
අපි පවුලේ සියලු දෙනාම සමඟම මඩොල් දූව බලා යෑමට පිටත් වූයේ පාන්දර පහට පමණය. මේ ගමනට මෙග් මිතුරෙක් ද එක් විය. ගමන අතරතුරදී අපි මුහුදු වෙරළේ සුන්දරත්වය විඳ ගැනීමට ද අමතක නොකළෙමු. වෑන් රිය තුළදී විස්කෝතු, හැලප, රටකජු වැනි දේ ආහාරයට ගත් අපි නොඉවසිල්ලෙන් බලා සිටියේ මඩොල් දූවට ළඟා වන තුරුය.
පස්වරු එකට පමණ අපි බෝට්ටුවක ආධාරයෙන් මඩොල් දූවට පිවිසියෙමු. එය කුඩා දූපතකි. බෝට්ටුවේදී තාත්තා අපට කඩොලාන ශාක පිළිබඳ බොහෝ දෑ කියා දුන්නේය.
මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල් දූව කෘතියේ රසබර සිද්ධීන් සිතුවම් පටක් සේ මට මැවී පෙනෙන්නට විය. උපාලිත්, ජින්නාත් මගේ මතකයට පිවිසියේ නිමේෂයකිනි. අම්මා ද අපට මඩොල් දූව පිළිබඳ බොහෝ තොරතුරු කියා දුන්නාය. පැය හතරකින් පමණ අපි දූපතෙන් පිටතට පැමිණියෙමු.
නිවෙසේදී සකසාගත් දිවා ආහාරය ගසක් යටට වී රස බැලූ අපි මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය නැරඹීමට ද ගියෙමු. එහි අලංකාරය කියා නිම කළ නොහැකිය. එහිදී කෞතුක භාණ්ඩ රාශියක්ම දැක මවිතයට පත්වූ අපි ටික වේලාවක් එහි ගතකර වෑන් රියට ගොඩ වූයේ නිවහන බලා යෑමේ බලාපොරොත්තුවෙනි.
ආර්.එම්. සශ්මික ප්‍රභාෂ්වර
6 ශ්‍රේණිය ‘ඊ’,
නාලන්දා විද්‍යාලය,
කොළඹ 10