රෑට නිදන ගස් | සිළුමිණ

රෑට නිදන ගස්

මාර, සිය­ඹලා, කතු­රු­මු­රුංගා, තෝර, කටු එර­මුදු, නිදි­කුම්බා මේ ගස් රෑට නිදි යන­වා‍ ­අපි දැකලා තියෙ­නවා. ඒ කියන්නේ කොළ හැකි­ළිලා පහ­ළට කඩා වැටිලා තියෙ­නවා‍. හරි පුදු­ම­යකි. ඉර බැස යන­වාත් සම­ඟම මේ ගස් නිදා වැට­නවා අපි දැක ඇත්තෙමු.

අපි සොයා බලමු මේ ගස් එහෙම නිදි­යන්නේ කොහො­මද කියලා. මේ ගසක අත්තක් කපල පැත්තක තබා බැලු­වොත් දවල්ට වුණත් මේ අතු නිදා වැටීම සිදුවේ. අපි කෑමට ගන්නා කතු­රු­මු­රුංගා අතු ගෙදර ගේන කොට හැකි­ලෙ­නවා. රාත්‍රි­යට නිදා­ගන්නා සෑම ගහ­කම කොළ ගහට සම්බන්ධ වන තැන ගැට­යක් වගේ තිබෙ­නවා. එයට කියන්නේ ‘උප­ධා­නය’ කියලා. මේ උප­ධාන ජල­යෙන් පිරු­ණම පිම්බෙ­නවා. දැඩි වෙනවා. කොළ දිග හැරෙන්නේ එත­කොට තමා.

උප­ධා­න­වල ඇති ජලය ඉවත් වන­විට උප­ධාන ඉබේ­ටම හැකි­ලෙ­නවා. අන්න ඒ මොහොතේ තමා කොළ හැකි­ලිලා ගස් නිදා ගන්නේ. මේවා මේ විදි­හට හසු­රු­වන්නේ මේ ගස්වල ඇති රසා­ය­නි­ක­යක් නිසා ය. ඒවාට කියන්නේ ඔක්සින (Auxin) කියලා. රෑට නිදන ගස්වල කථාව මෙයයි.

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
7 ශ්‍රේණිය සී,
කේරි විද්‍යා­ලය,
කොළඹ 08.

Comments