
කව් ලැකියේ නැති අනික් නාසික්‍ය අක්ෂරය ඤ-යන්න යි. ඒ අක්ෂරය සහිත තද්ධිත පද සමහරක් සිංහල කව් ලැකියට එන විට ඒ නාසික්‍යය වෙනුවට න-යන්න යෙදිණ.
ලෙව්ලැකිය කව්ලැකිය
ඤාණ නැණ
ඤාති නෑ
පඤ්ඤා පැණ
පඤ්ඤාසීහ පැණසිහ
ඤ-යන්නට පූර්වයෙන් අල් ජ-යන්න යෙදීමෙන්
ඥ-යන බැඳි අකුර සැදිණ.
ජ්-ඤ, ඥ
ඥ-යන බැඳි අකුර ද කව් ලැකියෙන් ගිලිහිණ.
ඒ වෙනුවට න-යන්න යෙදිණ.
ලෙව්ලැකිය කව්ලැකිය
ඥාන නැණ
ඥානාක්ෂි නැණැස
ඥානාලෝක නැණලු
ඥාති නෑ
ප්‍රඥා පැණ
ප්රඥාක්ෂි පැණස
විඥාන විනැණ
සංඥා සන්