කව් ලැකියේ නැති ඤ-යන්න | Page 2 | සිළුමිණ

කව් ලැකියේ නැති ඤ-යන්න

කව් ලැකියේ නැති අනික් නාසික්‍ය අක්ෂරය ඤ-යන්න යි. ඒ අක්ෂරය සහිත තද්ධිත පද සමහරක් සිංහල කව් ලැකියට එන විට ඒ නාසික්‍යය වෙනුවට න-යන්න යෙදිණ.‍

 

 

 

ලෙව්ලැකිය කව්ලැකිය

ඤාණ නැණ

ඤාති නෑ

පඤ්ඤා පැණ

පඤ්ඤාසීහ පැණසිහ

ඤ-යන්නට පූර්වයෙන් අල් ජ-යන්න යෙදීමෙන්

ඥ-යන බැඳි අකුර සැදිණ.

ජ්-ඤ, ඥ

ඥ-යන බැඳි අකුර ද කව් ලැකියෙන් ගිලිහිණ.

ඒ වෙනුවට න-යන්න යෙදිණ.

ලෙව්ලැකිය කව්ලැකිය

ඥාන නැණ

ඥානාක්ෂි නැණැස

ඥානාලෝක නැණලු

ඥාති නෑ

ප්‍රඥා පැණ

ප්‍රඥාක්ෂි පැණස

විඥාන විනැණ

සංඥා සන්

Comments