
අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද ජාතික උත්සවයකි. අලුත් අවුරුද්ද ළඟා වන විට පරිසරය වෙනස් වේ. කොහාගේ නාදයත් සමඟ එරබදු ගස්වල මල් පිපී පරිසරයම රතු පාටින් වර්ණවත් වේ. ගස් ඵලබර වේ.
සිංහල මෙන් ම දෙමළ ජනයා ද ඔවුන්ට අනන්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් මේ උත්සවය සැමරූහ. සිංහල සිරිත් විරිත් අතර නව සඳ බැලීම, පරණ අවුරුද්ද සඳහා ස්නානය, අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම, ආහාර අනුභවය, බුලත් දී වැදීම, හිසතෙල් ගෑම හා රැකී රක්ෂා සඳහා පිට වී යෑම ප්‍රධාන තැනක් ගත්තේ ය.
එමෙන් ම අලුත් අවුරුද්දේ මුල් තැන ලැබුණේ ළිප ගිනි මෙළවීම, වැඩ ඇල්ලීම හා ආහාර අනුභව කිරීමට ය. එමෙන් ම අවුරුදු කාලයට යාළු මිත්‍රයන්, නෑදෑයන්, අසල් වැසියන් එක්ව සහයෝගයෙන් ජන ක්‍රීඩා, අවුරුදු උත්සව පවත්වයි. ඒ නම් කැට ගැසීම, පන්දු ගැසීම, එල්ලේ ගැසීම, පොර පොල් ගැසීම, කඹ ඇදීම, ලිස්සන ගස් නැගීම, වළකජු ගැසීම, පංච දැමීම, ඔළිඳ කෙළිය, ඔංචිලි පැදීම යනාදියයි. එමෙන් ම ළමයි විනෝදය සඳහා රතිඤ්ඤා, නිලා කූරු, මල් වෙඩි, බඹර චක්කර පත්තු කරති.
අම්මලා, අත්තම්මලා එකතු වී විවිධ කෑම වර්ග සාදති. කොකිස්, කැවුම්, අතිරස, අලුවා, අග්ගලා, නාරං කැවුම්, කේක්, පැණි වළලු වැනි රස කැවිලි ය. මේ නිසා සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු සහයෝගීතාවේ ප්‍රධාන පුරුකක් ලෙස හැඳින්විය හැකිය.
ලක්දිනි සංචනා
8 ශ්‍රේණිය,
දේශාස්ත්‍ර බාලිකා විද්‍යාලය,
කළුතර.