සොබාදහම් මවගෙන් ලද අපූර්වතම දායාදයක් වන මම උස් කඳු මුදුනින් උපත ලබන දිය පොදක් වෙමි. අඟර දඟර දමමින් සොබා මාතාවගේ තුරුලේ අසිරිය විදිමින් මම නදී කොමළියක වෙස් ගනිමි. දහසක් බාධක ද මිනිසුන්ගෙන් එල්ල වන ගැහැට ද සමසිතින් ඉවසා පරිසරයට යුතුකම් ඉටු කරමි.
ඉඳහිට හමුවන ගල් පරයක හැපී ගමන වෙනස් කළ ද නොනැවතී ගලන ගඟක් වෙමි. මා තුරු හිස් සමඟ ගැටෙන මදනල සංගීතයට හා මිහිරි කුරුලු ගී හඬට මම බොහෝ ප්‍රිය කරමි.
එම්. එම් අචිනි සංදීපා
9 ශ්‍රේණිය
කුඩා කුසුම් බාලිකා විද්‍යාලය
බණ්ඩාරවෙල