අනාගතයේදී සෞභාග්‍යවත් දේශයක් ගොඩනැගීමේ කාර්යයට හවුල් වන්නට අප රට රූපවාහිනිය නමැති ළදරුවා තවදුරටත් ලොකු මහත් විය යුතු ය.

ළමා පරපුරේ සංවර්ධනයට අධ්‍යාපනය තරම් බලපාන වෙනත් කාර්යයක් නොමැති තරම් ය. ඒ නිසා ම අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනියට ද විශාල මෙහෙයක් ඉටු කළ හැකිවේ. විෂය මූලික දැනුම ලබාදීමේදී මෙන් ම ළමයාගේ සදාචාර සංවර්ධනය කෙරෙහි ද රූපවාහිනි සේවය මඟින් විශාල සේවයක් ඉටු කළ හැකිවේ. මෙහිදී අප කළ යුත්තේ රූපවාහිනියෙන් ළමයා ඈත්කොට තැබීම නොව ළමයාගේ මානසික සංවර්ධනයට අත්‍යවශ්‍ය බුද්ධිමත් වැඩසටහන් ළමයාට සමීප කිරීමයි.

ප‍මෝදිනි දිව්‍යාංජනා‍ 9 ශ්‍රේණිය, 
ධර්මපාල මහා විද්‍යාලය, 
(ගම සඳහන්ව නැත)

Comments